Monday, October 28, 2019

පුංචි පුංචි මහ ගස් (බොන්සායි)


අපි අවට තියෙන මහ ගස් පුංචි පුංචි පෝච්චි වල හදලා තියෙනවා සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. ඒ ගස් අපේ මේසයක් හරි පොඩි ආධාරකයක් හරි උඩ තියන්න පුලුවන් විදියට බොහොම පොඩියට තමයි හැදිලා තියෙන්නේ. හැබැයි අර විශාල ගහේ තියන විදියමයි. අතු මුල් මල් කොල හැම දේම තියනවා. හැබැයි වෙනස කුඩා එක විතරයි.

පින්තුරය අන්තර්ජාලයෙන්
මේ විදියට ගස් හදන එක චීනෙ ඉදලා ආව කලාවක්. ඒක බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ගහට අවශ්‍ය පොහොර හිරු එළිය හැම දේම නියම විදියට දීලා ගහට හැදෙන්න ඉඩකඩ අහුරන එක තමයි මේකෙදි මූලිකව කෙරෙන්නේ. එතකොට ගහ ඒ ඉඩට හරියන විදියට හැදෙනවා.
ගහක් මේ විදියට හදාගන්නවා කියන්නෙත් එක විදියකට කිව්වොත් බාවනාවක් වගේ වැඩක්. පොඩි දරුවෙක් හදා ගන්නවා වගේ වැඩක්. කරදරකාරී පරිසරයෙන් මිදෙන්න බොහොම හොද දෙයක්.
ඔයාටත් බොන්සායි ගහක් ගෙදර හදාගත්තොත් ඒක මානසික සැහැල්ලුව ලබාගන්නත් බොහොම උපකාරි වේවි.
බොන්සායි වගාවක් කියන්නේ ආර්ථික අතින් වටිනාකමක් ගන්නත් පුලුවන් දෙයක්. අවුරුදු ගනනක් ගිය බොන්සායි ගස් බොහොම ලොකු මිලට විකුණන්නත් පුලුවන්.
පහුගිය දවසක නුවර ගිහින් එන අතරමගදි කජුගම ආසන්න තැනකදි බොන්සායි ගස් විකුණන්න තියලා තියන තැනක් දැක්කා. ඒ ගමන්ම බොන්සායි වලට ආසාව හින්දම පොඩ්ඩක් නැවතිලා ඒ ගැන කතා කලා. මේක කියවන ඔයාලටත් බොන්සායි ගැන අදහසක් දැනගන්න පුලුවන් වෙන්න ඒ ගැන පුංචි වීඩියෝවක් කලා. ඒක බැලුවොත් බොන්සායි ගැන තව ටිකක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වේවි.




පරිසරයට ආදරය කරමු. ඒ ආදරය අපිව ජීවත් කරවනවා.

2 comments:

  1. වැදගත් වීඩියෝවක්. ස්තූතියි ඔබට. වීඩියෝවේ කුඩා eco එකක් එනවා, ඒකත් හරිගස්සගන්න පුළුවන් නම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වූවාට. ඇත්තටම ඔතන කතා කරන්නවත් බැරි තරම් බාහිර සබ්ද තිබුන තැනක්. ඒත් වෙන වෙලාවක් තැනක් නැති හන්දා වීඩියෝ කලා. හඩ වෙන් කරලා ඒකේ noise නම් ටිකක් විතර අයින් කරන්න පුලුවන් වුනා. eco එකත් හදන්න උත්සහ කරන්නම්.

      Delete