Sunday, July 25, 2021

ආදරණීය ගුරුවරුනි, රටක අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා

ආදරණීය ගුරුවරුනි, ඔබ පාසැල් ගුරුවරයෙක් විදියට කරන්න තියන වැඩ රාජකාරි තියෙනවා. පාසලක් හැදිලා තියන ක්‍රමවේද තියෙනවා. ඔබට වැඩ කරන්න තියෙන්නේ ඒ ක්‍රමවේද වලට අනුව. එතනදි ඔබට හිතුන හිතුන දේවල් කරන්න බැහැ. ඔබට හිතුන හිතුන වෙලාවට ඉස්කෝලේ ගිහින් හිතුන හිතුන දේවල් උගන්වන් බැහැනේ. නිකං හිතන්ට පන්ති කාමරයක ඉන්න ළමයි ගනන තීරණය කරලා තියෙන්නේ කවුද? ඒක කරලා තියෙන්නේ ඒ පිලිබදව විද්වතුන් විසින්. ඒ තීරණයට ඔබ එකග වෙනවා ඇර ඔබගේ තීරණ එතන ක්‍රියාත්මක කරන්න බැහැ. විනාඩි 40 කාලච්ඡේදය ඔබට මදිද වැඩිද කියලා තීරණය කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබට තියෙන්නේ ඒ කාලච්ඡේදය තුල ඔබට දීලා තියන විෂය කොටස ආවරණය කරන්න. ඒකත් කරන්න ඔනේ විදිය යම් ප්‍රමාණයකට දීලා තියෙනවා.




රටකට තියෙනවා අධ්‍යාපන අරමුණු කියලා දෙයක්. ඒවා සම්පූර්ණ කරගන්න තමයි පාසැල්, පන්තිකාමර වගේම ඒ තුල ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙලවල් හැදෙන්නේ. ගුරුවරයෙක් ඉන්නේ ඒ නිර්මාණය වෙලා තියන දේවල් ක්‍රියාත්මක කරන්නයි. ගුරුවරයාට හිතෙන හිතෙන දේවල් කරන්න එතනදි බැහැ. ඒ වැඩපිලිවෙල වල් හදන්න තමයි ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ආයතන තියෙන්නේ. ඒවගේ ඉන්න නිළධාරින් තමයි ඒ ක්‍රමවේද හදලා ඒවා ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ.
ඒක ඔන්ලයින්ද නැද්ද කියලා අදාල නැහැ.
ඔබට පුලුවන්ද හිතුන පොතක් අරන් ඒකෙන් උගන්වන්න. බැහැනේ. ඒකට නිර්දේශිත ග්‍රන්ථ තියෙනවා. ඔන්ලයින් පන්තියකදි එකතොට ඔබට හිතුන මෘදුකාංගයක් පාච්චි කරන්න පුලුවන්ද? සමහරු සූම් වලින්, සමහරු ටීම් වලින්, සමහරු වට්ස්ඇප් වලින්, සමහරු ටෙලිග්‍රැම් වලින්, තවත් සමහරු මීට් වලින්, තවත් අය තව තව දේවල් වලින් උගන්නවා. ඒක හරිද? කෝ බලධාරින්, අවරුදු එක හමාරක් නිකං පඩි ගත්තේ ගුරුවරුද? ඔබද? කෝ එහෙනං උගන්වන්න පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන මෘදුකාංග. කෝ ඒවා ලබාගන්න ක්‍රමවේද?
ගුරුවරුනි, ඔබට පුලුවන්ද හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙට ගිහින් උගන්වන්න. බැහැනේ. ඒකට පාසල් පවත්වන්නට නිශ්චිත වෙලාවක් තියෙනවා. ඒවා නිකං හිතලු නෙවෙයි. පීරියඩ් එකක කාලය හිතෙන හිතන ගානක් නෙවෙයි. සතියට උගන්වන පීරියඩ් ගාන හිතෙන හිතන ගානක් නෙවෙයි. ඔබට එහෙම කරන්න බැහැ. ඔන්ලයින් පන්තියෙදි ගුරුවරු හිතන හිතෙන වෙලාවට උගන්වනවා. සමහරු උදේ පහටත් පන්ති. සමහරු මහ රැ දොලහටත් පන්ති. එක එක අය හිතෙන හිතෙන වෙලාවල් උගන්වනවා. පැය දෙකක් උගන්වන්න කියලා කොහෙද තියෙන්නේ? දරුවෙක්ට තිරයක් ඉස්සරහා ඉන්න හොද කාලය කොච්චරද? විවේකය දෙන්නේ කොහොමද? කොයි වෙලාවෙද ඉගෙනුම කරන්න හොද? ඒවා ගැන හොයලා තීරණ ගන්ට තමයි අර ආයතන තියන්නේ. ඒවාගේ වැඩකරන නිළධාරින් පහුගිය ටිකේ පඩි ගත්තා නේද? එතකොට කෝ මේ දේවල් වලට වැඩපිලිවෙලවල්? ක්‍රමවේද? දැන් එතකොට නිකං පඩි අරන් තියෙන්නේ ගුරුවරුද? නිළධාරින්ද?
අධ්‍යාපනය කියන්නේ දැනුම පොවන එකම නෙවෙයි. ඊට එහා ගිය අරමුණු ගොඩක් තියෙනවා. පාසැල් වල විවිධ කටයුතු සංවිධානය වෙන්නේ ඒ අනුව. ක්‍රිඩා කටයුතු, විෂය සමගාමි කටයුතු, සමිති සමාගම්, විවිධ උත්සව තවත් තවත් බොහෝ දේවල් තියෙනවා. දැන් ඔන්ලයින් කියලා ඒවා ඔනේ නැද්ද? ඒවාට ආදේශක ක්‍රමවේද හදුන්වා දෙන්න බැරිද? ඔන්ලයින් කරන්න පුලුවන් ක්‍රිඩා නැද්ද? වෙනත් දේවල්, සමිති සමාගම්, රැස්වීම්, තරග එහෙම නැද්ද? ඇයි ඒවට ක්‍රමවේද හදුන්වා දෙන්න බැරි. කෝ මේ නිළධාරින්. අවුරුදු එක හමාරක් තිස්සේ මොනවද කලේ. විෂය සමගාමි ක්‍රියා මොනවද දරුවන්ට හදුන්වා දුන්නේ? දැන් නිකං පඩි අරන් තියෙන්නේ ගුරුවරුද?
නිකං මේක කරන්න මේක කරන්න කියලා මදි. මොකද ඒවට ගුරුවරුන්ව පුහුණු කරන්න ඔනේ. දැන් ඔය අමාත්‍යංශ මට්ටමින් ගුරුවරු පුහුණු කරලා තියෙනවද මේ ඔන්ලයින් උගන්වන්න. නැහැනේ. එහෙනං කියලා දුන්න ක්‍රමයක් නැතිව තමන්ට හිතලු කරන්න ගුරුවරුන්ට අයිතියක් නැහැ.
ආදරණීය ගුරුවරුනි, මතක තියාගන්න. ගුරුවරු කියන්නේ රජයේ සේවකයෝ. රජයේ සේවකයින්ට නියම කරලා තියන රාජකාරි පුහුණු කරලා තියන ආකාරයට අනුව ක්‍රියාත්මක කරනවා මිස හිතලු ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ හින්දා ඔබට නියම කරලා නැති, ක්‍රමවේද හදුන්වාදීලා නැති, ඔබව පුහුණු කරලා නැති දේවල් කරන්න ගිහින් නිකං අමාරුවේ වැටෙන්න එපා.

1 comment:

  1. සාධාරණත්වය, ආචාරධර්ම, විනය, අකුසල්, පව් මේ සියල්ලටම අනුකූලව කටයුතු කල යුත්තේ පාලිතයින් පමනක්ද? වැඩකරන මිනිසුන් පමණක්ද?
    වරෙක පී ඒ ලීලාරත්නයන් ලියා ඇන්ද චිත්‍ර කථාවක සුන්දර දෙබසක් තිබුනා.
    "පොඩ්ඩක් වැදගත් විදියට හැසිරියංකො!"
    "හරි හරි ලොක්කා! අපිත් බඩගිනි නැති වෙලාවට වැදගත් තමයි"
    මේ ගුරුවරු පසුගිය වසර ගනනාවක සිට කලේ මහ පාරේ චාටර් වීම වත් උද්ගෝශන පැවැත්වීම වත් නොවේ.
    අධ්‍යාපනයට අයවැයෙන් සොච්චමක් වෙන් කොට උන්ගේ සුඛවිහරණය සඳහා අනවශ්‍ය තරම් මුදල් නාස්ති කරණ රටක මෙවා දකින්නට ලැබැන සුලභ දසුන් බව මා නම් විශ්වාස කරමි.
    ඔබගේ පියාගේ මතය කුමක්ද?

    ReplyDelete