Sunday, July 15, 2018

රසම රස කතාවක්

මේක ට්‍රිප් යන කාලයක් නෙවෙයි. ට්‍රිප් එකක් ගැන කතා කරත් යුද්ධ ප්‍රකාශ වන කාලයක්. ඒ වාර විභාග හින්දා. විභාගයට මාසයක් විතර තියලා පහුගිය විභාගේ ප්‍රශ්න පත්තර ටික ගෙන්නගන්න විහින්දි ඒවා කරනවා. ඒ වගේම වෙන වෙන වැඩ නවත්තලා විභාගෙට පාඩම් කරනවා. සමහර දවසට ගොඩක් රෑ වෙනකන්ම පාඩම් කරනවා. ඒ වෙලාවට එයාගේ අම්මත් එයත් එක්කම ඇහැරලා ඉන්නවා. ඉස්සර නං විහින්දි ලගටම වෙලා හැම දෙයක් ම කියලා දෙන්නේ එයාගේ අම්මා. දැන් විහින්දි ටිකක් ලොකු හින්දා එයා එයාගේ පාඩම් වැඩ තනියෙම කරගන්නවා. ගැටලුවක් ආවොත් තමයි අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්නේ.
අම්මටත් දැන් ඒ වෙලාවේ පන්තියකට යන්න පුලුවන් වෙලා. විහින්දි පාඩම් කරන අතරේ එයාගේ අම්මගේ වැඩේ කේක් පන්ති යන එක.
“මේ මහ රෑ මොන කේක් පන්තිද? ” කියලා අහන්න එපා දැං
ඒ පන්තිය තියෙන්නේ එයාගේ ෆෝන් එකේ. එහෙම කිව්වට එයා කරන්නේ YouTube ගිහින් කේක් හදන වීඩියෝ බලන එක. පැය ගානක් වීඩියෝ බලනව කියන්නේ විහින්දිගේ තාත්තගේ ඇස් උඩයන වැඩක් තමයි. මාසෙම පාවිච්චි කරන්න තියෙන ඩේටා ටික දවසකින් දෙකකින් ඉවර කරලා දානවා කියන්නේ ඉතිං ඇස් උඩ යන දෙයක් තමයි. ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ෆෝන් වලින් YouTube වීඩියෝ බලද්දි ගොඩක් ඩේටා යන හේතුව. ඒක තමයි ඒකේ ඉබේම HD වීඩියෝ තේරිලා තියන එක. ඒ තරං ඉහල පින්තුර තත්වෙ වීඩියෝ බලන්න අගල් 40 ටීවි එකක් වත් ඕනේ. ෆෝන් එකෙන් වීඩියෝ කොලිටි ටිකක් අඩු කලා කියලා පින්තුර අපැහැදිලි නෑ.
“කෝ ඔය ෆෝන් එක ටිකක් දෙන්නකෝ” එහෙම කියලා අම්මගෙන් ෆෝන් එක ඉල්ලාගන්න විහින්දිගේ තාත්තා කරන්නේ වීඩියෝ Quality – 240p විතර වෙනකන් අඩු කරලා ආපහු දෙන එක. කලින් 720p ට තියෙද්දි පැයක් බලපු ඩේටා වලින් දැන් පැය 3 ක් බලන්න පුළුවන්.  
-විහින්දිගේ උපන් දින කේක් එක-
කේක් හදන්න නං ගොඩක් ඩටු මුට්ටු ඕනේ වෙනවා. විහින්දිගේ අම්ම ගාව ඒ ගොඩක් ජාති තියෙනවා. ඒවා කොච්චර ගනන් වුනත් එයා කොහොම හරි ඒවා ගන්නවා. ඒ වගේම ඒවා හොදට පරෙස්සං කරලා තියාගන්නත් එයා දන්නවා. විහින්දිගේ මේ අවුරුද්දේ උපන් දිනේට අම්මා හදපු කේක් එක ගොඩාක් ලස්සනයි. ඒ විහින්දි ගොඩක් ආස Barbie Girl කේක් එකක්. ඒ කේක් එකේ පපුවෙන් උඩ කෑල්ල විතරයි බෝනික්කෙක්. ඉතිරි හරිය ඔක්කොම කේක්. ඔය වගේ කේක් එකක් හදන්න ලේසි නෑ. ඒ ඇදුමේ තියෙන චූටි චූටි මල් වගේ ඒවා, රැලි ගවුම, මේවා හදන්න ගොඩක් වෙලාව යනවා. ඒවා හරි සියුම් වැඩ. විහින්දිගේ අම්මට දැන් නං ඒවා ලේසියෙන්ම කරන්න පුළුවන්. අනික ඉතිං හොරෙනුත් එපැයි හදන්න. නැත්තං ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑලුනේ.
ඔන්න ඉතිං දැන් ලස්සන උපන්දින කේක් හදාගන්න කැමති අය ට විහින්දිගේ අම්මව හම්බුනා නම් හරි. එයා ඒවට සල්ලි නං ගන්න එකක් නැහැ. තව අමතර කේක් එකකටත් එක්ක ඕනේ කරන බඩු ටික අරන් දුන්නම ඇති වෙයි.  


කේක් විතරක් නෙවෙයි විහින්දිගේ අම්මට ගොඩක් කෑම ජාති හදන්න පුළුවන්. එදා විහින්දිගේ උපන් දිනේ දවසේ එයාගේ අම්මා රසම රස Pizza ත් හදලා තිබුනා. එයා ඔය හැමදේම ඉගෙන ගත්තේ  ගෙදර ඉදලයි. ඕනේ කම තියෙනවා නං මේ ජංජාලේ ඇතුලේ මොනාද නැත්තේ ඉගෙන ගන්න. තියෙන්න ඕනේ, ඕනේකමයි, Data යි විතරයි. 

6 comments:

  1. 240p ඔය වැඩේ මං මටම කරගන්නවා ............නැත්තං ඩේටා කාඩ්වලින් දුහන්ඩ අමාරුයි

    පීසා ..කේක් එහෙම හැම වෙලාවෙම තියනවද ...ගොඩක් වෙලාවට ඔය පාරෙං යැවෙන්නෙම බඩගිනි වෙලාවට

    ReplyDelete
    Replies
    1. තිබ්බේ නෑ කියලත් අවුලක් නෑ. ගේන දෙයක් හරි ආපහු පිගානක දාලා දෙන එකනේ තියෙන්නේ. යන වෙලාවකට ගොඩවෙලා ගියානං මනාපයි...

      Delete
  2. මද්දගෙත් අලුත් රෙසපී එනනෙ යූ ටියුබගෙන්ම තමා.
    මාත් ඔය 240 දාල දෙන ⁣වැඩේ කරනව

    ReplyDelete
  3. ඩේටා ඉතුරු කර ගන්න හොඳ උපදෙසක්.ස්තුතියි අයියේ

    ReplyDelete
  4. බොහොම මහන්සියක් අරගෙන හැඩ වැඩ සියුම්ව කරල තියනව !

    ඒත් වැදගත්ම දේ රහ කොහොමද ? :)

    යූ බටෙන් වීඩියෝ බලන්න ගත්තහම ඔහොම කරන්න අමතක වෙන එක තමයි කාරිය. හොඳම දේ ගෙදර වයර්ලස් නෙට්වර්ක් එකක් දාල WiFi කනෙක්ට් වෙලා පාවිච්චි කරන එක.

    ReplyDelete