Saturday, February 26, 2022

ලයිට් නැති වෙලාවෙ අහස බලමු

අහස හරිම ලස්සනයි. ඒ ලස්සන පේන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි ආලෝක දූෂණය කියන එක. අපි ඉන්න වටපිටාවේ ආලෝකය තියෙනවා නම් අහස හරියට නිරික්ෂණය කරන්න අමාරුයි.

පාසල් විෂය නිර්දේශයේ පවා තරු රටා, ග්‍රහලෝක ගැන පාඩම් තියෙනවා. ඉතින් දරුවන් එක්කලා කරුවල වෙලාවට පොඩ්ඩක් එලියට ගිහින් අහස නිරික්ෂණය කරන්න. තරු රටා වගේම ග්‍රහලෝකත් ඔබට අදුනා ගන්න පුලුවන් වේවි. ඔයාගේ ජංගම දුරකතනයට Stellarium Mobile Star Map එක දා ගත්තා නම් ඒ වෙලාවෙ ඔයා ඉන්න තැන අහසේ තියන දේවල් හරියටම දැන ගන්න පුලුවන්.


කරුවලේ දරුවන් එක්ක වැදගත් දෙයක් කරමු.

2 comments: