Monday, July 29, 2019

පැය තුනක නිවාඩුවක්

වෙනදා වගේම සති අන්තෙ පේරාදෙනිය විශ්ව විද්යාලෙට ගියේ මගේ පශ්චාත් උපාධියේ දේශන වලට සහභාගි වෙන්න. අපොයි. ..උදේ 9-12 ලෙච්චර් එක කැන්සල් වෙලා. කැමරාවත් කාර් එකේ තිබ්බා හොද වෙලාවට. කොහෙ හරි ඇවිදින්න යං කිව්වට කවුරුත් එකතු වුනේ නැහැ. ඒකත් හොදයි කියලා උඩ හන්තාන පාර දිගේ වාහනය පදවන් ගියා. මුලින්ම ගල් අම්බලම. ඊලගට මුස්ලිම් පල්ලියක්. ඒක වල් වැදිලා තිබ්බෙ. ඉස්සරහ ඉබි යතුරු දාලා. ඒත් ඇතුලෙ නං කවුරු හරි ඉන්නව වගේ තේරුනා.
එතන පහුකරලා ඉස්සරහට යද්දි හීන් දොල පාරක්.


තවත් ඉස්සරහට යද්දි ගල් පාලම.

එතනින් වමට හැරිලා ඉස්සරට ගිහින් ඊලග හන්දියෙන් හන්තාන පැත්තට හැරුනා. ලයිම මැදින් ගිහින් පාර ගියෙ හන්තාන කැලේට . ඒත් විශ්ව විද්යාල භූමිය.. වංගු කීපයක් යද්දි මුර කුටියක්. එතන වාහනය නතර කලා. එතනදි මගෙ විස්තර අහලා ලියා ගත්තා. විශ්ව විද්යාලයේ හැදුනුම්පත තිබුන හින්ද එතනින් එහාට යන්න පුලුවන් වුනේ. එතනින් දෙපැත්තකට යන්න පුලුවන්. දකුණට ගියාත් උඩ හන්තාන සංචාරක බංගලාව, ගුවන් විදුලි සම්ප්රේෂණ කුලුණ ලගට යන්න පුලුවන්. වමට ගියාම හන්තාන කන්දට යන්න පුලුවන්. ඒ මගදි දියපාරක් පොඩි දිය ඇල්ලක් හම්බෙනවා. මං දිය ඇල්ලට යන්න හිතුවා. විශ්ව විද්යාලයේ කෘෂි අංශයේ උෟරු ගොවිපල ලගින් කැලයට ඇතුල් වුනා. එතන ඉදලා අඩි පාර.

කැලය මැදින් ටික දුරක් යද්දි දොල පාර හම්බුනා. ඒකට බැහැල මූන කට හොදගෙන ආයෙම පිටත් වුනේ දොල පාර අයිනෙ තිබ්බ අඩි පාර දිගේ. කිලොමීටරක් විතර යද්දි මට යන්න ඕනෙ වුන තැනට ලගා වුනා. ගල දිගේ පහලට එන දියපාර කෙලවර වතුර ගන්න හදපු ඇනිකට් එක.
ඒක දකිද්දි තමයි ඉස්කෝලෙ ගිය කාලේ මතක් වුනේ. දවසක් එකොලහෙ පන්තියෙදි කොල්ලො හතරපස් දෙනෙත් ඉස්කොලෙ යන්නෙ නැතුව හන්තාන කන්ද නැග්ගා. ඒ නැගලා බැස්සෙ මෙතනින්. මේක දැක්කා විතරයි කට්ටිය ඇදුං ගලෝල තියලා පැන්නෙ නැතෙයි වතුරට. කොහෙම හරි මං ගොඩ ආවෙ වතුර සීතලට කකුල් ලොක් වෙලා. ආයෙ ඇවිදින්න පුලවන් වෙන්න සෑහෙන යුද්දයක් දෙන්න වුනා. එදා ආපහු ආව පාරෙ තමයි අද මං ගියෙ. ඒ කිලෝමීටර තුනක් විතර වාහනේ ගිහින්. කොල්ලො කාලෙ ඇවිදින එක ගානක් වත් නෑ.
කොහොම හරි හවස ලෙච්චර් එකට ඉන්ට මං ආපහු ආවා එතන ටික වෙලාවක් ඉදලා. මේ පින්තුර නං ‌‌ෆෝන් එකෙන් ගත්තු පින්තූර.. ඒවා දැම්මේ කියලා කවුරුවත් අමනාප ‌වෙන්න එපා..

3 comments:

  1. අපුරුයි. දවසක යන්න ඔනේ. තව පින්තූර ටිකක් එක්වුනානම් තවත් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. පින්තූර නම් තියෙනවා. ඒත් ‌‌‌මෙතන පින්තූර පිරෙව්වම ලියන එකේ වටිනාකම අඩුවෙයි කියලා හිතුනා. ස්තුතියි අදහසට. තව පින්තූර එකතු කරන්නම්කෝ

      Delete
  2. නියමයි. අර කිවුවත් වගේ තව පින්තූර තිබුණනං අගෙයි.

    ReplyDelete