Monday, August 30, 2021

නැවතත් වැඩවසම් යුගයකට.

මා දන්නා ආර්ථික විද්යාවක් නැත්තේය. ඒත් මේ යන විදිය බලන් ඉන්න මට එක එක බහුබූත දේවල් හිතට එන්නේය.

මේ යන විදියට කෙරෙන්නේ රටේ සල්ලි එක තැනකට ගොඩ ගැසෙන එකයි. ඒකෙන් වෙන්නේ ඇති නැති පරතරය වැඩි වෙන එකයි. ඒක එන්න එන්නම වැඩි වෙනවායි.
එක්කෙනෙකුට ආනයනය කරන්න දුන්නම ඒකේ ලාබය කුට්ටිය පිටින්ම එයාට යනවානේ. එතන සල්ලි එකතු වෙනවා.

මට මතක් වුනේ අර පාසල් නිල ඇදුම් දෙන්න කූපන් එකක් දුන්න වැඩේ. ඇත්තටම ඒක රටකට කොච්චර හොද දෙයක්ද කියලා දැන් තේරෙනවා. ඒ කියන්නේ රටේ සල්ලි රට පුරා විසිරෙන එක.
අධ්‍යාපනය ගැන හිතුවොත් දැන් වෙන්නෙත් ඒකම තමයි. ඇති එකා හොදටම ඉගෙන ගන්නවා. නැති එකාට මොකවත්ම නැති වෙනවා. ඇත්තටම කිව්වොත් ගුරුවර්ජනය නිසා වෙච්ච හරියක් නැ. මොකද ඔන්ලයන් ඉස්කෝල වලට ආවේ 40%ක් විතර ලමයි. ඒ යමක් තියෙන කරගන්න පුලුවන් අය. මේ වෙනකොට එයාලගේ අධ්‍යාපනය කොහොමත් කෙරෙනවා. ටියුෂන් පන්ති වලින්. අර 60% ට තමයි මොකවත්ම නැති වෙලා තියෙන්නේ.
රජයේ ප්‍රතිපත්ති වලින් කෙරෙන්නේ ඇති නැති පරතරය වැඩි කරන එක. ඒක වැඩි වෙලා වැඩි වෙලා ගියාම වෙන්නේ ආයෙම වැඩවසම් ක්‍රමයක් ඇති වෙන එක තමයි. මේක ධනවාදය නෙවෙයි. රදලවාදය කිව්වොත් හරි.
තවත් එකක් තමයි, ඔය රජකාලේ හිටියා නේද රදළ කියල කොටසක්. හොදට හොයල බැලුවොත් දැන් කාලේ දේශපාලනය කරන්නේ බහුතරයක්ම ඔය රදළ පෙලපත් වලින් පැවතගෙන එන අය තමයි.
ඉතිං මං ඒකට රදළවාදය කියලා කියන එක වැරදි ද දන්නේ නැහැ.
ඔන්න ඉතිං මං ජෙප්පෙක් කියලා ලේබල් ගහන්න එපා හරිද? මට ඔකුන්ව පෙන්නන්ට බෑ

1 comment:

  1. වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවීත් පාසැල් අධ්‍යාපනය පනගන්වන්න වැඩ පිළිවෙළක් හදාගන්න බැරිවිය. එළවළු ටික බෙදාහරින්න බැරිවිය. ලැයිස්තුව තව දිගය. මේ විනාශ කිරීම සඳහා බටහිර ලෝකයම කුමන්ත්‍රණය කරන ලෝකෙං උතුම් රටේ නිර්මාණාත්මක හැකියාවය.

    ReplyDelete