Monday, March 14, 2022

කූඩුව ඇතුලෙ ඉන්න කුරුල්ලන්ව පොටෝ ගහමු

සත්තුවත්ත වගේ තැනකට ගියාම දැල් කූඩුවක් ඇතුලේ ඉන්න කුරුල්ලෝ වගේ සත්තු පින්තුර ගන්න ගියාම ටිකක් අමාරුයි. අපි කොච්චර උත්සහ කලත් අපේ ඇහැට කුරුල්ලෝ පෙනුනත් පින්තූරයක් ගත්තම පේන්නේ කොටු දැල තමයි පැහැදිලිව.


ඉතිං මේ ගැටලුව මග ඇරගෙන පින්තූරයක් ගන්න හැටි තමයි මම මේ කියන්න හදන්නේ. පහුගිය දවසක මගේ යාලුවෙක් එක්ක වොටර් වර්ල්ඩ් එකට ගිහාම මට මේ ගැටලුව ආවා. ඉතිං මම එතනදි කරපු විදිය තමයි මේ කියන්නේ.


මුලින්ම ලෙන්ස් එකේ switch එක  manual focus (MF) පැත්තට ගෙනියන්න. එයින් පස්සේ ලෙන්ස් එකේ තියන පොඩි ring එක කරකවන්න පුලුවන් වෙනවා. දැන් අපිට කුරුල්ලව පැහැදිලිව පේන විදියට ඒක කරකවලා ගන්න වෙනවා. මෙතනදි වඩා හොද පින්තුරයක් ගන්න නම් කැමරාව දැල ආසන්නයට ගන්න වෙනවා වගේම කුරුල්ලා දැලෙන් වැඩියෙන්ම දුරින් ඉන්න වෙලාවක් තෝරා ගන්න වෙනවා.

ඒ විදියට ගත්තු පින්තූර ටිකක් තමයි පහලින් තියෙන්නේ.