හිරුගේ
තද රැසින් හිස මගෙ කකියනවා
නිරුවත් දෙපා පොඩි පාරට දිය වෙනවා
අහරක් නොමැති ගත මාගේ වෙවුලනවා
මළ කෑ ටින් කබල තවමත් වේලෙනවා
කුසගිනි දැනේ මහමෙරුවට වඩා මට
නැග එයි
මවුගෙ මතකය දුක් නසන්නට
කඳුලැළි වැටුණි නෙතඟින් මවු නැති දුකට
යන්නට සිතුනිදෝ තනිකම දීලා මට
වීදියෙ කෙළවරේ නුග ගස සෙවණ යට
තනිකම තුරුලෙ උණුසුම් වෙමි සීතලට
මවකගෙ තුරුලෙ උණුසුම හිමි නැහැනෙ මට
මා දැක නොම යන්න අඳ මිනිසෙකු ලෙසට
+++++
ReplyDeleteවිහින්දිටයි තාත්තාටයි: අන්න මම කිමිදීම ගැන ලියන්න පටන් ගත්තා. උනන්දුනම් ඇවිත් බලන්න!
ReplyDeleteLovely blog, thanks for taking the time to share this.
ReplyDelete