Tuesday, September 24, 2019

මුන්නේශ්වරම පුද බිමට


(දින තුනෙන් රට වටා ගිය ගමනේ පළමු නැවතුම්පල පිළිබද සටහන්... )

මාදම්පෙන් හලාවතට ඇවිල්ලා එතන වටරවුමෙන් දකුණට හරවලා කිලොමිටරයක්‌ දෙකක් ගියාම මුන්නේශ්වම පුද බිමට ලගා වෙන්න පුලුවන්. අපි උදේ පහයි හතලිස් පහ වෙනකොට මුන්නේශ්වරමේ.

එදා කෝවිලේ වාර්ෂික උත්සවේ අවසන් දෙවන දවස. මාසයකට ආසන්න කාලයක් උත්සව, පූජා තියෙනවා. ඒ කාලයේ බොහෝ බැතිමතුන් පැමිණෙන කාලයක්. පෙරහැර පැවැත්වෙනවා. විශේෂ පූජා පැවැත්වෙනවා. අපි එතැනට යන විටත් දේවාලය වටේ පෙරහැරකින් වැඩම කරනවන්න දේවාලයේ සිට එළියට පිළිම කිහිපයක් වැඩම කලා.



මුන්නේශ්වරම ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් විදියට. ඇත්තටම ඒක හින්දු කෝවිලක්. ඒ වුනත් හින්දු භක්තිකයින්ට බෞද්ධ පිරිස් ද බොහෝ දෙනෙක් ඒ කෝවිලට ගිහින් බාර හාර වෙනවා. පුද පූජා පවත්වනවා. මෙතන දේවාල දෙකක් තියෙනවා. එකක් මුන්නේශ්වරම ඊශ්වර ශ්‍රී පත්තින් දේවාලය සහ කාලි දේවාලය.  

අසා දැනගත් ජනප්‍රවාදය
මුන්නේශ්වරම දේවාලයේ තියෙන්නේ පත්තිනි මැණියන්‌ගේ ජීවමාන පිළිමයක් කියලයි කියන්නේ. ඒ කතාව මෙහෙමයි. මේ දේවාලය අසල වැවක් තියෙනවා. ඒ වැවේ ධීවර කටයතු කරන පිරිසකට රාත්‍රියේ කුඩා දරුවෙකු අඩන හඩක් ඇහිලා තියෙනවා. කට්ටිය එකතු වෙලා ඒ ගැන හොයන කොට කුඩා දරුවෙක් වැවේ ගිලෙන්න යනවා දැකලා තියෙනවා. ඒ ධීවරයෝ ඔරුවකින් ගිහින් ඒ දරුවාව බේරාගෙන තියෙනවා. ඒ දරුවා වඩාගන්නවාත් සමගම රන් පිළිමයක් බවට පත්වෙලා තියෙනවා. මුන්නේශ්වරම මහ දේවාලයේ ගල් පිළිම ගෙයි අදටත් තැන්පත් කරලා තියෙන්නේ ඒ රන් පිලිමයයි.

ඊශ්වර දේවියන් වෙනුවෙන් ලංකාවේ කෝවිල් 5 ක්
ඊශ්වර දෙවියන් උදෙසා ලංකාවේ කෝවිල් පහක්‌ (05) ඉදි කොට ශිව ලිංගම් තනා තිබෙනවා. මුන්නේශ්වරම් (හලාවත) තිරුකෝනේශ්වරම් (ත්‍රිකුණාමලය) තිරුකේතීශ්වරම් (මන්නාරම), නගුලේෂ්වරම් (යාපනය), තාන්තොන්ඩිශ්වරම් (මුලතිව්) යනුවෙන් තනා ඇති මෙම දේවාලවල වාර්ෂික මංගල්‍ය පවත්වනවා. මෙම දේවාලවලට ලක්‍ෂ ගණන් බැතිමතුන් පුද පූජා පැවැත්වීමට එනවා.

ශ්‍රී මහා බද්‍රකාලි  අම්මාන් කෝවිල
මුන්නේශ්වරම මහ දේවාලය අසලම පිහිටි පැරණි කෝවිලක්. දෛනිකව පුද පූජා පැවැත්වෙන බොහෝ බැතිමතුන් පැමිණෙන පුද බිමක්. මෙම පුද බිම කෙතරම් පැරණිද යන්න මෙහි ඇති ඉතා පැරණි කලුවර ගසක් සාක්ෂි දරනවා.





ශ්‍රී පුෂ්පාරාමය (තුමුලසෝම මහ පිරිවෙන )

මුන්නේශ්වරම කෝවිල අසලම පිහිටි පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාමය. ඇත්තටම අතීතය බැලුවොතින් පන්සලේ පිහිටි දේවාලයක් තමයි මේ කෝවිල. දැන් ගොඩක් අය මුල් තැන දෙන්නේ කෝවිලට. 
මුන්නේස්රමේ තුමුලසෝම පිරිවෙන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් .දඹදෙනි යුගයේ රජකල පැරකුම්බා රජතුමාගේ දරුවෙකුට චර්ම රෝගයක් වැලදීම නිසා මුලසෝම විහාරයේ වූ මුලසෝම දේවාලයට බාරයක් වූ බවත් එය සුව වීම නිසා රජතුමා විසින් මෙම දේවාලයේ පුද  පූජා පැවැත්වීම බමුණන්ට බාර දුන් බවත් ඉහිහාස කතා වල කියවෙනවා. වර්තමානයේ විහාරස්ථාන භූමියේ කැණිම් වලින් සොයාගත් ගල් පිළිමයක්, ගල් කණු , නෙලුම් මලක් වැනි දැ පවතිනවා. පින්තුරයේ දකින්නට තියෙන සුවිසල් බුද්ධ මන්දිරයේ ඇතුලට යන්නට අවස්ථාව තියෙනවා. මේ වෙනවිට මෙම විහාරස්ථානයේ මහ පිරිවෙනක් ක්‍රියාත්මක වෙනවා.





6 comments:

  1. ලක්ෂ්මන් හින්දු ජාතිකයෙක්ද?

    රංග තේනුවර

    ReplyDelete
    Replies
    1. හින්දු කියලා ජාතියක් නම් නැහැ. ආගමක් නම් තියෙනවා. මම සිංහල බෞද්ධයෙක්... මම මෙතන වැඩිපුර කෝවිල් ගැන ලියලා අඩුවෙන් පන්සල ගැන ලියපු හින්ද වෙන්න ඇති එහෙම ඇහුවෙ. මටත් ලොකු ප්‍රශ්නයක් මේ පන්සල ගැන විස්තර හොයාගන්න නැති වුන එකට. පහුගිය දවස් ටිකේම උත්සහ කලා ඒ පන්සලේ හරි පිරිවෙනෙ හරි හාමුදුරුවො නමක් සම්බන්ධ කර ගන්ට. ඒත් හරි ගියෙ නැහැ. නමුත් ඒ පන්සල ගැන විස්තර හොයලා වෙනම පෝස්ට් එකක් දානවා අනිවාර්යයෙන්ම.

      Delete
    2. තවත් දෙයක්. පන්සලට ගියෙ අන්තිමට. ඒකයි අන්තිමට ලීවෙ. දන්නෙ නැත්තං තවත් දෙයක් කියන්නං, අපේ ගමන පටන් ගත්තෙ කැලණි රජමහා විහාරයෙන්, හොඳේ.

      Delete
    3. තිරුකෝනේශ්වරම් කියන්නේ පෘතුග්‍රීසීන් විනාශකල ගෝකන්න විහාරය මත ඉදිකල එකක්.
      අනිත් ඒවාත් එහෙමම වෙන්න ඇති.

      අනිත් වැදගත්ම කරුණ තමයි හින්දු ආගම යනු ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ එකතුවෙලා. මුළු ඉන්දියාවටම හරියන විදියට හදපු පොදු ආගමක්. බ්‍රාහ්මණයන්ට අවශ්‍ය වුනේ පොදු බස හැටියට සංස්කෘත කතාකරණ හින්දු ආගම අදහන චතුර් වර්ණ සිස්ටම් එක තියෙන ජාතියක් තැනීමයි.
      ඒවගේම හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරු පර්සියන්, බැබිලෝනියන් සම්භවයක් ඇති අය බව දන්නවද? ඩිලන්ත ලියනගේ කියන පාස්ටර්වරයාගේ දේශණයක ඒ ගැන පැහැදිලි කිරීමක් තිබුනා. එනම් ඒ දෙවිවරු පර්සියන් ආර්යයන් හරහා ඉන්දියාවට ආ අය.
      දෙමළ ජාතිවාදියෝ මවලා පෙන්නන්න හදන විදියේ හින්දු ආගමක් ලංකාවේ තිබුණනම් අනිවාර්යයෙන්ම ලංකාවේ බ්‍රාහ්මණයෝ සිටිය යුතුයි.

      මෙතන වෙන්න ඇත්තේ ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන යුගවල ලංකාවට පැමිණි දෙමළුන් පැරණි දේවාල කෝවිල් කරගැණීමක්.

      Delete
  2. මං කාලයක් හලාවත බැංකුවක වැඩ.කලා.. හලාවත කුරුණෑගල පාරෙ තමා බ්‍රාන්ච් එක තිබුනේ... ඒ පාරෙම දිගට ගියහමයි මුන්නේෂ්වරම් කෝවිල තියෙන්නේ... නිතර කෝවිලට ගියා බලන්න... කෝවිල ගැන වැඩි විස්තර දැනගන්න ඕන වුනාම මම ගියා එතන ස්වාමිව හම්බවෙන්න... මම කිව්වා මට ඉන්ටර්විව් එකක් කරන්න ඕන මේ කෝවිල ගැන කියල.... එතකොට මට කිව්වා මුලින් පූජා වට්ටියක් අරන් කෝවිලව් ටේ ගිහින් දෙවියන්ට පූජා කරල එන්න, එතකොට ඉන්ටර්විව් එක කරමු කියල.... කොහොමහරි මමත් කිව්ව විදිහට කරා ඉන්ටර්විව් එකත් කරන්න ලැබුනා... ඒ ගැන පොඩියට සටහනක් ලිව්වා මම බ්ලොග් එකේ... ඔය කෝවිලට ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තව පොඩි කෝවිලක් තියෙනවා... ඒකෙ ඉන්නවා ස්වාමි කෙනෙක් එයා බාරයක් විදිහට කාත් එක්කවත් කතා කරන්නෙ නැහැ මියයන තෙක්... මුන්නේෂ්වරම් කෝවිලේ අකවුන්ට්ස් තියෙන්නෙත් මම වැඩ කරපු බැංකුවේ... ඉතින් හැම සතියෙම එනවා සල්ලි දාන්න... එනකොට අපිට පලතුරු එහෙමත් අරන් එනවා.... අගෝස්තු මංගල්ලෙට එහෙම මාර සෙනගක් එන්නේ... ඉන්දියාවේ ඉදනුත් මිනිස්සු එනවා....

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතා සත්‍යයි.....ලංකාවෙි අතීතයේ පංසල් තමයි කෝවිල් අද....මට වරමක් ආවා... ඊෂ්වර ...එකෙදි පලමුව කබලෑව සහ දෙවනුව ඉශ්වර මුන්නේශ්වරම ට යන්න තමයි ඤාති දේවතාවා කියන්නේ .....

      Delete