Saturday, September 14, 2019

Ceylon Tea - ලංකා තේ

Ceylon Tea කිව්වම ලෝකෙම දන්නවා. ඒත් ලංකාවෙ අපි තේ ගැන දන්නෙ මොනවද? ලංකාවෙ තේ වර්ග තිස් ගනනක් විකර හදනවා. සාමාන්‍ය ෆැක්ට්‍රියක වුනත් තේ වර්ග පහලොක් විස්සක් හදනවා.



අපිට නියම තේ එකක් බොන්න ලැබෙනව අඩුයි. ඒකට හේතු කීපයක් තියෙනව. එකක් අපි ඒව ගැන දන්නෙ නැති එක. අනික තරමක් මිල වෙන එක. ඒත් මන් දන්න දේ නං ඔය කියන තරං මිල වැඩි නැහැ. තියෙන්නෙ නොදන්නා කම.
අද නුවර යන ගමන් තේ එකක් බොන්න හිතුනා

අද මම රස බැලුවෙ OPA කියන තේ වර්ගය. OPA කියන්නෙ orange pekoe advanced කියන එක. මේ තේ එක හදන්න සම්පූර්ණ කොලයම භාවිතා කරනවා. තේ එක තැම්බිලා එනකොට කොලයම දකින්න පුලුවන්.

තේ එකක රස බලන්න ඕනෙ සීනි නැතිව. එතකොට තමයි නියම රසය දැනෙන්නෙ.


අපිත් Ceylon Tea බොමු...



4 comments:

  1. තේ එකක රස බලන්න ඔනේ සිනි නැතිව තමා සිනි වලින් තේ වල නියම රසය මැකිලා යනවා. හැබැයි ඔය ජරා කලවම් කසල තේ නම් එහෙම සිනි නැතිව බොන්න බෑ. මමත් හොද BOPA තේ සිනි නැතිව බොන්න පුරුදුවෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං ඇත්ත. තේ ෆැක්ටරි වලින් පොහොර එදන්න කියලා ගෙනයන කසල තේ තමයි අඩු ගනන් වලට කිරල දෙන තේ කොල. අනික pure tea වෙලද පොලේ හොයා ගන්න හරිම අමාරුයි.

      Delete
  2. Some are good with milk and sugar. Try dust No1 from N'eliya with milk and sugar.

    ReplyDelete