Wednesday, March 25, 2020

පිරමීඩ තුළ සැඟවුන ‌‌හෙළ උරුමය


 මහා රාවණයන්ගේ ලොව මවිත කළ තාක්ෂණයේ උරුමය ලබා ඉදිවූ පිරමීඩාකාර ගොඩනැගිලි විශේෂය  සමස්ථ විශ්වයේම අවදානය හිමිකරගත්  ඒක් සුවිශේෂි නිර්මාණයක් බව ඔබ අප  හැම දෙනාම  දන්නා රහසකි.විශ්වය හා සිදු වූ බොහෝ ගනුදෙනු වලදී මෙම පිරමීඩ සුවිශේෂී දායකත්වයක් සැපයූූ බව පැවසෙන අතරම අධික ශක්තියක් ඒක් ස්ථානයකට කේන්ද්‍රගතකොට තාරකා දොරටු හරහා සක්වල ජිවීන් සමඟ සමීපව සම්බන්ධතා පැවැත්වූ බව පැවසේ.
තාරකා ‌‌‌‌දොාරටුව
ඊජිප්තූ චිත්‍රාක්ෂරවලින් හමුවූ පිටසක්වල යානයකි

ඊජිප්තු පිරමීඩ හා හෙළයේ මහා රාවණ රජුන් අතර පවතින සම්බන්ධය ලොව විද්වතුන් විසින් විවිධ අයුරින් සාක්ෂ්‍ය සාධක සහිතව සනාථ කොට ඇති අතර ඒ් සඳහා සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර රැසක් උපකාරී වී ඇත.ඒ සඳහා උදාහරණ සැපීමේදී  , රාවණා රජුට නමස්කාර කරණ ක්ෂෝත්‍ර ගනනාවක් පවති.ඒ අතර ඒක් ක්ෂෝත්‍රයක ආරම්භය මෙසේ දැක්වේ. 
            නමං මං ජිත් රාවෝ .......සදං මං ලියූ සුකම්
මෙම ක්ෂෝත්‍රයට අනුව රාවණ රජුගේ පෙළපත රාවෝ බව සදහන් වේ. ඊජිප්තු වැසියෝ පවා රාවෝ පෙළපතට ගෞරව  කළහ.රාවෝ පෙලපතෙහි උප පෙලපතක් ලෙස ,ඊජිප්තුවේ සුප්‍රකට රජ පෙලපතක් වන පාරාවෝ පෙලපත ‌බිහි වී ඇති බව කියැවේ.ඊජිප්තු වැසියන් අදහන්නේ රා නම් දෙවියා බව පැවසේ.ඇතැමුන් මෙම රා දෙවියා නම් රාවණා බව පවසයි.රා දෙවියන් ආකාශ ඔරුවේ පැමිණ ඔවුන්ගේ ආත්මය සූර්යා කරා රැගෙන යන බව පාරාවෝ රජ පෙලපතේ විශ්වාසය යි.ඉහත සඳහන් පරිදි රාවෝ දෙවියන් රාවණ රජු වන්නේ නම් පෙර සඳහන් කරන ලද ආකාශ ඔරුව දඬුමොනරය නැතහොත් පුෂ්පක යානය බව අනුමාන කළහැක.මේ පිළිබඳ තවදුරයත් සොයා බැලීමේදි මෑතකදී ඊජිප්තුවේ පිරමීඩයක් තුළ  සිදුකරන ලද කැණීමකින් ඔරුවක ආකාරයේ අහසින් ගමන් කරන ලද යානයක් සොයා ගෙන ඇත. ඒ පිළිබඳ වැඩිදුර කරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ මෙය භාවිතයට ගෙන ඇති යානයක් මුත්  ඒය ජලයේ කිසිසේත්ම ස්පර්ෂ වි නොමැති බවත් අධික වායු කදම්බයන් ගැටීම හේතුවෙන් ඒක්තරා ආකාරයක ඛාදනයට ලක්වී ඇති බවත් ය.ඒමඟින් අපට පෙනී යන්නේ මෙය ආකාශ යානයක් ලෙස භාවිත කළ බව ය. මෙම යානය ඊජිප්තු චිත්‍රවල මදක් ඉහළින් හෝ යමෙකුගේ දෑත් මත හෝ දක්වා ඇත.

ඊජිප්තු පිරමීඩයක් තුලින් හමුවූ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාශ යානය
(SOLAR SHIP)
ඊජිප්තු සිතුවමක ඒම යානය දැක්වෙන අයුරු


 දඬුමොණරය යන වදනින් සම්පූර්ණයෙන්ම මොණරෙකුගේ ස්වරූපයේ යානයක් අප මනසේ මැවෙන මුත් සැබැවින්ම ඒහි අරුත වන්නේ දණ්ඩක හැඩයෙන් යුත් අහසට නැගි කළ මොණරෙකු සේ දිස්වන යානය යි.                                
මීට අමතරව ඊජිප්තු පිරමීඩ තුළසිදුකරන ලද කැණීම් වලදී හමු වු රන් පත්ඉරු ද මේ සඳහා සාක්ෂ්‍ය සපයයි.ඒම පත්ඉරු වල ,
            ලංකා පුරයේ සිට අහසින් ආ  සිංහ මිනිසුන් පිරමීඩ තැනීමට මූලික වූ බව දැක්වේ.
ඉහත කුමන සාධකයක් දෙස බැලුව ද පිරමීඩ සෑදිමේ තාක්ෂණය උදෙසා හිමිවන ගෞරවයෙහි අයිතිය හෙළයන් සතුවන බව මනාව පැහැදිලි වේ.
ලොව ප්‍රචලිත සාමාන්‍ය මතය අනුව පිරමීඩ යනු ඒක්තරා ආකාරයක පාරාවෝ මළ සිරුරු මිහිදන් කළ සොහොන් කොතකි.ඇත්තවශයෙන්ම පිරමීඩ නිර්මාණකරුවාගේ අරමුණ වූයේ මෙයම ද ? ඒය ඒසේ වූයේ නම් මතු බවය උදෙසා අඩි සියගණන් උසැති සුවිශාල ඉදිකිරීමකට මෙතරම් කාලය,ශ්‍රමය යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
 ඒක්තරා විදිහක අභිරහසක් වූ පිරමීඩ වල පිහිටීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම තාරකාවල පිහිටිම හා පිරමීඩ අතර විශේෂ සම්බන්ධතාවක් පවති. ලෝ ප්‍රකට මෙන්කවුරේ , කෆරේ සහ කූෆු යන ගීසා පිරමිඩ ත්‍රිත්වය ක්ෂිතිජය පුරා විහිදී පවතින තාරකා රටා අතරින් ඒක්තරා විශේෂ තාරකා රටාවක් වන ඔරායන් නැතහොත් දඩයක්කාරයා තරු රටාවේ බද පටි‌යෙහි ඇති තාරකා ත්‍රිත්වය වන ඇල්නිටැක් , ඇල්නිලම් , මින්ටාකා යන තාරකාවලට ලම්බකව පිහිටා ඇත.

ඒපමණක් නොව මෙක්සිකෝවේ ඇස්ටැක්වරුන් විසින් නිර්මාණය කරන ලද පිරමීඩ ත්‍රිත්වයත් (Aztec) , චීනයේ (Xiam) පිරමීඩ ත්‍රිත්වයත් ඔරායන්ගේ බදපටියට ලම්බකව ඉදි කර තිබීම සුවිශේෂී වේ. ඒය කෙසේ වෙතත් අහඹු ලෙස හෝ ඊජිප්තු පිරමීඩ පිහිටි ස්ථානයත් ,මෙක්සිකෝවේ පිරමීඩ පිහිටි ස්ථානයත් , චීනයේ පිරමීඩ පිහිටි ස්ථානයත් මෙම තාරකා ත්‍රිත්වයට අනුව පිහිටා තිබේ.ඒපමණක්නොවේ ශ්‍රි ලංකාවේ පිහිටි රුවන්වැලිසෑය , ජේතවනය  , මිරිසවැටිය යන චෛත්‍යන් ද මෙම තාරකා අනුව පිහිටා ඇති බව පුදුමයෙන් මුත් පැවසිය යුතු ය. පහත ඡායාරූපයේ ඒය පැහැදිලිව දක්නට ලැබේ.

 මෙම පිරමීඩවල ආධාරයෙන් සක්වල ජීවීන් සමඟ තාක්ෂණික ගනුදෙනු සිදුකළ බව මම ඉහතදී ද සදහන් කළෙමි. හෙළයින්වන අප තවමත් ඒය විශ්වාස නොකළත් ශ්‍රි ලංකාව මෙවැනි ගනුදෙනු සිදුකර ඇති බවට ඇමරිකාව දැනටමත් සනාථ කොට ඇත.ඒයට හොඳම සාධකය නම් ඇමරිකානු නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල භාෂාව ඇතුළත් කොට තිබීම යි. මෙය ඒක්තරා ආකාරයක පුදුමය දනවන කාරණයක් වුවත් මෙතුල කුමක් හෝ අභිරහසක් නැතහොත් සත්‍යතාවක් පවතින බව ඉතා හොඳින් පැහැදිලිය.ලොව විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයින්ට පවා අභිරහසක් වූ මෙම විශිෂ්ට පිරමීඩ තාක්ෂණයේ නියම මුල් හිම්කරුවා කවුරුන් විය හැකි ද?


---------
දිගු අභිමානවත් හෙළ ඉතිහාසයක්  සම්පින්ඩනය කිරීමට අන්තර්ජාලයේ පලවු වීඩියෝපට මෙන්ම ලිපි බොහෝමයක් මා කියවූයෙමි.ඒහිදී මා කියවා අසා දැනගත් සහ මා දන්නා කරුණු ද යොදා ගනිමින් ගොනුකරන ලද මෙම ලිපියෙහි යම් අඩුපාඩුවක් හෝ යම් දෝශයක් පවතී නම් පහත comment තීරුවේ ලියන්න.
මා රාවණ ඉතිහාසය පිළිබඳව මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබදව තවත් බොහෝ දෑ දැනගැනීමට කැමැත්තෙමි.ඒ සදහා මීට අමතරව ඔබ දන්නා තොරතුරුද මට comment කරන්න. 

--- විහින්දි සඳින්මා---  

8 comments:

  1. ෂා කොච්චර වටින ලිපියක්ද

    ReplyDelete
  2. ෂා කොච්චර වටින ලිපියක්ද

    ReplyDelete
  3. මෙහෙමයි මම මේක ගැන මගේ අදහස කියන්න කලින් කියන්නකො මේක සීරියස් ලිව්ව එකක් ද එහෙම නැත්තන් විහිලුවට ලිව්ව එකක්ද කියල... පෙනුමෙන් සීරියස් වගේ ඒත් විහිලු තැන් එමටයි...

    ReplyDelete
    Replies
    1. මේ මගේ දුවගේ වැඩක්. එයා දවස් දෙකක් විතර ඉන්ටනෙට් එක පීර පීරා එක එක දේවල් හොයලා හොයලා කියවලා තමයි ඕක ලිව්වේ. එයාමයි එයාගේ වචන වලින් ලියලා ටයිප් කරලා පල කලේ. ගෙදර කවුරුවත්ම ඒකට ඇගිලි ගැහුවේ නැහැ. දුව තාම ඉගෙන ගන්නේ 10 පන්තියේනේ. එයා මේක සීරියස් ලියලා තියෙන්නේ. විහිලු නෙවෙයි. ගැටෙන තැන් තියෙනවා නම් දරුවෙක් ලෙස සලකා සංවාදයට යොමුවෙන්න. ස්තුතියි

      Delete
    2. @ලක්ෂ්මන් තිලකරත්න
      දුවගේ උත්සහය ගොඩක් අගය කරනවා... මම මගේ අදහස මේල් එකක් මාර්ගයෙන් කියන්නද? එහෙම නැත්නම් මෙතන ලියන්නද?

      Delete
    3. බොහොම ස්තූතියි මාමේ, මම ‌මේල් එක කිියෙව්වා.එකෙන් මම ‌ගොඩක් ‌‌‌දේවල් ඉ‌ගෙන ගත්තා.

      Delete
    4. බොහොම ස්තුතියි මිතිල. ඔබගේ ලිපියෙන් ඈ ඉගෙනගත් දෑ බොහෝයි. ඇයට කවරෙක් හෝ විසින් පුද්ගලිකව ලිපියක් එවීම පවා අලුත් අත් දැකීමකි. භත්තිමත් කියවීමට වඩා විද්‍යාත්මක කියවීමේ අවශ්‍යතාව ඇය උගත් බව ස්තුති පූර්වකව සදහන් කරමි. තවද දරුවෙකු වෙනුවෙන් ඔබ ක්‍රියා කල ආකාරය ඉතාමත් පැසසීය යුතු ⁣කාරණාවකි. ස්තුතියි.

      Delete