Tuesday, July 3, 2018

දරුවට ටැබ් එකක් අරන් දෙමුද?

ඉස්කෝලේ යන දරුවෙකුට ටැබ් එකක් ඕනෙද? ගොඩක් අය ඒකට එක එක උත්තර දේවි. එහෙම නං ස්මාර්ට් ෆෝන් එකක්? ඒකටත් එහෙමයි.
කවුරු කොහොම මේකට උත්තර දුන්නත් දැන් ඉන්න ළමයි ගොඩක් අය ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. අම්මට තාත්තට ස්මාර්ට් ෆෝන් තියනවා නම් ඒක එයාලගේ කර ගන්න සූත්තරේ දරුවෝ දන්නවා. කොහොම හරි ෆෝන් එක අරන් ගේම් ගහන්න තමයි එයාලට ඕනේ. ගොඩක් දරුවෝ දන්නේ ඇත්තටම ෆෝන් එක කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා.
ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලා එයාලගේ ෆෝන් දරුවන්ට දෙනවා නම් ඒවගේ දරුවන්ටත් වැඩක් වෙන්න ඕනේ. ඒකේ දරුවන්ටත් වැඩක් වෙන දේවල් තියෙන්න ඕනේ.

“එහෙම දේවල් තියෙනවාද?”

“ඔව් ඇත්තටම දරුවන්ට වැදගත් වන ඇප් ඕනේ තරම් තියෙනවා. වෙලා තියෙන්නේ අපි ඒවා ගැන හොයන්නේ නැති එකයි, දැනුවත් නැති එකයි.”
-පින්තුරය අන්තර්ජාලයෙන්-

දැන් මම මෙහෙම යෝජනාවක් ගේනවා. අපි හැමෝම එකතු වෙලා දරුවන්ට වැදගත් වන ස්මාර්ට් ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි හදමු. දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට, නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලාට, ගුරුවරුන්ට, දරුවන්ට ආදරේ වැඩිහිටියන්ට, ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ටත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්.
අපි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් වලින් පටන් ගමු. වැඩේට එකතු වෙන අයට පොඩි කැප කිරීමක් කරන්න වෙනවා හැබැයි. මුලින්ම දරුවන්ට සුදුසු වැඩසටහන් හොයන්න ඕනේ. සුදුසුයි කියල හිතෙන ඒවා තමන්ගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා බලන්න ඕනේ ඇත්තටම ඒකේ අන්තර්ගතය මොකක්ද, වටිනාකමක් තියෙනවා ද කියලා. එහෙම වටින ඇප් එකක් නම් අපිට කියන්න ඒක මොකක්ද, මොනවද ඒකේ තියෙන්නේ කියලා. අපි ඒක පොදු තැනක තියාගමු. කලින් හොයාගත්තු ඒවා ආයෙම හොයන්න වෙන්නේ නැහැනේ එතකොට. මේ විදියට කට්ටියම එකතු වුනොත් ගොඩක් වටින ඇප් ගොඩක් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා වයස් කාන්ඩ අනුව ගලපලා හරි වෙනත් විදියකට ගලපලා හැමෝටම දෙන්න පුළුවන්.
මේ වැඩසටහනට එකතු වෙන්න කැමති අය පහතින් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. කැමති අය වෙනම හමුවෙලා කරන විදිය කතා කර ගනිමු. අපි හැමෝම එකතු වෙලා දරුවන්ට හොද දෙයක් දෙමු. 

තාක්ෂණික ලෝකයෙන් දරුවන් ඈත් කරන්න අපිට බැහැ. තාක්ෂණයෙන් නිවැරදිව වැඩ ගන්න දරුවෝ පිරිසක් බිහි කලොත් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම කැමතියි එකතු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වරුණ, ළගදීම විස්තර සහිතව ලිපියකින් දන්නවන්නම්. මේ වන විට කිහිප දෙනෙකු කටයුතු සදහා එක් වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. පාසැලේ සිසුන් කණ්ඩායමක් ද එකතු වෙලා ඉන්නවා.

      Delete
  3. අපේ ඩබල හන්තාන ලිනක්ස් උඩ මට කරදරයක් නැ

    ReplyDelete
  4. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි පොඩි ළමයින්ට ස්මාර්ට්ෆෝන් ටැබ් අරන් දෙන්න එපා කියන එක. එහෙම උනත් මමනම් කියන්නේ ළමයින්ට ඒ වගේ දේවල් අවශ්‍යයි කියලා නමුත් යම් පාලනයකට යටත්ව computer ගේම් වලින් උනත් ළමයකුට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඔබතුමා මේ කරන්න යන වැඩේ බොහොම වටිනවා.

    ReplyDelete