විහින්දි කියන්නේ කුඩා දැරියක්ගේ ජීවිතය වටා ගෙතුන කතා එකතුවක්. දරුවන්ට දෙන්න ඕනේ මොනවද කියලා වෙනස් විදියට හිතන්න ඉඩ දෙන තැනක්
Wednesday, August 7, 2019
රියදුරුට නොපෙනෙන පාර
ගොඩක් වෙලාවට අනතුරක් වුනාම හැමෝම කරන්නේ
රියදුරාට දොස් කියන එක. ඒත් මං නං කියන දේ තමයි කිසිම රියදුරෙක් අනතුරක් කරන්න කියලා
රිය ධාවනය කරන්නේ නැහැ කියන එක. නීති කඩ කරමින් ධාවනය කරනවා කියන්නේ නම් බරපතල
වරදක් තමයි.
රියදුරෙකුට නොපෙනෙන ඉදිරිපස කලාපයකුත් තියනවා.පින්තූරයේ රතු පැහැති මගියාව රියදුරුට පෙනෙන්නේ නැහැ. ඔහු පදික මාරුවක් හරහා යනවා වෙන්න පුළුවන්. එහෙම වුනොත් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ඒ හින්දා පදික මාරුවකින් යන මගීන්ගේ වගකීමක් වන්නේ ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට තමාව දර්ශනය වුනාද කියන එක ගැන අවධානයකින් පාර මාරු වෙන එකයි. එහෙම නැතිව අනතුරකින් වෙන දේ කිසිම විදියකින් යථා තත්තවයට පත් කරන්න බැරි දෙයක් වෙන් පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
ඕකට එක විසදුමක් අර සුට්ටන් blind spot mirror එකක් පැති කණ්ණාඩියේ අලවන එක.
ReplyDeleteA pillar වගේම තව B සහ C pillar තැනුත් blinds pot.ඔය මරාල වලට එකම බේත මීටරයෙන් රිය පැදවීම.
වාහනයේ යන අයත් රියදුරු මහත්තයගේ අවධානය නොබිඳ ඉන්න දැනගන්න ඕනි.
ඒ විතරක් නෙවෙයි, පාරෙ යන අයත්...
Delete