Thursday, March 26, 2020

9 10 11 දරුවන්ට සිංහල සටහන්....දරුවන් ගැන හිතන අපේ සිංහල ගුරුතුමා ගෙන්

පහුගිය දවස් වල Facebook එකේ රවුං ගගහ ඉන්නකොට තමයි දැක්කේ සිංහල පාඩම් යන පිටුවක්. ඉතිං විහින්දිත් ඉස්කෝලේ 10 පන්තියෙ ඉන්න හන්දා ඒ පන්තියේ පාඩමක් ගැන තිබුන එකකට pdf විදියට දෙන්න පුලුවන්ද කියලා අහලා මම කෙමෙන්ටුවක් දැම්මා. වැඩි වෙලාවක් ගියේ නැහැ. මගෙන් whatsup අංකය ඉල්ලලා පණිවුඩයක් ලැබුනා. බැලින්නම් අර පිටුව කරන සිංහල සර්.



එතුමා නමින් ලහිරු දරණකුඹුර. පාසැල් ගුරුවරයෙක්. මං එතුමට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ගොඩක් හොද ගුරුවරයෙක් කියලා පිළිසදර කතා කරනකොට තේරුනා. ඒ වගේම 9, 10, 11 ශ්‍රේණි තුනට අදාලව සිංහල පාඩම් වලට එතුමා හදලා තියන නිබන්ධන මට එව්වා. එවලා කිව්වා ඒවා අවශ්‍ය දරුවන්ට ලබා දෙන්න කියලා. ඉතිං ඒ ඉල්ලීමට මම මේ විදියට කටයුතු කලේ.
මම ඒ නිබන්ධන ඔක්කොම ගූගල් ඩ්‍රයිව් එකට දැම්මා. මෙතන සබැදිය තියෙනවා. 9, 10, 11 ශ්‍රේණි වල දරුවන්ට සිංහල පාඩම් අවශ්‍ය නම් ඒ ගොඩක් ඒවා මෙතන තියෙනවා. දරුවන්ට ඒවා අරගෙන පාවිච්චි කරන්න පුලුවන්. යාලුවන්ට බෙදාගන්න පුලුවන්.


9 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1oMrORzIMsz4J-1bj_8L73R5SGqFGBXwG


10 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1md3MF0WWxHSW_OZIk9EbM6OCYVazuGQs

11 ශ්‍රේණිය
https://drive.google.com/open?id=18lTPxtjp4Qn7tu4RMfHTfaYsDtxo5sUR


සිංහල අඩවිය FB පිටුව..

ළහිරු සර්.. බොහොම ස්තුතියි..

3 comments:

  1. බොහෝ ම ස්තුති යි සර්!!!! ඔබතුමා කරන මේ සේවය ඉතා ම වටිනවා මේ වගේ වෙලාවක. එ් වගේ ම අපවත් ඊට සම්බන්ධ කර ගත්තාට නොවක් තුති!!!! සුබ පතනවා, සර්ටත්, දුවටත් සුවහසක් දරුවන්ගේ නණ පහන් දල්වන්නට සිදු කරන මේ මහඟු සේවයට!!!! ������

    ReplyDelete