Friday, April 17, 2020

කොරෝනාට බෑ මාව වට්ටන්න...

(මේකේ ගන්න තියන දෙයක් තියෙනවා නං අරගන්න. ලොකුකමක් නෙවෙයි. හිතන්ට දෙයක්.. )


1. මම පිරිවෙන් ගුරුවරයෙක්. පාසැල් වහලා හින්දා ඉගැන්වීම් කටයුතු කරන්න විදියක් නැහැ. ඒත් අපිට රජයෙන් වැටුප් ගෙවනවා. ඒවා අරන් ගෙදරට වෙලා ඉන්න නෙවෙයි. ගෙදරට වෙලා වැඩ කරන්න කියලා. ඒ හින්දා මම අපේ පාසැල virtual හැදුවා. ළමයි 900 ක් හිටපු ඉස්කෝලේන් දැන් ළමයි 480 ක් ඉන්න ඉස්කෝලයක් අපිට තියෙනවා. ගුරු මණ්ඩලය 47 න් 30 ක් විතර ඉන්නවා. ඒ කාලේ වගේම ගුරුවරු පන්ති කාමර වල කාලසටහනට වැඩ කරනවා. දරුවොත් ගෙවල් වල ඉදලා වැඩ කරනවා.
2. මම ටියුෂන් ගුරුවරයෙක් - මම කරගෙන ආව ටියුෂන් පන්ති එකක් වත් නතර කරන්නේ නැතිව කලා. මුදල් ගැන හිතුවේ නැහැ. පුලුවන් නම් මුදල් දෙන්න. නැත්තං කිසිම ගැටලුවක් නැහැ කියලා හැම පන්තියක්ම වෙනදා වගේම කලා. මට මුදල් යම් ප්‍රමාණයක් ලැබුනා.
3. මම ව්‍යාපාරිකයෙක්. මගේ කාර් එකක් පික් මි, ඌබර් දිව්වා. රියදුරෙකුත් වැඩ කලා. ඒවා නැවතුනා. ඒ හින්දා කෙනෙකුට රැකියාවයි, මගේ ආදායමයි නැවතුනා. මම කල්පනා කලා, කාර් එකක් තියාන වෙලෙන්න දාලා බලාන ඉන්න ඕනේ නැහැනේ. ඒකේ පිටිපස්සේ සීට් එක නවලා දාලා තව තට්ටු දෙකක් වෙන්න ලෑලි වලින් තට්ටුවක් ගැහුවා. දැන් ඒක කුරියර් සර්විස් එකක් හරහා කීල්ස් එකේ ඩිලිවරි යනවා.
4. මම ශිෂ්‍යයෙක් - මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මගේ පශ්චාත් උපාධිය හදාරනවා මේ දවස් වල. දැන් විශ්ව විද්‍යාලය ඔන්ලයින් ක්‍රමයට පටන් ගන්න සූදානම්. මේ මාසේ අග ඉදලා. එතකොට මම ඒකටත් ලෑස්තියි.
5. මම දරුවෙක්. මගේ අම්මයි තාත්තයි ඉන්නවා. ගොඩක් දුර. හැම සති අන්තෙම මම එයාලා බලන්න ගියා. ඒත් දැන් යන්න බැහැ. තාත්ත ගොඩක් වයසයි. එයාලට කෑම බිම කිසිම දේක අඩුපාඩුවක් නැහැ. මල්ලි ඒ හැම දේම බලනවා. ඒත් එයාට මං දකින්නේ නැතිව ඉන්න ගොඩක් අමාරුයි. කරන්න දෙයක් නැහැ. මං හැමදාම එයාලට කතා කරනවා. දැන් දවසක් ඇර දවසක් එයලා ඉන්න තැනට මල්ලි අතේ ෆෝන් එකක් යවලා වීඩියෝ කෝල් එකක් අරන් කතා කරනවා. මගේ මූන දැකලා ටිකක් එයාලගේ හිත ටිකක් හැදෙනවා.
6. මම දරු පවුල් කාරයෙක් ගෙ දරම ඉන්න හින්දා ඉතිං ගෙදර ගැන කියන්න ඕනේ නැනේ. ඉස්සරට වඩා ගොඩක් දැන් ගෙදර ගැන මං දන්නවා. ගෙදර හරි ෂෝක්
7. මං මේ ටික කිව්වේ මගේ ලොකු කම කියන්නවත්, කාවවත් වට්ටන්න වත් නෙවෙයි. ටිකක් හිතන්න, පවතින තත්ව වලට අනුවර්තනය වන්න එතකොට හැමෝටම ක්‍රමවේද හමුවේවි.
8. ඔයාට ඕවා කරන්න පුලුවන් වුනාට අපිට බෑ කියලා කණගාටු වෙන්න පසුතැවෙන්න එපා. ටිකක් හිතන්න. අලුත් පාරක්, අලුත් විදියක් හම්බ වෙනවාමයි.
9. ජය වේවා. වාසනා වේවා. නව අදහස් පහළ වේවා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment