Thursday, April 23, 2020

ශ්‍රී ධීරානන්ද විද්‍යායතන අථත්‍ය පාසැල

--------------------
මේ ලිපිය ලියන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හේතුවෙන්.
මේ වන විට ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් අධ්‍යයන අධ්‍යාපන කටයුතු ඉතා විධිමත් අයුරින් සිදුවේ. එය සිදු වන ආකාරය පිළිබද සරල විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරමි.
අප පාසැලේ දෙමාපියන් බහුතරයකගේ පවුල් පසුබිම සලකා බැලූ අප ඔවුන් සම්බන්ධ කරගත හැකි පහසුම මග ලෙස වට්ස්ඇප් සමූහ සෑදිමට තිරණය කලෙමු.
සියලුම ශ්‍රේණි සදහා වෙන වෙනම සමූහ සාදා පන්ති භාර ගුරුවරු විෂය භාර ගුරුවරු එහි ඇඩ්මින් ලෙස යොදා සිසුන් ඇතුලත් කලෙමු.
සියලුම සමූහ සදහා පරිවේණාධිපති හිමි සහ නියෝජ්‍ය පරිවේණාඩිපති හිමිවරු ඇතුලත් කල අතර එමහින් සියලු කටයුතු ඔවුන් හරහා අධීක්ෂණය වේ.
ගුරු රැස්වීමක් කැදවා ගුරුවරුන් ට කරුණු පැහැදිලි කර හැකියාව ඇති අයගේ මූලිකත්වය ඇතිව අනිත් ගුරුවරුන් පහුණු කරන ලදි.
කාල සටහනක් සකස් කර දිනකට එක් පන්තියකට උදය වරුවට සහ සවස් වරුවට බැගින් ගුරුවරු දෙදෙනෙක් යෙදෙන පරිදි සකස් කරන ලදි.
අදාල ගුරුවරු සමූහ තුල අදාල කාල සීමාවේදී ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. එ සදහා ඔවුන් Text Massages, Voice massages, images video ආදිය උපයෝගි කර ගනු ලබයි.
සියලුම පන්ති වල ඉගැන්වෙන පාඩම් වෙන වෙනම බ්ලොග් පෝස්ට් ලෙස එකතු කරනු ලබයි. ශිෂ්‍යයෙකුට ඕනැම පන්තියක ඔනැම දිනයක් තෝරා එදින ඉගැන්වූ විෂය හා සම්බන්ධ වීමට කටයුතු කිරිමට හැකියාව ඇත.
මේ වෙනුවෙන් බ්ලොක් ලියන්නන් කණ්ඩාමක් මුල සිටම පුහුණු කල අතර දැකට එම කණ්ඩායමේ විද්‍යායතනයේ ගුරුවරු, දෙමාපියන්, ආදිශිෂ්‍යන් වෙනත් බාහිර උදව් කරන අයගෙන් සමන්විත වේ. ඔවුන් ගුරුවරුන් විසින් වට්ස්ඇප් සමූහ තුල උගන්වන පාඩම් එකතු කර බ්ලොග් ලිපි ලෙස සකස් කරනු ලැබේ.
සතියක් අවසානයේ නැවත ප්‍රගති සමාලෝචන ගුරු රැස්වීමක් කැදවා ගැටලු සාකච්චා කර ඉදිරි පියවර දැනුවත් කරන ලදි.
දැනට අප විද්‍යායතන පිරිවෙනෙහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 900 න් 600 ක් පමණ දෙනා අථත්‍ය පාසැලෙහි ඉගෙනුම ලබයි. විද්‍යායතන ආචාර්ය මණ්ඩලය 47 දෙනාගෙන් 35 ක් පමණ දෙනා ඉගැන්වීම් සදහා යොමුවී සිටි.
මේ දැක්වූයේ මේ දක්වා කටයුතු වල සාරාංශයයි. මේ වන විට ඉහත තත්වයෙන් පාසැල අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි තත්වයට පත්වී ඇත.
මේ සියල්ල පරි‍‍වේණාධිපති හිමියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සාමූහික එකතුවක ප්‍රතිඵලයයි

----------------
කලින් මං කිව්වේ කස කාරයෝ විතරයි කියලනේ. මේ බෙර දවුල් තම්මැට්ං එහෙම.. තව තව නැටුං ඉස්සරහට..
මේ ඒ වෙනුනේ අපගේ පර්යේෂණ යොදවන අවස්ථාවයි...
ධීරානන්ද අථත්‍ය පාසැලේ ඉගෙන ගන්නට රටේම දරු දැරියන්ට ලගදිම අවස්ථාව ලැබේවි.
එතෙක් ඉවසන්න.
----------------
ලක්ෂ්මන් තිලකරත්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ආචාර්ය
බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන
තැඹිලිගස්මුල්ල- මාකොල
2020/04/23

No comments:

Post a Comment