මේ ඉරිදා දවසේ විහින්දිගේ තාත්තා හදිසියේම නුවර
ආච්චි සීයා බලන්න ගියා. එයා ගෙදර එනකොට ගොඩක් රෑ වෙලා. වෙලාව නවයත් පහු වෙලයි
තිබුනේ. තාත්තා, ආචිචි සීයා බලන්න ගියාම ගොඩක් දේවල් අරන් එන හින්ද විහින්දි
කොහොමත් මග බලාගෙනයි හිටියේ. කවදාවත් නැති තරම් ගොඩක් ජාති එදා විහින්දිට එවලා
තිබුනා ගමේ ආච්චි සීයා විතරක් නෙවෙයි තව මාමලා නැන්දලා කීප දෙනෙක්ම. කාම්බරංගා,
අලිගැටපේර, රඹුටන්, දූරියන්, කෙසෙල් විතරක් නෙවෙයි තව චොකලට් එහෙමත් එදා අරගෙනයි
තාත්තා ගෙදර ආවේ. විහින්දි යි ගෙදර අනික් අයයි තාත්තා ගෙනාපු දේවල් වලට වග කියන
අතරේ තාත්තා ඇගපත හෝදගෙන කාල එහෙම ඉවර වෙලා විහින්දි ලගට ආවා.
“දුවේ. Book fair යමුද?
පොත් ටිකක් අරන් එන්න”
“ශා... නියමයිනේ. Big Bad wolf නේද? අනේ යමුකෝ”
“අම්මේ..... තාත්තා Big Bad Wolf යන්න කතා කරනවා.. යමුකෝ....” විහින්දි කෑ ගැහුවා.
වෙලාව රෑ දහටත් කිට්ටුයි. පොත් ප්‍රදර්ශනය දවල්
රෑ දෙකේම තියෙන හින්දා මේ වෙලාවෙ යන එක තමයි ටිකක් නුවණට හුරු.
Big Bad Wolf කියන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක්.
මේ වතාවේ පොත් මිලියන එකහමාරක් ම අලෙවියට තියෙනවා කියලා තමයි සංවිධායකයෝ කියන්නේ.
තියෙන්නේ ඔක්කෝම ඉංග්‍රීසි පොත්. පොඩි අයට ලොකු අයට තරුණ අයට විවිධ විවිධ විෂයන්
වල විවිධාකාරයේ පොත් ගොඩාක් තියෙනවා ගොඩක් අඩු මිලට. ඒවට ගොඩක් ම වට්ටම් එක්ක ගන්න
පුළුවන්. මේ සැරේ ප්‍රදර්ශනය පටන් ගත්තේ පසුගිය පූනි 28 වෙනිදා. එදා ඉදලා ජූලි 8
වෙනිදා වෙනකන් එක දිගටම දවල් රෑ නැතුව මේ ප්‍රදර්ශනය තියෙනවා. තියෙන්නේ කොළඹ
කොටුවේ ලේක් හවුස් එක ළග තියෙන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ.
“තාත්තේ සැප්තැම්බර් මාසේ BMICH එකේ
පොත් ප්‍රදර්ශනයටත් යනවානේ. අනික මේ දවස්වල මට වාර විභාගයත් තියනවා නේ. ඒ හින්ද මට
පොත් ගොඩක් කියවන්න වෙලාව නැහැ. මට පොත් තුනක් හතරක් අරන් දෙන්න ඒ ඇති”
විහින්දි කොහොමත් සැප්තැම්බර් Book fair එකේදි හැම අවුරුද්දෙම වාගේ එයාගේ අම්මට ලොකු බිලක්
දානවා.
පින්තූරය - www.sundaytimes.lk ඇසුරින් |
කොහොම හරි කට්ටිය ලෑස්ති වෙලා එතන්ට යනකොට රෑ දහය
හමාරට විතර ඇති. අපෝ.. මෙච්චර රෑ වෙලත් ඉන්න සෙනග. පොත් ගන්න රෑට එන එක ලේසියි
කියලා ගොඩක් අය දන්නවා. එතන පොත් ගන්න යන්න තියෙන්නේ සුපර්මාර්කට් යනවා වගේ ට්‍රොලියක්
තල්ලු කරගෙන. සමහරු ට්‍රොලි පිරෙන්නම පොත් අරන්.
විහින්දි නං පොත් ගොඩක් ගන්න ආවේ නැති හින්දා ට්‍රොලියක්
ගත්තේ නැහැ. එයා ඒත් හැම පොත් ගොඩක්ම වගේ පීරලා බැලුවා. එයා විශ්ව කෝෂයකුයි, තව
කතන්දර පොත් කීපයකුයි තෝරාගත්තා. පැය දෙකක් විතර පොත් ගොඩවල් අතරේ හිටපු එයාලා
තෝරගත්තු පොත් ටික අරන් බිල් ගෙවන කවුන්ටරයට ගියා.
විහින්දිගේ තාත්ත පොත්ටිකයි එයාගේ බැංකු කාඩ්
එකයි එතන හිටපු අක්කට දුන්නා. එයා බිල හදලා ඉවර වෙලා තාත්තගේ කාඩ් එක එතන තිබුන
මැෂින් එකට ඇතුල් කලා. එතකොට තමයි එයා අමාරුවේ වැටුනේ. ඒ අක්කා දෙතුන් පාරක්ම කාඩ්
එක අරන් ආපහු දැම්මා. මොකක් හරි අවුලක් වගේ පෙනුනා. එයා ඒක වෙන මැෂින් එකකට
දැම්මා. මූන ඇඹුල් කරගෙන ඒ දිහා බලන් හිටියා. එතකොට එතන්ට ආපු තව අක්කා කෙනෙක් ඒක
බලලා එයාට දෙයක් කියලා දුන්නා.
පින්තූරය - www.sundaytimes.lk ඇසුරින් |
“ මේක pin එක
ගහන්න ඕනේ කාඩ් එකක්”
“එහෙමත් ඒවා තියෙනව ද”
“ඔව් සමහර ඒවා එහෙම තියෙනවා” අක්කලා දෙන්නා බරටම
ඉංගිරිසියෙන් කතා වෙනවා විහින්දි අහගෙන හිටියා. ඒ අක්කා මැෂින් එක තාත්ත අතට දීලා pin
අංකය ගහන්න කියාලා බිල දාලා දුන්නා.
මේක වෙන්ට පුළුවන් දෙයක්ද? ඒ කැෂියර් එකේ හිටපු
ළමයාට ඒ විදියේ කාඩ් එකක් මීට කලින් හම්බ වෙලා නැහැ කියන්නේ ලංකාවේ ගොඩක් අය තාම
පාවිච්චි කරන්නේ ගොඩක් පරන කාඩ් ක්‍රමය කියන එකනේ. සාමාන්‍ය පැරණි බැංකු කාඩ් පත්
වලදී ATM එකකින් මුදල් ගනිද්දි pin නම්බර් එක ගහන්න ඕනේ වුනාට කඩේකින් බඩු ගන්කොට
මොකුත්ම අංක ගහන්න ඕනේ නැහැ. ඒ හින්දා තමයි කාඩ් පතක් නැති වුනාම ඒක ගත්තු කෙනෙකුට
ඕනෙම සුපර් මාකට් එකකින් හරි කාඩ් ගන්න ඕනෙම තැනකින් බඩු ගන්න පුළුවන් වෙලා
තියෙන්නේ. ඉතිං කාඩ් එක නැතිවෙලා කියලා දැනගන්න කට්ටියගේ බොකු බඩවැල් උණු වෙන්නේ
මේ වැඩේ හින්ද. ඒත් sim and pin තියන කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙකුට එහෙම බය
වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. සල්ලි ගන්න වුනත් බඩු ගන්න වුනත් හැම වෙලාවෙම pin
අංකය දෙන්න ඕනේ හින්ද කාඩ් එක විතරක් ගත්තු
කෙනෙකුට වැඩක් ගන්න අමාරුයි.
“එතකොට ඉන්ටනෙට් එකෙන් ගෙවන වෙලාවට?”
e-bay වලින් මොනවා හරි බඩුවක් ගෙන්නන කොට හරි
අන්තර්ජාලය හරහා වෙන වතුරබිලක් ලයිට් බිලක් හරි වෙන මොනවා හරි ගෙවීමක් කරන්න ඕනේ
වුනාම කාඩ් නොම්බරය තියනවා නම් ඒක කරන්න පුළුවන්.
විහින්දිගේ තාත්තගේ කාඩ් එකට නම් ඒ ප්‍රශ්නෙත්
නැහැ. එයා බැංකුවට කතා කරලා OTP සේවාව ක්‍රියාත්මක කරලයි තියෙන්නේ. OTP කියන්නේ One Time Password කියන එක. ඒ කියන්නේ එක වරක් පමණක් පාවිච්චි කරන්න
පුළුවන් පාස්වර්ඩ් එකක්.එයා අන්තර්ජාලය හරහා ගෙවීමක් කරන්න නොම්බරය ගහන හැම
වෙලාවෙම ඒ වෙලාවේ පාවිච්චි කරන පාස්වර්ඩ් එක එයාගේ ෆෝන් එකට SMS එකකින් එනවා. ඒ පාස්වර්ඩ් එකත් එකපාරක් විතරයි
පාවිචිච්චි කරන්න පුළුවන්. ඒ හින්ද කාටවත් කාඩ් අංකයයි පාස්වර්ඩ් එකයි දෙකම
තිබ්බත් කාටවත්ම වැඩක් ගන්න බැහැ.
මේ සේවාවන් දෙකම කාඩ්පත අදාල බැංකුවට කතා කරලා
සක්‍රිය කරගන්න පුළුවන් ඒවයි. ඒත් ගොඩක් අය ඒ වගේ දේවල් දන්නේවත් නැති පාටයි.
පොත් අරගෙන එළියට ඇවිල්ලා එතන තිබුන කෑම කඩේකින් “කෝත්තු-කොත්තු”ත්
කාලා කට්ටිය ගෙදර එනකොට පාන්දර එකත් පහුවෙලා. පහුවදා නෙවෙයි එදාම තව ටිකකින්
ඉස්කෝලේ යන්නත් තියෙනවා. ගෙදර ඇවිල්ලා නිදාගත්තා නෙවෙයි නින්ද ගියා හැමෝටම.
ගොඩක් හොඳ ආදර්ශමත් කාතාවක්...
ReplyDeleteවැදගත් තොරතුරක් රැගත් පෝස්ටුවක්. අදයි දැක්කේ ඕං ආවා
ReplyDeleteප්‍රවීණයෙකුගේ සම්ප්‍රාප්තිය.. සාදරයෙන් පිළිගනිමු.
DeleteI've gone through every story that you have published here in this blog. Fantastic and excellent. Keep it up. Waiting for the next story
Deleteබ්ලොග් එකට ගොඩවුන පලවෙනි වතාව... බ්ලොග් රෝලට එකතුකර ගත්තා...
ReplyDeleteබොහොමත් ස්තුතියි
DeleteLight a candle better than curse of the darkness...highly appreciated your concept......thanks..
ReplyDeleteNice story
ReplyDeleteපින් සහ OTP සිස්ටම් එක බොහොම සාර්ථකව පාවිච්චි වෙනව දියුණු රටවල. ණයපත් හොරකම් වලට වැට බදින්න හොද ක්‍රමයක්
ReplyDelete