එදා ඉස්කෝලේ ගිහින් ගෙදර එනකොට ඇවිල්ලා තිබුන රුපියල් හත්දහස් හත්සීයක වතුර බිල දැකලා ඔලුව කොලොප්පන් වෙලා හිටිය මං කරන්නට දෙයක් නැතිව කල්පනා කර කර හිටියේ. ගෙදර ඔක්කොම ටැප් වැහුවත් එක දිගට මීටරේ කැරකෙනවා කියලා දැක්කේ ඒක බැලුවම. ඒ කියන්නේ ගෙදර කොහේ හරි වතුර කාන්දුවක් තියෙකවා.
වැඩේ තියෙන්නේ අපිට මිදුලක් කියලා හරියට නෑ.
තියෙන ටිතත් කොන්ක්‍රිට් කරලයි තියෙන්නේ. වතුර බට කොහෙන් කොහාට යනවද කියලා දෙයියෝ
තමයි දන්න්. සැක කරන්ට තැන් තුනක් විතර තියෙනවා. එක තැනක දෙහි ගහක් තියෙනවා. තව
තැනක අලිපේර ගහක් තියෙනවා. අනිත් තැන තමයි කුස්සියේ සින්ක් එකේ වතුර යන බට ලයන් එක
තියන ටික. මොකද එතන කොන්ක්‍රිට් එක බොල් වෙලා. යටින් මීයෝ හාරලා වගේ. ඒ ඔක්කොමත්
හරි නාන කාමරේ යට කොහේ හරි බටයක් කැඩිලා නම්.
මම යකඩ ඉන්නක් අරන් කුස්සියේ ඉදුල් වතුර යන බටය
තියෙන තැන පොලව කැඩුවා. මට ඉස්මුරුත්තාව හැදුනේ දැකපු දේට. කුස්සියේ ඉදුල් වතුර
ඔක්කොම වලට යන්නේ නැතිව උතුරලා ගිහින් මීයෝ හාරපු වලවල් වලට යනවා. ආපු කුණු ගඳට මට
ඔක්කාරෙට වාගේ ආවා. මම ඒක ආපහු වහලා දාලා පැත්තකට වුනා. දැන් ඉතින් මේ අවුල
ලිහාගන්ට කවුරු හරි හොයාගන්ට කියලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බැලුවා. කඩේ පැත්තට
ගිහින් බැලුවා. කවුරුත් හොයාගන්ට බැරිවුනා.
වෙලාව හවස හතට විතර ඇති. කවුදෝ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහිලා ගිහින්
දොර ඇරලා බලන කොට විමලේ අයියා. විමලේ අයියා ඇවිත් තියෙන්නේ හවස මම හැමතැනම කවුරු
හරි හොය හොය ගියා කියලා කවුරු හරි කියපු පණිවුඩේකට.
විමලේ අයියා අපිට වෙලා තිබ්බ අකරතැබ්බය බැලුවා.
හරි මං වැඩේ කරලා දෙන්නම්. එයා කිව්වා.
“දවසේ කුලිය කීයද?” මම ඇහුවා.
“අරහේ නං තුන්දාහක් දෙනවා”
“හරි. හෙට උදේම එන්ටකෝ” පහුවදා ඉස්කොල නිවාඩු හින්දා කොහොම හරි මේ ප්‍රශ්නේ
ඉවරකර ගන්ට ඔනේ හන්දා මං කිව්වා.
“මල්ලි මට රුපියල් දාහක් දෙන්න පුලුවන්ද?”
විමලේ අයියාගේ මූන දිහා හිනා වෙලා බැලුව මම
රුපියල් දාහක් එයාගේ අතේ තිබ්බා. ඒ රුපියල් දාහ මොකටද කියලා මං දන්නවා. විමලේ
අයියා කියන්නේ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. කුඩු පැකට් එකක ගාන තමයි එයා
ඉල්ලුවේ.
පහුවදා උදේම ATM එකට ගිහ මං රුපියල් දහදාහක්ම අරන් ආවේ මේ වැඩේ කොහෙන් කවදා කෙළවර කරගන්ට පුලුවන් වෙයිද දන්නෙ නැති හන්දා. උදේ හතහමාර වෙනකොටම විමලේ අයියා අපේ ගෙදර.
“අපි කොකටත් දෙහි ගහ යට ඉස්සරලම බලලා ඉමු”
“මාත් ඒක තමයි හිතුවේ. හැබැයි ඔතනින් බට දෙකක්
යනවා මං හිතන විදියට. පරෙස්සමෙන් හාරන්න වෙයි.”
උදලු තල දෙකතුනක් හාරපු විමලේ අයියා හෙමීට මගේ
ලගට ඇවිත්,
“මල්ලී, රුපියල් දාහක් දෙන්න පුලුවන්ද?”
“ආ.. මං හිතුවේ ඊයේ දාහක් ඉල්ලන් ගියේ උදේට වෙන්න
ඇති කියලානේ.”
“ඒක ගෙදර යනකොටත් ඉවරයි” විමලේ අයියා හිනා වෙලා
කිව්වා.
මගෙන් රුපියල් දාහක් ඉල්ලා ගත්ත විමලේ අයියා මං
ඉක්මනට කනත්ත පල්ලෙහාට ගිහින් එන්නං කියලා පිටත් වුනා. මිනිහා විනාඩි පහළොවකින්
විතර ආපහු ආවා. ආපු වෙලාවෙ ඉදලා මෙන්න යකා වගේ වැඩ. මෙන්න පැයක් යන්ටත් කලින් වතුර
ලීක් වෙන තැන හොයාගෙන. මට කියලා බටයි ඒ කැලි බැලි ටික ගෙන්නගෙන ලීක් එක හැදුවා.
මුල් හින්දා බටේ ඇදවෙලා අලවලා තිබුන තැන් දෙකකින් ගැලවිලා තිබුනේ.
ඊළගට එයා අත ගැහුවේ කුස්සියේ ඉදුල් වතුර යන ලයින්
එකේ ලීක් එක හදන්න. අපිට නහය වහගෙන වත් යන්න බැරි වෙන තැන කොන්ක්‍රිට් එක කඩලා
ඔක්කොම සුද්ද කරලා බට කැඩුන ඒවා හදලා හවස එක වෙනකොට සම්පූර්ණයෙන්ම කොන්ක්‍රිට් කරලාත්
ඉවරවුනා. දැන් ඉතිං මේ මනුස්සටයාට තව වැඩ ඔනේ. ඉස්සරහ රෝලර් ගේට්ටුව දාන වේලේ
තාප්පේ කොටසක් කඩන්න වුනා. මං ඇහුවා එතන කොන්ක්‍රිට් කරමුද කියලා. අඩි අටක විතර
උසට තීරුවක් දාන්න තිබුනේ. දවල්ට කාලා වැඩේ පටන් ගත්තු කෙනා දෙක හමාර විතර වෙනකොට
මෙන්න ඒකත් කරලා ඉවරයි. වටපිට බැලුවම තව කපරාදු කරපු නැති තාප්ප කෑල්ලක් තිබුනා.
මං ඇහුවා ඒකත් කපරාදු කරමුද කියලා. හරි කරමු කියපු විමලේ අයියා ලගට ඇවිල්ලා
“රුපියල් දාහක් දෙන්න පුලුවන් ද?”
“එතකොට ඔයාට දෙන්න තියන ගාන හරි නේද?”දාහේ කොලයක්
අතේ තියන ගමන් මම ඇහුවා
“හරි හරි.. මං පොඩ්ඩක් කනත්ත පල්ලෙහට ගිහින්
එන්නම්කෝ” කියපු විමලේ අයියා විනාඩි පහළොවකින් විතර ඇවිත් ඒ ටිකත් කපරාදු කරලා ඉවර
කලා හවස පහ විතර වෙද්දී. කොහොම හරි මේසෙන්
බාස්උන්නැහැ කෙනෙකුයි ගෝලයෙකුයි දෙන්නෙක් එකතු වෙලා දවස් දෙකක් කරන වැඩක් මේ
මනුස්සයා තනියෙන් එක දවසින් කලා.
වැඩ කරපු තැන් හැම එකක්ම ලස්සනට අස් කලා. අතුගෑවා.
ගත්තු උදැල්ලේ ඉදලාම හේදුවා. පිරිසිදු කලා.
“මං එහෙනං ගිහින් එන්නම්.”
තව රුපියල් සීයෙ කොල තුනක් නවලා මං විමලේ අයියගේ
අතේ තිබ්බා.
අපිට අනාගතයක් දීලා විමලේ අයියා එයාගේ එදා දවස ගත
කරලා යන්න ගියා.
විමලේ අයියා කියන්නේ දරුවො තුන්දෙනෙක් ඉන්න
තාත්තා කෙනෙක්.