පිටකෝට්ටේ බංගලාහන්දියේ පිහිටි ඊ.ඩබ්.පෙරේරා අනුස්මරණ කෞතුකාගාරය
කෝට්ටේ යුගයේ තොරතුරු එක්තැනකදී හමුවන ස්ථානයක් මෙන්ම කෝට්ටේ යුගය පිළිබද වූ සුවිශේෂී කේන්ද්‍රස්ථානයකි. මුල් කාලයේදී ඊ.ඩබ්. පෙරේරා මහතාගේ
පෞද්ගලික නිවාසය වූ මෙම ගොඩනැගිල්ල පසු කලෙක එතුමා විසින් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරන ලදී.
ප්‍රකට නීතීඥවරයෙකු ඊ.ඩබ්. පෙරේරා මහතා එකල ප්‍රබල සමාජ සේවකයෙක්ද
විය. කෝට්ටේ රාජධානි පරගැත්තන්ගෙන් නිවහල් රාජධානියක් බවට පත් කරලීමට අති විශාල කැප
කිරීමක් කළ පෙරේරා මහතා "කෝට්ටේ සිංහයා" යන විරුදාවලියෙන් පිදුම්
ලද්දෙකි. දහනව සියවස අගභාගයට අයත් සේ සැලකෙන මෙම ඊ.ඩබ්.පෙරේරා අනුස්මරණ කෞතුකාගාර
ගොඩනැගිල්ල වර්තමානයේදී කෝට්ටේ ඉතිහාසය සදහා වූ මූලාශ්‍ර හා තොරතුරු ඇතුළත්
පුරාවිද්‍යා කෞතුකාගාරයක් ලෙස භාවිත වේ. පැරණි කාසි, පැරණි කැටයම් සහිත පුවරු, පුරාණ
ආයුධ, භාජන, ආභරණ හා ඉදිකිරීම් සාධක මෙහි කෝට්ටේ යුගයේ ඉතිහාසය මනාව පිළිබිඹු කරන පුරාවස්තු
වේ.
කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති පුරාවස්තු අතර
ඊ.ඩබ්. පෙරේරා මහතාගේ උපාධි ලෝගුව, අත් බෑගය හා තොප්පිය වැනි බොහෝ දෑ ඉතා ආරක්ෂිතව
ප්‍රදර්ශනයට තබා ඇත. තවද ඉංග්‍රිසි යුගයෙහි කෝට්ටේ රාජධානියෙ තුළ භාවිත වූ
කොඩි, තුවක්කු, කඩු, කිණිසි ආදියද මෙහි දකිනට ඇත.
කෝට්ටේ යුගයේ අතීත ප්‍රෞඪත්වය මැනවින් සුරක්ෂිත කිරිම
අරමුණු කර ගත් මෙම කෞතුකාගාරය ශ්‍රී ලාංකික හෙළ අභිමන් ලොවට කියා පාන්නට දරන වෑයම
අති මහත්ය.