Wednesday, January 19, 2022

උඩරට ගෙවතු වනාන්තර Kandiyan Forest Garden

අපේ රටේ තියෙන විවිධ වනාන්තර වර්ග ගැන ඔබ ඉගෙනගෙන ඇති. ඒත් මම මේ කියන වනාන්තර වර්ගය ඒ ඉගෙන ගෙන තියන වනාන්තර වලට වඩා සුවිශේෂ එකක්. සොබා දහම එක්ක ජීවත් වෙන හොදම ක්‍රමයක් විද්වතුන් හදුන්වන ත්‍රමයක්. ඒ වගේම මේ ගැන කෙරුණු පර්යේෂණ බොහොමයක්ම තියෙනවා. එලි දැක්වුන පර්යේෂණ පත්‍රිකා ගොඩක් තියෙනවා. ඒවා බැලුවම තමයි තේරෙන්නේ අපි කොච්චර හොද ජීවන ක්‍රමයක් ගත කරන අයද කියලා.

මේ විශේෂ වනාන්තර තියෙන්නේ නුවර පැත්තෙ. ඇත්තටම වනාන්තර කිව්වට මේවා පුද්ගලික ඉඩම්. පරිභෝජනය කරන ඉඩම්. වගා කරන ඉඩම්. අනිත් අතට වගා කරන පරිභෝජනය කරන ඉඩම් කිව්වට මේවා වර්ෂා වනාන්තර.

ඒක වෙන්නේ මෙහෙමයි. වනාන්තර කියන්නේ සුවිශේෂ පරිසර විශේෂයක්. ජෛව විවිධත්වය ඉතා ඉහළ තැනක්. ඉතිං මේ කියන ඉඩම් වල වර්ෂා වනාන්තර ලක්ෂණ තියෙනවා. ගොඩක් වර්ග වල ගස්කොලන් තියෙනවා. ඒවා ඉබේ හැදුන ඒවා වගේම වගා කරපු ඒවා. වගා කරනවා කිව්වට පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් වගා කරන ඒවා. ගස්වර්ග හදනවා කියලා සම්පූර්ණයෙන්ම සුද්ද කරලා හදන්නේ නැහැ. ගහක් දෙකක් සුදුසු තැනක් බලලා හදනවා මිසක්.

ඇත්තටම මේ වතුවල ගොඩාක් ගස් වැල් වර්ග තියෙනවා. එදිනෙදා අවශ්‍ය වන එළවලු වර්ග පලතුරු වර්ග කුළුබඩු වර්ග ගොඩක් දේවල් තියෙනවා. අනික ඒවට පොහොර දාන්නේ එහෙම නෑ. සීයට සීයක්ම කාබනිකයි.  ඒ වගේම මේ ගස් කොලන් ආශ්‍රිතව විවිධ සත්තු එහෙමත් ඉන්නවා.

ඉතිං උඩරට ගෙවතු වනාන්තර දකින්න ඒ ගැන ඉගෙන ගන්න පර්යේෂණ කරන්න කැමති නම් එන්න අපේ ගමට. අපේ ගෙදර නැවතිලා අපේ වත්ත පහල ඇවිදලා ඔයෙන් නාලා විනොද වෙලත් යන්න පුලුවන්.

පර්යේෂණ පත්‍රකා හොයන්න ඕනේ නම් Kandyan Forest Garden කියලා ගූගල් එකේ හොයලා බලන්නකෝ.

එන්න කැමති නම් 076 7458267 ට මට කෝල් එකක් දෙන්න. මං ගමේ යන්නේ නිවාඩු දවස් වලට විතරයි. කොළඔ පැත්තේ ඉදලා යනවා නම් මට ට්‍රාන්ස්පෝට් දෙන්න පුලුවන්. යන්න එන්න දෙකටම. එහේ ඇවිදින්නත් පුලුවන් කැමති තැන්වල.

අපේ රට හරිම සුන්දර රටක්.
























1 comment:

  1. සැහෙන දුරට එකයි. මට හිතෙන විදියට ඕවගෙන් වෙන එක සේවයක් තමයි ජලය/පස සෝදා යන එක අවම වීමයි එම ජලය පොළොවට උරාගෙන ජල උල්පත්/ගංගා/ ඇලදොළ ලෙස පහතරටට ක්‍රමානුකුලව ගලා යාමයි. තේ වතු සහ අනිකුත් වගා බිම් වලින් මෙය සිදුවන්නෙම නැති තරම්.

    ReplyDelete