Thursday, August 15, 2019

කෝට්ටේ අතීත ප්‍රෞඪත්වය දෑස් මානයට

පිටකෝට්ටේ බංගලාහන්දියේ පිහිටි  ඊ.ඩබ්.පෙරේරා  අනුස්මරණ කෞතුකාගාරය කෝට්ටේ යුගයේ තොරතුරු එක්තැනකදී හමුවන ස්ථානයක් ‌‌මෙන්ම කෝට්ටේ යුගය පිළිබද වූ සුවිශේෂී කේන්ද්‍රස්ථානයකි. මුල් කාලයේදී ඊ.ඩබ්. පෙරේරා මහතාගේ පෞද්ගලික නිවාසය වූ මෙම ගොඩනැගිල්ල පසු කලෙක එතුමා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරන ලදී.


ප්‍රකට නීතීඥවරයෙකු  ‍ඊ.ඩබ්. පෙරේරා මහතා එකල ප්‍රබල සමාජ සේවකයෙක්ද විය. කෝට්ටේ රාජධානි පරගැත්තන්ගෙන් නිවහල් රාජධානියක් බවට පත් කරලීමට අති විශාල කැප කිරීමක් කළ පෙරේරා මහතා "කෝට්ටේ සිංහයා" යන විරුදාවලියෙන් පිදුම් ලද්දෙකි. දහනව සියවස අගභාගයට අයත් සේ සැලකෙන මෙම ඊ.ඩබ්.පෙරේරා අනුස්මරණ කෞතුකාගාර ගොඩනැගිල්ල වර්තමානයේදී කෝට්ටේ ඉතිහාසය සදහා වූ මූලාශ්‍ර හා තොරතුරු ඇතුළත් පුරාවිද්‍යා කෞතුකාගාරයක් ලෙස භාවිත වේ. පැරණි කාසි, පැරණි කැටයම් සහිත පුවරු, පුරාණ ආයුධ, භාජන, ආභරණ හා ඉදිකිරීම් සාධක මෙහි කෝට්ටේ යුගයේ ඉතිහාසය මනාව පිළිබිඹු කරන පුරාවස්තු වේ.


කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති පුරාවස්තු අතර ඊ.ඩබ්. පෙරේරා මහතාගේ උපාධි ලෝගුව, අත් බෑගය හා තොප්පිය වැනි බොහෝ දෑ ඉතා ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇත. තවද ඉංග්‍රිසි යුගයෙහි කෝට්ටේ රාජධානියෙ තුළ භාවිත වූ කොඩි, තුවක්කු, කඩු, කිණිසි ආදියද මෙහි දකිනට ඇත.

කෝට්ටේ යුගයේ අතීත ප්‍රෞඪත්වය මැනවින් සුරක්ෂිත කිරිම අරමුණු කර ගත් මෙම කෞතුකාගාරය ශ්‍රී ලාංකික හෙළ අභිමන් ලොවට කියා පාන්නට දරන වෑයම අති මහත්ය.                                                                                                                                                

6 comments:

  1. පහුගිය දවසක විහින්දිගේ මල්ලි ඒ කිව්වවේ එයාගේ පුංචි අම්මගේ පුතා විහින්දිලා ගෙදර ආවා. විහින්දිත් මීට කලින් ගිහින් නැති දෙන්නටම වැදගත් වෙන තැනකට යන්න අක්කටයි මල්ලිටයි අවස්ථාව ලැබෙනවා. ඒ ගමනෙන් පස්සේ තමයි විහින්දි මේ කෝට්ටේ ‌කෞතුකාගාරය ගැන ලිපිය ලියන්නේ..

    ReplyDelete
  2. බෙහෝ කලකට පෙර ඔය ස්ථානය නරඹලා තියේනවා. කොට්ටේ ගැන ලියවුනු හොද විස්තරයක් තියෙනවා ප‍්‍රවින සිනමාවේදි තිස්ස අබේසේකර මහත්මයාගේ අයාලේ ගිය සිතක සටහන් පොතේ. කබොක් ගලින් බැදි කොටු පවුර පෞද්ගලික ඉඩම් වලට සින්න වෙලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අනුරාධපුර , පොලොන්නරුව රාජධානි වල නටබුන් තාමත් ශේෂ වෙලා තියෙනවා. කොට්ටේ රජධා⁣නියෙ ශේෂ විනාශ වෙන්න එය වර්තමානයේ නාගරික ප්‍රදේශයක් වීමත් බලපාල තියෙනව. ස්තුතියි අදහස් දැක්වුවාට

      Delete
  3. කෝට්ටේ රාජධානිය වටා ඉදි කර තිබූ පෞරාණික කොටු බැම්මේ දැනට ශේෂ වී ඇති එකම කොටස වශයෙන් සැලකිය හැකි කොටස කොටු බැම්ම පාරේ ජී ජී යූ සමන් කුමාර මහතාගේ නිවස පිහිටි භූමියට යාබදව පිහිටා ඇත. කොටු බැම්මේ මෙම කොටස හැර ඉතිරි සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ බැම්ම මත සහ ඒ ආශ්‍රිතව ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් ය. පුරාවිද්‍යාත්මක වැදගත්කම ක් ඇති මෙවැනි ස්ථාන සංරක්ෂණය කර අනාගත පරපුර වෙනුවෙන් රැක ගනීම අප සියලු දෙනා මත පැවරී ඇති අනිවාර්ය වගකීමක් සහ යුතුකම කි. පෙර සදහන් කළ ඓතිහාසික කෝට්ටේ රාජධානියේ දැනට ඉතිරි වී ඇති කොටු බැම්මේ කොටස මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම සදහා සමන් කුමාර මහතා පුද්ගලිකව දරණ උත්සාහය සහ කැපවීම ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුය

    ReplyDelete
    Replies
    1. නැහැ තවත් එක කොටසක් බංගලාව හංදියේ නව Prime lands තට්ටු නිවාස සංකිර්ණ දකුණු පසින් පිහිටා තිබෙනවා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සත් ඉඩම් කොටසක එය නාරබීමත පහසුවෙන්ම යා හැක්කේ Prime lands car park එක තුළින්ගමන් කිරීමෙනි එහි නඩත්තුවත් හොදින් තියනවා

      Delete