Monday, October 26, 2020

චයිනීස් හෙම්බිරිස්සාව

මේ දවස් වල ලෝකෙටම පිස්සු හැදිලාය. ලෝකේ පුරා චීන හෙම්බිරිස්සාවක් පැතිරිලාය.

මේක හෙම්බිරිස්සාවක් ය. නිකංම නිකං චීන හෙම්බිරිසාවකි. මේ චීන හෙම්බිරිස්සාව සීයකට බෝ වුනොත් එතනින් හැත්තෑවකට හච්චිමක් වත් යන්නේ නැත්තේය. තව ටික දෙනෙකුට හොටු ටිකක් බේරිලා ඉවර වෙනවායි. තවත් හත් අට දෙනකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙනවාය. ඒ හැදිලා දවස් හත අටකින් හොද වෙනවාය. මේකෙන් කවුරුවත්ම මැරෙන්නේ නැතය.

වෙන්නේ වෙන මගුලක් ය. ඒක කොරන්නේ මහ දැනමුත්තෝ ටිකකි. මොකක් හරි ලෙඩක් අපි හිතමු හාට් ඇටැක් එකක් හැදිලා ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනිච්චා කියලා. එතකොට ඉතිං ඒකට බෙහෙත් කරන්ට එපායැ. එහෙම බෙහෙත් කරන කොට ඒ ලෙඩාට චීන හෙම්බිරිස්සාව හැදුනොත් “බුදු අම්මෝ මෙන්න මේ මනුස්සයාට චීන හෙම්බිරිස්සාව හැදිලා” කියලා දොස්තරලා ටික පන කඩාගෙන දුවන්නේය. වෙනදා කොරපු බෙහෙත කොරන්නේ නැත්තේය. ඉතිං ලෙඩාට දෙයියන්ගේම පිහිටයි. ලෙඩා මැරෙන්නේය. “ලෙඩා මැරිලා තියෙන්නේ චීන හෙම්බිරිස්සාවෙන්”. දොස්තරලා කියන්නේය. පශ්චාත් මරණ පරික්ෂා කොරන්නට තහංචිය. කරොත් දොස්තරලාගේ පශ්චාත් බාගය නැතිවී යන්නේය.

සමහර වෙලාවට මෙලහකටත් අපිටත් ඔය මගුල හැදිලා හොද වෙලත් ඇති. නැත්තං ඉස්සරහට හැදෙයි. හැදිලා දවස් තුන හතරකින් හොද වෙලා යයි. ඔය ලෙඩේට ඉතිං අපි දන්න පුංචිම ගොඩ වෙදකමත් ඇති. පැනඩෝල් කාඩ් දෙක තුනකුයි, පස්පංගුව පැකට් පහ හයකුයි දැම්මම අරන් තියාගන්ට. ඊට වැඩිය කිසි දෙයක් ඕනේ නැහැ.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාර දිගේ බෙටි තියෙනවා, ඒවා පෑගෙයි කියලා අපේ මිනිස්සු ගෙවල් වලට වෙලා කකුල් උස්සං ඉන්නවා. හැබැයි පාරේ ඇති බෙට්ටක් නෑ. දැනෙන්නේ චීනා ඇරපු පඩේක ගදක් විතරයි…


6 comments:

  1. වගකීමෙන්ද කියන්නේ කොවිඩ් හැදුනු වෙනත් අමාරුවක් තිබෙන ලෙඩෙකුට බෙහෙත් දෙන්නේ නැහැ කියල? මට මේක ලොකු වැරදීමක් වගෙයි පෙනෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොකුත් එපා. ඉස්සර නලාව තියලා ලෙඩ බැලුව දොස්තරලා දැන් කාමරයක් අස්සේ ඉදලා විස්තර අහලා විතරක් බෙහෙත් දෙනවා.

      Delete
    2. නලාව තියලා ලෙඩ නොබලන්නේ එම රෝගියෙක්ගෙන් ඉක්මනින් සහ පහසුවෙන් වෙනත් අයෙකුට බෝවන නිසා. අනික මෙම ඔබ කියන 'චීන හෙම්බිරිස්සවෙන්' වෙන හෙම්බිරිස්සාවට වඩා මාරාන්තික තත්වයක් සහ අවදානමක් තියෙනවා. මොකද වෙන හෙම්බිරිස්සා හැදිලා මිනිස්සු මැරෙන්නේ නැහැ.

      ඔබ කොහොමද කියන්නේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියල? මේ රෝගයෙන් තරුණ කෙනෙක් උනත් මැරෙන්න ඉඩ තියෙනවා සැලකිලිමත් නොවුනොත්.

      මම හිතන්නේ මේ ලිපිය ලිවීමෙන් ඔබ අදහස් කරන්න ඇත්තේ ඔතරම් නටන්න තරම් දෙයක් නැහැ කියලා වෙන්න ඇති. වාසනාවට ඔබ මේ රෝගියෙක් දැකලා හෝ එවැනි රෝගියෙකුගේ ඥාතික් වෙලා නැහැ. ඒක කොතරම් හොඳද.

      ලෝකයේම වසංගතයක් විසින් මිලියන ගණන් මියයනකොට මට මේ වගේ ලියන්න නම් අමාරුයි. මගේ කිසිවකුත් මේකට ගොදුරුවෙලා නැති උනත්.

      Delete
  2. මේවගේ ගොං කතා ට්‍රම්පච්චි කියනවා නං අහල තියෙනවා.
    කල්පනාවෙන් මේවා විශ්වාස කරන මෝඩයොත් ඉන්න පුලුවං.

    ReplyDelete
  3. ඔබගේ පවුලේ සාමාජිකයන් කිසිවෙකුට වෛරසය වැලඳුණේ නැත්නම්, ඔබ ඒ සමග සම්බන්ධ නොවුණේ නම්, වෛරසයෙන් ඔබට දුරස් බවක් පෙන්වී. මොකද එය වෙනත් කෙනෙකුට සිදුවන දෙයක් නිසා. එවිට ඔබට ඔබේ මුඛ ආවරණය නිවැරදිව පැලඳ සිටීමට අමතක වේවි. සමාජ දුරස්ථ බව අමතක වේවි. අත් සේදීම වැදගත් නැතිව යාවි. අවදානම ගැන නොසිතා හිතවතුන්ට ඇරයුම් කිරීමටත්, ඔවුන් සොයා යෑමටත් පෙලඹේවි. මහාචාර්ය ෂෝර්ට් පැහැදිලි කරයි. මෙහි තුන්වැනි කණ්ඩායම වන්නේ වසංගතයට බියෙන් මේ අවදානම ගැන නොසිතා සිටීමටත්, ඒ නීතිරීති තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරිමට කටයුතු කරන පිරිසය. ඔවුන් වසංගතය හමුවේ වැඩි අවදානමක පසුවන පිරිසක් ලෙසද සැලකෙයි.

    ReplyDelete
  4. ඈ මහත්තයො, මේ කොවිඩ් 19 ලෙඩේට අමතරව තව චීන හෙම්බිරිස්සාවකුත් පතිරෙනවද මේ දවස්වල?
    කොවිඩ් ලෙඩේට නං ලෝකෙපුරා මිලියනයකට වඩා මිනිසුන් මැරී ඇති බව නම් අන්තර්ජාලයෙන් දැන ගන්නට ලැබුනා.
    මේ විහින්දි හෙම්බිරිස්සාව ගැන නං කොහෙන්වත් කිසිවක් සොයාගන්නට නෑ.
    විහිළුවක් නේද කළේ ඈ

    ReplyDelete