Friday, May 24, 2019

ඉතිරිකිරීම ආදායම හා වියදම

ඔබ හිතාවි ඔබේ ආදායමට හරියන්න වියදම සකස් වෙනවා කියලා. ඒ හින්දා ඔබට ඉතිරි කරන්න බැහැ කියලා.

මං කියනවා ඒක වැරදියි කියලා.මම කියනවා ඔබේ වියදමට හරියන්න ඔබේ ආදායම සකස් වෙනවා කියලා. ඒක මහ පුදුම දෙයක්.

හිතන්න ඔබ මුදල් සීට්ටුවකට අලුතින් සම්බන්ධ වුනා කියලා. ඔබ කො‍හොම හරි ඒ මුදල ගෙවනවා. ඒ කියන්නේ ඔබගේ ආදායම කොහොම හරි සකස් කරගෙන. ඉතිරි කිරීමත් ඔබේ අත්‍යවශ්‍ය වියදමක් කරගන්න. එවිට ඔබ ඒ විදයම කොහොම හරි කරනවා.

තවත් එකක්. ඒ වියදම අනිත් වියදම් වලට කලින් කරන්න.

හිතන්න ඔයාට රුපියල් දෙදහසක් ලැබුනා කියලා. ඔයා ඒකෙන් නිශ්චිත ප්‍රමාණයක් හිතමු 10% ක් කියලා, ඒ කියන්නේ රුපියල් දෙසීයක් ඉස්සෙරලාම ඉතිරි කරනවා. ඉතිරි  කලාට පස්සේ ඉතිරි වෙන එක වියදම් කරනවා. 

අතට ලැබෙන හැම රුපියලකින්ම ඉතිරි කරන කොටස මුලින් ම ඉතිරි කරනවා.

ටික දවසක් යනකොට ඔයාට පුදුම හිතේවි. ඔයාට හිතාගන්නවත් බැරි තරම් මුදලක් ඔබගේ බැංකු ගිණුමේ පවතිවි.

ඉතිරි කරමු. ජීවිතය දිනමු.

පින්තූරය - අන්තර්ජාලයෙන්


4 comments:

  1. වැඩේ තියෙන්නෙ ඔය ඉතිරි කරන එක සල්ලි නැති උනාම ආපහු ගන්න එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. මම නං කරන්නේ ඉතිරිකිරීමේ ගිණුම සාමාන්‍ය ගනුදෙනු කරන ගිණුමෙන් වෙන් කරලා තියනවා. ඉතිරිකිරීමේ ගිණුමට කාඩ් සම්බන්ධ කරන්නේ නැහැ. එතකොට හදිසියට කියලා ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම ඉතිරිකිරී‍මේ ගිණුමේ මුදල් යම් ප්‍රමාණයකට එකතු වුනාම ඒක අරන් ස්ථිර තැන්පත් දානවා. එතකොට තවත් ගන්න අමාරුයිනේ. ඕක ටිකක් පුරුදු කලාම හරියනවා. අපිට වියදම් කරලා පුරුදු වුනාට ඉතුරු කරලා පුරුදු නැහැ. ඒකයි එහෙම වෙන්නේ. ඉතිරිකිරීම පුරුදු කරමු. අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
  2. ithiri karana eka hodai...namuth mama piliganna kramaya wenne ithiri karabawata wada eeka yam kisi විදිහකට thamangr deyakta ayojanaya kalaanam hodai kiyala...mokada kochchara ithuru kalath apita dawasaka owa okkoma ganna wenawa..dawasa eka ekkenata wenas wenawaa...ledak hadunama wisheshai...habai thamanta jikan idala hari enna margayak thiyenawanam edata baya nathuwa jeewath wenna puluwan wenna oone..

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙත් ඉතිරි කල ‌‌කෙනෙක්ට කරන්න පුළුවන් ‌දෙයක්නේ. ඉතිරිි ‌‌නොකර හම්බ කරන ගමන් කරන්න පුළුවන් ආයෝජනය ‌ෙමොකක්ද කියලා මට නං ‌ෙතේරෙන්නේ නැහැ. පුළුවන් නම් උදාහරණයක් ‌දෙකක් ‌ෙදෙන්නකෝ..
      තවත් ‌ෙදෙයක්, ඉතිරි කරපු ‌දේවල් වලට ‌මොකද කරන්නේ කියන එක ‌මෙතන කතා කරලා නැහැ. ‌ෙලෙඩක් දුකක් හැදුනම ගන්න බැරිනං ඒ ඉතිරි කරපු එකෙන් වැඩක් නෑ. එහෙම ගන්නත් ඉතිරි කරලා ඉන්න එපායැ. එහෙම ‌නේද?

      Delete