Monday, March 9, 2020

නැතිවූ දුරකතන ‌සෙවීමට පොලිසිය Smart වෙයි.


දුරකතන නැතිවෙන එක ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා. ඉතිං එහෙම වුනොත් මොකද කරන්නේ? කරන්න දෙයක් තියෙනවාද? දුරකතනයක් අදුනා ගන්න විදියක් තියෙනවාද?
ඇත්තටම තියෙනවා. දුරකතනයක් අනන්‍යව අදුනාගන්න IMEI අංකයෙන් පුලුවන්. අපි හැමෝගෙම දුරකතන වල ඒ අංකය තියෙනවා. ඒක එක එක දුරකතනයෙන් දුරකතනයට වෙනස් වෙන එකක්. ඒ වගේමයි ඒ අංකය යොදන්නේ දුරකතන නිශ්පාදනයේදී. ඒ හින්දා අපි පාවිච්චි කරන සිම් කාඩ් එක අනුව ඒ අංකය වෙනස් වෙන්නේ නැහැ.
එතකොට අපේ දුරකතනය නැති වුනොත් කාටද කියන්නේ. අපි හැම දේම කියන්නේ පොලිසියටනේ. මේකත් කියන්න ඹ්නේ පොලිසියට තමයි. එතකොට පොලිසියෙන් ඒ දුරකතනය හොයා ගන්නේ කොහොමද? ඔව් . එකට ලේසි ක්‍රමේ තමයි දුරකතන සේවා සමාගම් වල සහය ගන්න එක. ඒක පොලිසියේ වැඩක්. අපේ දුරකතනයේ IMEI අංකය දුරකතනසේවා  සමාගම් වලට දීලා ඒ අංකය තියන දුරකතනයක් ඒ ජාල වල භාවිතා කරනවාද කියලා අහන එක.
දුකතනය හොරකම් කල කෙනා ඔබේ සිම් පත ගලවලා විසි කරලා වෙන සිම් එකක් දාගත්තත් මේ විදියට දුරකතනය හොයා ගන්න පොලිසියට පුලුවන්. ඒත් ඉතිං ඒකට පහසු වෙන්න අපි පොලිසියට අපේ දුරකතනයේ IMEI අංකය දෙන්න වෙනවා.
එතකොට කොහොමද අපි ඒ අංකය හොයාගන්නේ? නැතිවුනාට පස්සේ නම් අමාරුයි. ඒත් නැතිවෙන්න කලින් පුලුවන්. ඒකට ගොඩක් ක්‍රම තියෙනවා ලේසිම ක්‍රමය *#06# කියන අංකය දුකතනයෙන් ටයිප් කරන එක. IMEI1, IMEI2, Serial No කියලා අංක තුනක් පෙන්නනවා. ඒ අංක තුන ලියාගෙන තියන එක තමයි කරන්න ඹ්‌නේ. හරියටම අපි අපේ දුරකතනයේ වගකීමි සහතිකේ පරෙස්සම් කරනවා වගේ ඒ අංක තුනත් පරෙස්සම් කරලා තියාගන්න ඹ්නේ.  
එහෙනම් දැන්මම ගන්න ඔයාගේ ෆෝන් එක අතට. ගහන්න මේ කෝඩ් එක. *#06#  දැන් ඒ එන අංක තුන කොලේක ලියලා ෆෝන් එකේ වොරන්ටි කාඩ් එකත් එක්කම අමුනලා තියා ගන්න.  දවසක ෆෝන් එක නැතිවුනොත් ඒ  අංක තුනත් අරන් පොලිසියට යන්න දැන් ඹ්නේ නැහැ. අපේ පොලිසිය ස්මාර්ට් වෙලා. අපිට ඒ පැමිනිල්ල පොලිසියේ වෙබ් අඩවියට ගිහින් කරන්න දැන් අවස්ථාව තියෙනවා.
http://www.ineed.police.lk/ තමයි ඒ වෙබ් අඩවියේ ලිපිනය


හැබැයි ඒකට මුලින්ම ලියාපදිංචි වෙන්න ඹ්නේ. මුලින්ම පොඩි විස්තර ටිකක් දීලා ගිණුමක් හදාගෙන තමයි කරන්න වෙන්නෙ. නමුත් බොහොම පොඩි වෙලාවකදී ඒ පැමිණිල්ල කරන්න ඔබට දැන් පුලුවන්.
මතක තියාගන්න ඒ වෙබ් අඩවියේදී ඔබෙන් මුලින්ම අහන්නේ නැතිවුන දුරකතනේ IMEI අකය. ඒ හින්දා තමයි මුලින්ම ඒක කොහේ හරි ලියලා තියා ගන්න කිව්වේ.

3 comments:

  1. මාගේ ජංගම දුරකථනය නැතිවී මෙම ක්‍රමය හරහා පැමිණිලි කර අදට මාස 10 යි සති දෙකක් වෙනවා. තවම කිසිම දැනුම් දීමක්, අඩුම තරමේ පැමිණිල්ල ලැබුණු බවක් ගැන වත් කිසිදු සදහනක් මට ලැබී නැහැ.


    එස් බන්දුසේන
    කුරුණෑගල

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූවාට ස්තුතියි මහත්මයා. මමත් මේ ලිපිය ලියන්න හේතු වුනේ දින කීපයකට කලින් විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව මගින් මගේ දුරකතනයට එවා තිබුන SMS පණිවුඩයක් හේතුවෙනුයි. ඹවුන් ඒ ආකාරයට දැනුවත්කරමින් ලැබෙන පැමිණිලි ගැන ක්‍රියාත්මක නොවෙනවා වෙන්නත් බැහැ. එක දෙයක් තියනවා. නැතිවූ දුරකතනයක් මේ ආකාරයට සොයා ගන්නට හැකි වන්නේ එය කොහේ හෝ නැවත භාවිතා වනවා නම් පමණයි. සොරාට දුරකතනය අන්ලොක් කරගන්නට බැරි වුනානම් හරි විකුණාගන්නට බැරිවෙලා ඉවත දාලා තියෙනවා නම් හරි මේ විදියට හොයා ගන්න අමාරුයි.

      Delete
  2. අර උඩ කියපු කාරණය නිවැරදි විය යුතුයි. පොලිසිය පැමිණිලි ගැන හොයනවා... නොසොයා ඉන්නේ නෑ.

    මගේ භාර්යාවගේ දුරකථනය ඔය විදිහට නැති වුණා. ඒ කාලෙ පොලිසිය ස්මාර්ට් නෑ. ඒත් එයා කොම්පඤ්ඤ වීදියෙ පොලිසියට පැමිණිලි කළා.

    ඊට අවුරුදු තුනකට විතර පස්සෙ දුරකථනය සොයාගත් බව කියා පොලසියට එන්න කීවා. අපි ගියා.

    සොයාගෙන තිබුණේ දුරකථනය දැන් පාවිච්චි කරන තැනැත්තාගේ දුරකථන අංකය. මා ඉදිරිපිටදීම පොලිසියේ ඕඅයිසී ඒ අංකයට කතා කළා.

    එතකොට දැනගන්න ලැබුණා, ඒ තැනැත්තාත් පොලිසියේ නිලධාරියෙක් බව, වෙනත් ප්‍රදේශයක... ඊට පස්සෙ අපට තවත් දින කිපයක් පොලිසියට යන්න වුණා, පරීක්ෂණ එක තැන පල්වෙන ගතියක් පෙනුනා. ඒ වෙනකොට ඒ දුරකථනයේ වටිනාකම ඉතා අඩුයි, මොකද, නැතිවෙලා අවුරුදු තුනක් ගිහින් නිසා. ඉතිං අපි වැඩේ අත්ඇරියා.

    මේ වෙනතුරුත් ඉදිරි පොලිස් පරීක්ෂණ ගැන කිසිම තොරතුරක් නෑ.

    ReplyDelete