Thursday, August 5, 2021

දොස්තරගේ තැනට ගියෙමි

පහුගිය දොහක මගේ තාත්තාට මුත්තරා අඩස්සියක් හැදිලා හොදටම අමාරු වෙලා ගමේ ඉස්පිරිතාලෙට ගිහින් එතනින් බැරිතැන නුවර මහ ඉස්පිරිතාලෙට ගිහින් නතර කලා. ඉතිං එතන්දි බටයක් දාලා පහුවදා ටකට් කපාලා ගෙදර එව්වා ඉලග සතියේ ක්ලිනික් එකට එන්ට කියාලා. ඉතිං මං කියපු දාට තාත්තවත් එක්කං ගියා ක්ලිනික් එකට. එයාව යි අම්මවයි කාර් එකේ තියලා මම ගියා නොම්බරයක් අරන් පෝලිමේ ඉදලා වෙලාව ලං වුනාම එක්කන් යන්නං කියලා.


පිස්සු හැදිලා තවත් ටිකක් වෙන්නට මට හිතුනා. මං යනකොටත් පෝලිම දිගය. මිසී ඇවිත් කොලකැලි බලලා කොන්ක්රිට් බංකුවක වාඩි කරවනවාය. ලෙඩ්ඩු වැඩිය. දැං මීටරය අඩිය විය. අඩිය සෙන්ටිමිටරය විය. ටිකකින් බංකුවේ කට්ටිය ඔඩොක්කු වල වාඩි වෙන තරමට සෙනගය. මිසිට ගානක් වත් නැතිව තවත් එහාට වෙන්නට කියා වාඩි කරනවාය.
තාත්තාව නවය හමාරට විතර එක්කන් එන්නට කියා මිසි මට කීවාය. එයාව එතන පඩිපෙලෙන් එක්කන් එන්නට අමාරු හන්දා වාට්ටුව ඇතුලින් එක්කන් ඇවිත් කාමරය අසලින් නතර කරගන්නට යැයිද කීවාය. ඉතිං මං එ වෙලාවට තාත්තව වාට්ටුව මැද්දෙන් එක්නං ඇවිත් දොර ගාවට කිට්ටු කරගෙන පුටුවක වාඩි කරගෙන සිටියා. තවත් ගොඩක් ලෙඩ්ඩු ඒ විදියට එක්කන් ඇවිත් හිටිය.
පැයක් දෙකක් ගියා. තාම නං කතා කරන්නේ නැහැ. කලින් ඇවිත් හිටපු ලෙඩ්ඩුත් ඇතුලට ගත්තා ටික ටික. එකපාරටම එතටන අවා නර්ස් මහත්තයෙක්. කෝ මෙතන ඉන්න ඇන්ටිජන් කරන්න ආව ලෙඩ්ඩු දෙන්න කියලා ඇහුවා. පිස්සු හැදෙයි. තාත්තා හිටපු තැනට එහා බංකුවේ ඇන්ටිජන් කරන ලෙඩ්ඩු දෙන්නෙකි. ඒ නර්ස් මහත්තයා එයාලා එක්ක කතා බහ කරලා එහෙම කාමරයක් ඇතුලට ගිහින් අර හදේ යන කිට ගහන් ඇවිත් එයාලව එක්කන් ගිහින් ටෙස්ට් කරලා යැව්වා. එයාලා හිටපු බංකුවේ තව ලෙඩ්ඩු වාඩිවෙලා හිටියා. කාටවත් ගානක් නැහැ. පස්සේ ආරංචි වුනා එකම වාට්ටුවේ කොරෝනා පොසිටිව් අයයි නැති අයයි දෙකම ඉන්නවා කියලත්. ඇත්තද දන්නේ නැහැ.
කොහොම හරි දොළහ හමාරට විතර තාත්තව පරික්ෂා කලා දොස්තර මහත්තයෙක්. ඊට පස්සේ සති දෙකකට බෙහෙත් දීලා තියනවා. සති දෙකකින් බටේ ගලවනවා. එතකොට හොදවෙලා තිබුනේ නැත්නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා එව්වා.
ඉස්පිරිතාලේ බෙහෙත් තිබ්බේ නැති හන්දා පාමසියෙන් බෙහෙත් අරගෙන අපි ගෙදර ආවා. සතියකින් ඇක්රේ එකකුත් ගන්න තියෙන හින්දා ඊලග සතියේ තමයි මම ගෙදර ගියේ ආයේ. බෙහෙත් ඉවරයිනේ පුතේ කියනකොට මම උඩ ගියා. රැට විතරක් ගන්න තිබුන පෙති උදේ හවස අරගෙන. ඩබල් ඩෝස්. දැන් මොනවා කරන්නද? දොස්තරටම තමයි කියන්න ඔනේ. දොස්තර මහත්තයා ප්රයිවට් චැනල් කරන්න බැලුවම මේ ටිකේම නිවාඩුලු. ඉතිං ඒ දේම කරන තවත් දොස්තර මහත්තයෙක් බලලා එයාව චැනල් කලා.
දොස්තර මහත්තයා ලෙඩාගේ විස්තර අහලා එයාගේ කොම්පියුටරේ ගහගත්තා. ඊට පස්සේ කිව්වා මේ බටේ ගලවන්න වෙන්නේ ඔපරේෂන් එකකින්. ලක්ෂ එකහමාරක් දෙකක් යයි. කොහෙද කරන්නේ ආසිරි කරනවාද? සුවසෙවනේ කරනවාද? කියලා ඇහුවා. මම කිව්වා මම මම ලෙඩා එක්ක ආවේ බෙහෙත් වැරදිලා දෙගුණයක් පෙවිලා හින්දා මොකද කරන්නේ කියලා අහන්නයි කියලා. ඒක ප්රශ්නයක් නැහැ කිව්වා. ඊලගට මොකද කරන්නේ කියලා මගෙන් ඇහුවා.
හොද වෙලාවට මම වාහනේ යතුර කරකව කරකව නෙවෙයි ගියේ. මං බොහොම අහිංසක විදියට ඇහුවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරගන්න බැරිවෙයිද කියලා. ඉන්ට මං ලියුමක් දෙන්නම් කියලා දඩබඩ ගාලා ටයිප් කරලා ලියුමක් දුන්නා. ඕක ඇරන් එයාගේ කිලිනික් එන්න. එතන්දි ටෙස්ට් එකක් කරලා බලලා ඔනෙ වුනොත් විතරක් ඔපරේෂන් කරනවාලු.
ප්රයිවට් එකේ කිසි කතාවක් නැතිව කපන දොස්තර ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙදි ටෙස්ට් කරලාලු කපන්නේ.
කොහොම හරි බෙහෙත ඩබල් බිව්ව එක මොකද දොස්තර මහත්තයෝ. ඒක අවුලක් නැහැ. ආයේ බෙහෙත් බොන්න එපා. වැඩක් නැහැ. කිව්වා.
මම හා කියලා ආවා.
ඊලග සතියේ මම ගෙදර ගියේ දොස්තර කියපු සල්ලි ටිකත් ලැහැස්ති කරගෙන මොනවා වුනත් කියලා.
මල්ලිව උදෙන්ම පිටත් කලේ නොම්බරයක් ගන්න. එයා හතරවෙනි නොම්බරේ අරගෙන. අපි වෙලාවට ගියා. ඒත් අටට එන දොස්තර ආවේ නවයහමාරට. වෙනදා දොස්තරලා පහක් හයක් ඉන්න තැන එක දොස්තර නොනෙක් විතරයි. තාත්තව බලලා කිව්වා. අපි බටේ ගලවමු. වතුර ටිකක් වැඩිපුර බොන්නකෝ. ගැටලුවක් නැතිව මුත්රා පිටවුනොත් යන්න පුලුවන් කියලා. ඉතිං තාත්තගේ බටේ ගැලෙව්වා නරස් මහත්තයෙක්. එයාට හොදට වතුර බොන්න දුන්නා. පැයක් විතර යනකොට තාත්තට මුත්රා බර හැදුනා. කිසි ගැටලුවක් නැහැ. වැඩේ හරි. අර කියපු පරික්ෂනත් නැහැ. ඔපරේෂනුත් නැහැ.
සල්ලි ගන්න අවුරුදු අසූවක් වයස මගේ තාත්තව කපන්න ගිය දොස්තරට පින් අනුමෝදන් කරලා එතනින් එන්න ලැස්ති වුනා.
කොහොම හරි ඒ ඉවර වෙනකොට දොස්තර නෝනත් නැහැ. එයා ලෙඩ්ඩු දහයක් විතර බලලා ගිහින්. මිසි නෝනා අනික් ලෙඩ්ඩුන්ට වෙන දින දිලා ආපහු යවනවා.
අනික් දොස්තරලාට කොවිඩ් පොසිටිව්ලු. වැඩකරන අයගෙන් බාගෙට බාගයක් පොසිටිව්ලු.
අනේ මන්දා- වෙන ලෙඩවලට ආපු ලෙඩ්ඩු කි දෙනෙක් පොසිටිව් ඇද්ද දන්නේ නැහැ.

5 comments:

  1. පුදුම වුනේ නැති වුනත්, හරියට කනගාටු හිතුනා. මේ සෞඛ්‍ය මාෆියාව ගැන, අඩුම ගානේ අපි මෙහෙම හරි කතා කරන්න ඕනෙ.

    "ලෝකය වඩාත්ම විඳවන්නේ නරක මිනිසුන්ගේ හිංසාකාරී ක්‍රියා නිසානොව හොඳ මිනිසුන්ගේ නිහඬ බව කරණ කොට ගෙනය" !

    ReplyDelete
    Replies
    1. අම්මපා මට නං අර දොස්තරයගේ බඩ හරහට කපලා එන්න තරං කේන්ති හිතුනා. මට ලක්ෂ දෙකක් දෙන එක වැඩක් නෙවෙයි තාත්තා වෙනුවෙන්. ඒත් කිසිම දෙයක් නොකර සරලව කරන්න පුලුවන් දෙයක්. සල්ලි ගන්න ඔපරේෂන් කරන එක මොන තරම් පහත් වැඩක්ද?

      Delete
    2. ලංකාවෙ අධ්‍යාපනයවත්, සෞඛ්‍ය ක්‍රමයවත් "නිදහස්" නෑ. ඕකට කියන්නෙ "two tier system" කියලයි. සිස්ටම් එක හැදිල තියෙන්නෙ, ඔහොම ගසාකන්න ඉඩ දෙන්නයි. එකෙක්, දෙන්නෙක් අවංක වෛද්‍යවරු හිටියත්, ගොම සංගම් මාෆියාවට ඉහලින් යන්න බෑ.

      ඇත්තටම දේශපාලනයෙන් විසඳන්න ඕනෙ ප්‍රශ්ණ. ඒත් මේ කපේදි එහෙම වෙන්නෙ නෑ. හොඳම විහිලුව, "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය" කිව්වට, නියම නිදහස් සෞඛ්‍ය පහසුකම් තියෙන්නේ අධිරාජ්‍යවාදී, ධනවාදී බටහිර වීමයි.

      Delete
  2. ඇටෙන්ඩන්ලාට නර්ස්ලා බයයි. නර්ස්ලාට දොස්තරලා බයයි.දොස්තරලාට රෝහල් අධ්‍යක්ෂක බයයි. රෝහල් කාර්‍යමන්ඩලයට සෞඛ්‍ය ලේකම් හා අධක්ෂක බයයි. මුලු රෝහල් පද්දතියටම ඇමතියා බයයි. ඇමති මන්ඩලයට ජනාධිපති බයයි. සාමාන්‍ය පුරවැසි අපි මේ සියල්ලටම බයයි.

    ReplyDelete
  3. අද ලංකාවේ ඉන්නේ ජන වර්ග 3යි මහත්මයා
    1. බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරන අය
    2. සාධාරණව සල්ලි හම්බ කරන අය
    3. ඔය දෙකම කරගන්න බැරුව පීඩිතයෝ වෙලා අසරණ වෙලා ඉන්න අය. (වැඩි හරිය මේ ගොල්ලා තමා)

    කොරෝනා සම්බන්දව නම් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඔය හොදටම කියල තියෙන්නේ.

    ReplyDelete