Monday, March 14, 2022

කූඩුව ඇතුලෙ ඉන්න කුරුල්ලන්ව පොටෝ ගහමු

සත්තුවත්ත වගේ තැනකට ගියාම දැල් කූඩුවක් ඇතුලේ ඉන්න කුරුල්ලෝ වගේ සත්තු පින්තුර ගන්න ගියාම ටිකක් අමාරුයි. අපි කොච්චර උත්සහ කලත් අපේ ඇහැට කුරුල්ලෝ පෙනුනත් පින්තූරයක් ගත්තම පේන්නේ කොටු දැල තමයි පැහැදිලිව.


ඉතිං මේ ගැටලුව මග ඇරගෙන පින්තූරයක් ගන්න හැටි තමයි මම මේ කියන්න හදන්නේ. පහුගිය දවසක මගේ යාලුවෙක් එක්ක වොටර් වර්ල්ඩ් එකට ගිහාම මට මේ ගැටලුව ආවා. ඉතිං මම එතනදි කරපු විදිය තමයි මේ කියන්නේ.


මුලින්ම ලෙන්ස් එකේ switch එක  manual focus (MF) පැත්තට ගෙනියන්න. එයින් පස්සේ ලෙන්ස් එකේ තියන පොඩි ring එක කරකවන්න පුලුවන් වෙනවා. දැන් අපිට කුරුල්ලව පැහැදිලිව පේන විදියට ඒක කරකවලා ගන්න වෙනවා. මෙතනදි වඩා හොද පින්තුරයක් ගන්න නම් කැමරාව දැල ආසන්නයට ගන්න වෙනවා වගේම කුරුල්ලා දැලෙන් වැඩියෙන්ම දුරින් ඉන්න වෙලාවක් තෝරා ගන්න වෙනවා.

ඒ විදියට ගත්තු පින්තූර ටිකක් තමයි පහලින් තියෙන්නේ.







 
 



10 comments:

  1. ලක්ෂ්මන් සත්ව උද්‍යානයේද සේවය කරන්නේ?

    මංජු

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. මම වෘත්තියෙන් නම් ගුරුවරයෙක්. ඇවිදින එකයි පින්තූර ගන්න එකයි තමයි විනෝදෙ.

      Delete
  2. මං ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි, මහා නසරානියෙක්. හැබැයි ලක්ෂ්මන් මහත්තයො - අරං තියෙන ෆොටෝවලට හරීම කැමතියි. විශේෂයෙන්ම අන්තිම එකට..

    ආඩම්බරෙන් විහිදනකොට ලස්සන පිල්
    මොනරු දන්නෙ නෑ 'පස්සේ' වෙන දේවල්
    රාජ පස්සවල් තියෙනා අයගෙ කචල්
    එකත් ඕක නිතරම විහිදනවනෙ පිල්

    ReplyDelete
    Replies
    1. මමත් ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි. වෘත්තියෙන් ගුරුවරයෙක්. ඇවිදින එකයි පින්තූර ගන්න එකයි කරන්නෙ විනෝදෙට. මේවා ලියන්නෙ ඉතිං කාටහරි වැදගත්වෙයි කියලා හිතුන හන්දා.
      ස්තුතියි ඔයාට, ඔයාගෙ අදහස්වලට.
      ඔයවාගෙ ඇස්වලට මං ගාව උත්තර තියෙනවා. මේ කමෙන්ටුව හින්දම මමත් තව තව කෝණ වලින් බලන්න හිතනවා. ස්තුතියි ආයෙමත්. තව තව ලස්සන ඒවා තියෙනවා. ලියන්නම් දාන්නම් ඒවත් 🙏❤

      Delete
    2. තවත් එකක්. මේ පොටෝ ගහලා තියේන්නේ කූඩු කරලා ඉන්න සත්තු. ඔයා කියන්නෙ නිදහසේ ඉන්න වල් සත්තු ගැන.

      Delete
    3. ඔව් ඔව් ලක්ෂ්මන්, මම අදහස් කළේ 'වල්/ වනචර/ හික්මීමක් නැති/ නිදහස ඕනෑවටත් වඩා භුක්ති විඳින' සත්තු ගැන තමයි!

      Delete