Thursday, March 26, 2020

9 10 11 දරුවන්ට සිංහල සටහන්....දරුවන් ගැන හිතන අපේ සිංහල ගුරුතුමා ගෙන්

පහුගිය දවස් වල Facebook එකේ රවුං ගගහ ඉන්නකොට තමයි දැක්කේ සිංහල පාඩම් යන පිටුවක්. ඉතිං විහින්දිත් ඉස්කෝලේ 10 පන්තියෙ ඉන්න හන්දා ඒ පන්තියේ පාඩමක් ගැන තිබුන එකකට pdf විදියට දෙන්න පුලුවන්ද කියලා අහලා මම කෙමෙන්ටුවක් දැම්මා. වැඩි වෙලාවක් ගියේ නැහැ. මගෙන් whatsup අංකය ඉල්ලලා පණිවුඩයක් ලැබුනා. බැලින්නම් අර පිටුව කරන සිංහල සර්.



එතුමා නමින් ලහිරු දරණකුඹුර. පාසැල් ගුරුවරයෙක්. මං එතුමට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ගොඩක් හොද ගුරුවරයෙක් කියලා පිළිසදර කතා කරනකොට තේරුනා. ඒ වගේම 9, 10, 11 ශ්‍රේණි තුනට අදාලව සිංහල පාඩම් වලට එතුමා හදලා තියන නිබන්ධන මට එව්වා. එවලා කිව්වා ඒවා අවශ්‍ය දරුවන්ට ලබා දෙන්න කියලා. ඉතිං ඒ ඉල්ලීමට මම මේ විදියට කටයුතු කලේ.
මම ඒ නිබන්ධන ඔක්කොම ගූගල් ඩ්‍රයිව් එකට දැම්මා. මෙතන සබැදිය තියෙනවා. 9, 10, 11 ශ්‍රේණි වල දරුවන්ට සිංහල පාඩම් අවශ්‍ය නම් ඒ ගොඩක් ඒවා මෙතන තියෙනවා. දරුවන්ට ඒවා අරගෙන පාවිච්චි කරන්න පුලුවන්. යාලුවන්ට බෙදාගන්න පුලුවන්.


9 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1oMrORzIMsz4J-1bj_8L73R5SGqFGBXwG


10 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1md3MF0WWxHSW_OZIk9EbM6OCYVazuGQs

11 ශ්‍රේණිය
https://drive.google.com/open?id=18lTPxtjp4Qn7tu4RMfHTfaYsDtxo5sUR


සිංහල අඩවිය FB පිටුව..

ළහිරු සර්.. බොහොම ස්තුතියි..

Wednesday, March 25, 2020

පිරමීඩ තුළ සැඟවුන ‌‌හෙළ උරුමය


 මහා රාවණයන්ගේ ලොව මවිත කළ තාක්ෂණයේ උරුමය ලබා ඉදිවූ පිරමීඩාකාර ගොඩනැගිලි විශේෂය  සමස්ථ විශ්වයේම අවදානය හිමිකරගත්  ඒක් සුවිශේෂි නිර්මාණයක් බව ඔබ අප  හැම දෙනාම  දන්නා රහසකි.විශ්වය හා සිදු වූ බොහෝ ගනුදෙනු වලදී මෙම පිරමීඩ සුවිශේෂී දායකත්වයක් සැපයූූ බව පැවසෙන අතරම අධික ශක්තියක් ඒක් ස්ථානයකට කේන්ද්‍රගතකොට තාරකා දොරටු හරහා සක්වල ජිවීන් සමඟ සමීපව සම්බන්ධතා පැවැත්වූ බව පැවසේ.
තාරකා ‌‌‌‌දොාරටුව
ඊජිප්තූ චිත්‍රාක්ෂරවලින් හමුවූ පිටසක්වල යානයකි

ඊජිප්තු පිරමීඩ හා හෙළයේ මහා රාවණ රජුන් අතර පවතින සම්බන්ධය ලොව විද්වතුන් විසින් විවිධ අයුරින් සාක්ෂ්‍ය සාධක සහිතව සනාථ කොට ඇති අතර ඒ් සඳහා සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර රැසක් උපකාරී වී ඇත.ඒ සඳහා උදාහරණ සැපීමේදී  , රාවණා රජුට නමස්කාර කරණ ක්ෂෝත්‍ර ගනනාවක් පවති.ඒ අතර ඒක් ක්ෂෝත්‍රයක ආරම්භය මෙසේ දැක්වේ. 
            නමං මං ජිත් රාවෝ .......සදං මං ලියූ සුකම්
මෙම ක්ෂෝත්‍රයට අනුව රාවණ රජුගේ පෙළපත රාවෝ බව සදහන් වේ. ඊජිප්තු වැසියෝ පවා රාවෝ පෙළපතට ගෞරව  කළහ.රාවෝ පෙලපතෙහි උප පෙලපතක් ලෙස ,ඊජිප්තුවේ සුප්‍රකට රජ පෙලපතක් වන පාරාවෝ පෙලපත ‌බිහි වී ඇති බව කියැවේ.ඊජිප්තු වැසියන් අදහන්නේ රා නම් දෙවියා බව පැවසේ.ඇතැමුන් මෙම රා දෙවියා නම් රාවණා බව පවසයි.රා දෙවියන් ආකාශ ඔරුවේ පැමිණ ඔවුන්ගේ ආත්මය සූර්යා කරා රැගෙන යන බව පාරාවෝ රජ පෙලපතේ විශ්වාසය යි.ඉහත සඳහන් පරිදි රාවෝ දෙවියන් රාවණ රජු වන්නේ නම් පෙර සඳහන් කරන ලද ආකාශ ඔරුව දඬුමොනරය නැතහොත් පුෂ්පක යානය බව අනුමාන කළහැක.මේ පිළිබඳ තවදුරයත් සොයා බැලීමේදි මෑතකදී ඊජිප්තුවේ පිරමීඩයක් තුළ  සිදුකරන ලද කැණීමකින් ඔරුවක ආකාරයේ අහසින් ගමන් කරන ලද යානයක් සොයා ගෙන ඇත. ඒ පිළිබඳ වැඩිදුර කරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ මෙය භාවිතයට ගෙන ඇති යානයක් මුත්  ඒය ජලයේ කිසිසේත්ම ස්පර්ෂ වි නොමැති බවත් අධික වායු කදම්බයන් ගැටීම හේතුවෙන් ඒක්තරා ආකාරයක ඛාදනයට ලක්වී ඇති බවත් ය.ඒමඟින් අපට පෙනී යන්නේ මෙය ආකාශ යානයක් ලෙස භාවිත කළ බව ය. මෙම යානය ඊජිප්තු චිත්‍රවල මදක් ඉහළින් හෝ යමෙකුගේ දෑත් මත හෝ දක්වා ඇත.

ඊජිප්තු පිරමීඩයක් තුලින් හමුවූ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාශ යානය
(SOLAR SHIP)
ඊජිප්තු සිතුවමක ඒම යානය දැක්වෙන අයුරු


 දඬුමොණරය යන වදනින් සම්පූර්ණයෙන්ම මොණරෙකුගේ ස්වරූපයේ යානයක් අප මනසේ මැවෙන මුත් සැබැවින්ම ඒහි අරුත වන්නේ දණ්ඩක හැඩයෙන් යුත් අහසට නැගි කළ මොණරෙකු සේ දිස්වන යානය යි.                                
මීට අමතරව ඊජිප්තු පිරමීඩ තුළසිදුකරන ලද කැණීම් වලදී හමු වු රන් පත්ඉරු ද මේ සඳහා සාක්ෂ්‍ය සපයයි.ඒම පත්ඉරු වල ,
            ලංකා පුරයේ සිට අහසින් ආ  සිංහ මිනිසුන් පිරමීඩ තැනීමට මූලික වූ බව දැක්වේ.
ඉහත කුමන සාධකයක් දෙස බැලුව ද පිරමීඩ සෑදිමේ තාක්ෂණය උදෙසා හිමිවන ගෞරවයෙහි අයිතිය හෙළයන් සතුවන බව මනාව පැහැදිලි වේ.
ලොව ප්‍රචලිත සාමාන්‍ය මතය අනුව පිරමීඩ යනු ඒක්තරා ආකාරයක පාරාවෝ මළ සිරුරු මිහිදන් කළ සොහොන් කොතකි.ඇත්තවශයෙන්ම පිරමීඩ නිර්මාණකරුවාගේ අරමුණ වූයේ මෙයම ද ? ඒය ඒසේ වූයේ නම් මතු බවය උදෙසා අඩි සියගණන් උසැති සුවිශාල ඉදිකිරීමකට මෙතරම් කාලය,ශ්‍රමය යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
 ඒක්තරා විදිහක අභිරහසක් වූ පිරමීඩ වල පිහිටීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම තාරකාවල පිහිටිම හා පිරමීඩ අතර විශේෂ සම්බන්ධතාවක් පවති. ලෝ ප්‍රකට මෙන්කවුරේ , කෆරේ සහ කූෆු යන ගීසා පිරමිඩ ත්‍රිත්වය ක්ෂිතිජය පුරා විහිදී පවතින තාරකා රටා අතරින් ඒක්තරා විශේෂ තාරකා රටාවක් වන ඔරායන් නැතහොත් දඩයක්කාරයා තරු රටාවේ බද පටි‌යෙහි ඇති තාරකා ත්‍රිත්වය වන ඇල්නිටැක් , ඇල්නිලම් , මින්ටාකා යන තාරකාවලට ලම්බකව පිහිටා ඇත.

ඒපමණක් නොව මෙක්සිකෝවේ ඇස්ටැක්වරුන් විසින් නිර්මාණය කරන ලද පිරමීඩ ත්‍රිත්වයත් (Aztec) , චීනයේ (Xiam) පිරමීඩ ත්‍රිත්වයත් ඔරායන්ගේ බදපටියට ලම්බකව ඉදි කර තිබීම සුවිශේෂී වේ. ඒය කෙසේ වෙතත් අහඹු ලෙස හෝ ඊජිප්තු පිරමීඩ පිහිටි ස්ථානයත් ,මෙක්සිකෝවේ පිරමීඩ පිහිටි ස්ථානයත් , චීනයේ පිරමීඩ පිහිටි ස්ථානයත් මෙම තාරකා ත්‍රිත්වයට අනුව පිහිටා තිබේ.ඒපමණක්නොවේ ශ්‍රි ලංකාවේ පිහිටි රුවන්වැලිසෑය , ජේතවනය  , මිරිසවැටිය යන චෛත්‍යන් ද මෙම තාරකා අනුව පිහිටා ඇති බව පුදුමයෙන් මුත් පැවසිය යුතු ය. පහත ඡායාරූපයේ ඒය පැහැදිලිව දක්නට ලැබේ.

 මෙම පිරමීඩවල ආධාරයෙන් සක්වල ජීවීන් සමඟ තාක්ෂණික ගනුදෙනු සිදුකළ බව මම ඉහතදී ද සදහන් කළෙමි. හෙළයින්වන අප තවමත් ඒය විශ්වාස නොකළත් ශ්‍රි ලංකාව මෙවැනි ගනුදෙනු සිදුකර ඇති බවට ඇමරිකාව දැනටමත් සනාථ කොට ඇත.ඒයට හොඳම සාධකය නම් ඇමරිකානු නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල භාෂාව ඇතුළත් කොට තිබීම යි. මෙය ඒක්තරා ආකාරයක පුදුමය දනවන කාරණයක් වුවත් මෙතුල කුමක් හෝ අභිරහසක් නැතහොත් සත්‍යතාවක් පවතින බව ඉතා හොඳින් පැහැදිලිය.ලොව විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයින්ට පවා අභිරහසක් වූ මෙම විශිෂ්ට පිරමීඩ තාක්ෂණයේ නියම මුල් හිම්කරුවා කවුරුන් විය හැකි ද?


---------
දිගු අභිමානවත් හෙළ ඉතිහාසයක්  සම්පින්ඩනය කිරීමට අන්තර්ජාලයේ පලවු වීඩියෝපට මෙන්ම ලිපි බොහෝමයක් මා කියවූයෙමි.ඒහිදී මා කියවා අසා දැනගත් සහ මා දන්නා කරුණු ද යොදා ගනිමින් ගොනුකරන ලද මෙම ලිපියෙහි යම් අඩුපාඩුවක් හෝ යම් දෝශයක් පවතී නම් පහත comment තීරුවේ ලියන්න.
මා රාවණ ඉතිහාසය පිළිබඳව මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබදව තවත් බොහෝ දෑ දැනගැනීමට කැමැත්තෙමි.ඒ සදහා මීට අමතරව ඔබ දන්නා තොරතුරුද මට comment කරන්න. 

--- විහින්දි සඳින්මා---  

Sunday, March 22, 2020

සියලු ගුරු මහත්ම මහත්මීන්ට සෙනෙහසින්...

රට අස්ථාවර වී ඇති මොහොතක දරු පරපුර අධ්‍යාපනයෙන් ඈත් වීම නතර කිරීම වෙනුවෙන් අප සැම ක්‍රියාත්මක විය යුතු මොහොත එළඹී ඇත. එය ගුරුවරු වන අපගේ ජාතික යුතුකමකි. මේ වන විටත් විශාල ගුරුවරුන් පිරිසක් තමනට හැකි අයුරින් ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටී.
ඔබට මේ ලිපිය කියවීමට ලැබුනේ නම්, ඒ කටයුතු වෙනුවෙන් ඔබගේ සක්‍යතාව ඉහළ මට්ටමක පවතී.
රජය මේ වෙන විට නිවසේ සිට වැඩ කිරීමේ කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එසේම ඒ කාලය සදහා අපගේ වැටුපද ගෙවනු ලැබේ. එහෙම නම් අපි වගවීමෙන් එය සිදු කළ යුතු වෙනවා නේද?
දරුවෝ ඉන්නේ අපිට ගොඩක් ඈතින්. ඉතිං ඒ දරුවන් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුලුවන් වැඩ? අඩුම තරමේ එක දරුවෙකුගේ වත් වැඩට උදව් වෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් වේවි.



 පින්තූරය- www.shutterstock.com 

අපිට කල හැකි දේවල්..
1. දරුවන්ට දුරකතන ඇමතුම් ලබා දීම. - දරුවන්ට දුරකතන ඇමතුම් ලබා දීලා පාඩම් වැඩ අමතක කරන්න එපා කියලා කියන්න පුලුවන්. ඒක එයාලට උත්තේජයක් වෙනවා. දෙමාපියන්ට වුනත් ඒක ලොකු උත්තේජයක් වෙනවා. “ටීචර්ට කතා කරලා කියනවා. පාඩම් කරන්න” කියලා හරි දෙමාපියෝ එතකොට දරුවෝ වැඩේ යොදවාවි. මේක හැම වෙලාවෙම ඕනේ නැහැ. එක දරුවෙකුට එක දුරකතන ඇමතුමක් වුනත් ලොකු වෙනසක් කරන්න පුලුවන්. හැමදාම කතා කරලා පාඩම් කරන්න ඕනේ දේවල් ටිකත් කියලා කලින් දවසේ කල වැඩ ගැනත් විමසන්න පුලුවන් වගේ නම් ගොඩක් ලොකු දෙයක් වේවි. මේ වෙනකොට තමන් ගාව එක දරුවෙකුගේ හරි අංකයක් තියෙනවා නම් ඒකට කතා කරන්න පුලුවන්. ඒ දරුවගෙන් තව දරුවෝ දෙතුන් දෙනෙක්ගේ නොම්බර ඉල්ල ගන්න පුලුවන්.
2. SMS පණිවුඩ යැවීම - බොහෝ ගුරුවරු ලග තමන්ගේ පන්තියේ දරුවන්ගේ දුරකතන අංක තියෙනවා. ඒවාට දිනපතා පාඩම් SMS මගින් යවන්න පුලුවන්. පන්තියටම එකම පණිවුඩය යවන්න මේ ක්‍රමය ගොඩක් හොදයි.
3. e-thaksalawa සදහා දරුවන් යොමු කිරීම - අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa වෙබ් අඩවියේ විෂයන් විශාල ප්‍රමාණයක පාඩම් වීඩියෝ පාඩම්, ක්‍රියාකාරකම් ආදී ලෙසින් ඇතුලත් කරලා තියෙනවා. අපිට පුලුවන් අද දවසේ පාඩමේ සබැදිය SMS මගින් පන්තියේ දරුවෝ හැමෝටම යවන්න පුලුවන්. උදාහරණයක් විදියට grade 10 mathematics – ada dawase padama ht tps:// yout u .be/ BdRrVEWbNaY haraha narabanna කියලා යවන්න පුලුවන්.
4. සමාජ ජාල තුල සමූහයක් සාදා ගැනිම - whatsup , masenger, viber වැනි සමූහයක් සාදාගැනීම කරන්න පුලුවන්. දෙමාපියන්ගේ දුරකතන අංක හරහා මේක කරන්න පුලුවන්. දැනටමත් එවැනි සමූහ ක්‍රියාත්මක වෙන පාසැල් පන්ති ඕනේ තරම් තියෙනවා. අපිට පුලුවන් දවසට අභ්‍යාසයක් ඒ සමූහයට යොමු කරන්න. කඩදාසියක ලියලා පින්තූරයක් අරන් ඒක Group එකට දැම්මත් වැඩක් වෙනවා.
5. Facebook භාවිතය - ගොඩක් ගුරුවරු facebook භාවිතා කරනවා. එයාලට පුලුවන් මේ වෙලාවේ තමන්ගේ wall එක පන්ති කාමරය කරගන්න. පාඩම් මාලා එතනට යොමු කරන්න. දෙමාපියෝ ඒවා දරුවන්ට දෙන්නට පෙලඹීමක් ඒ හරහා ඇති කරන්නට පුලුවන්. තවත් කෙනෙකුට පුලුවන් FB live භාවිතා කරලා දවසකට පොඩි පාඩමක් කරන්න. කරලා බලන්න. අනිවාර්යයෙන් රටේ කොහේ හරි ඉන්න දරුවො කීප දෙනෙක් හරි ඒක බලලා තියේවි.
6. තමන්ගේම youtube නාලිකාවක් ආරම්භ කිරීම - තරමක් සංකීර්ණ වැඩක් වුනාට කරන්න පුලුවන්. කරන ගුරුවරුත් ඉන්නවා.
7. E-mail භාවිතා කිරීම - පැවරුම් අභ්‍යාස ලබා දීමට ගෙන්වා ගැනීමට භාවිතා කරන්න පුලුවන්.
මම මේ ලිව්වේ මට තේරුන දේවල් ටිකක්. තවත් ක්‍රම සහ විධි ඔබට තේරිලා තියෙන්න පුළුවන්. ඔබ භාවිතා කරනවා වෙන්න පුලුවන්. ඒවගේ දේවල් තියෙනවා නම් ඒවාද මෙයට එකතු කරන මෙන් ඉල්ලා සිටිනවා.
සමාජය තුල අවදානමක් පවතින මොහොතක අපේ වගකීම වගවීමෙන් ඉටු කරමු.
තෙරුවන් සරණයි
- ලක්ෂ්මන් තිලකරත්න -

Friday, March 20, 2020

ගෙදරම ඉදන් ඉස්කෝලේ යං


රට විතරක් නෙවෙයි ලෝකේම අතරමං වෙලා තියන වෙලාවක් මේක. හැමෝම ගෙදරට වෙලා ඉන්න වෙලා. ඔව්. ඒක අපේ ජාතික යුතුකමක්. ගෙදරට වෙලා ඉමු.
ඉස්කෝලේ ගිය දුවලා පුතාලට තමයි ගොඩක් පාලු. තමන්ගේ යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න විනෝද වෙන්න විදියක් නැහැනේ. පාඩම් වැඩත් ගොඩක් මග ඇරෙනවා.
මං අද කියලා දෙන්නේ ඔයාලගේ ගෙදරම ඉදලා ඉස්කෝලේ යන විදියක් ගැන. ඒ කිව්වේ ඉස්කෝලේ කෙරෙන එක දෙයක් තමයි ඉගෙන ගන්න එක. ඉතිං ඒ වැඩේ ගෙදර ඉදලා කර ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ලෑස්ති.
මේකට ඉතිං අම්මලා තාත්තලාගේ උදව් ඕනේ වෙනවා. මේ දවස්වල එයාලත් ගෙදර ඉන්න හින්දා වැඩේ ලේසියි. අම්මලා තාත්තලාට තියෙන්නේ ටියුෂනුත් නිවාඩු හින්දා ඒවට දෙන සල්ලි වලින් අන්තර්ජාල සම්බන්ධතාවය ටිකක් පුළුල් කර ගන්න එක විතරයි. මොකද මේ වැඩේට ඩේටා ටිකක් වියදම් වෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙනවා e-thaksalawa වෙබ් අඩවිය. ඒකේ දුවලා පුතාල හැමෝගෙම ඕනෙම පන්තියක ඕනෙම විෂයක ඕනෙම පාඩමක් උගන්වන විඩියෝ තියෙනවා. ඒවා හදලා තියෙන්නේ පාසැල් වල උගන්වන දක්ෂ ගුරු මහත්ම මහත්මීන් එකතු කරගෙන.



මේකේ ගිහින් අදාල පන්තිය තොරාගෙන එතනින් අවශ්‍ය විෂය තොරාගන්න. පාසැලේ අන්තිමට කල පාඩමට පස්සේ ඊලග පාඩම තොරාගෙන ඒ විඩියෝ බලලා ඉගෙන ගන්න. මුලදි ටිකක් අමාරුයි වගේ තේරෙයි. ඒත් පුරුදු වුනාම වැඩේ හරිම ලේසි වෙනවා.
විඩියෝ එක ඔයාට ඕනේ නැතන නවත්තලා සටහන් ලියා ගන්න පුලුවන්. ඒ වගේම තේරුනේ නැති කොටසක් තියෙනවා නම් ආයෙම play කරලා බලලා ඉගෙන ගන්න පුලුවන්. වැඩේ ගොඩක් ලේසියි.
තවත් එකක්. මේ විඩියෝ තියෙන්නේ youtube එකේ. එතනදි වීඩියෝ play වෙන්නේ HD කොලිටියට. Quality ටිකක් අඩු කර ගත්තොත් ඩේටා වලට යන වියදම ගොඩක් ඉතිරි කර ගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් නම් බලන්නේ 240p වැඩිත් එක්ක. ලැප්ටොප් එකකින් නම් 360p හොදටම ඇති.

අම්මලා තාත්තලාට පුලුවන් දවසට පාඩමක් දෙකක් දරුවට ඉ‍ගෙනගන්න අවස්ථාව හදලා දෙන්න. මේ වැඩේ දරුවෝ ඉගෙනීමෙන් ඈත් වෙන එක වලක්වා ගන්න ලොකු උපකාරයක් වෙනවා. තව එකක් ඉතිං ගෙදර කරන්න දෙයක් නැතුවම වෙන දේටත් උත්තරයක් තියෙනවානේ නේද?

Sunday, March 15, 2020

ජාතික ව්‍යසනයකදී පුද්ගලික යුතුකම..

අපි හැමෝම සමාජයේ කිසියම් වගකිමක් දරන දරපු අය. විවිධ පාරිසරික ගැටලු හන්දා අපේ සමාජ වගකීම ඉටුකරගන්න බැරිවෙන වෙලාවල් එන්න  පුලුවන්. මේ ඒ වගේ කාලයක්. අපි හැමදාම සිදුකරපු ක්‍රියාවන් මේ දිනවල නතර කරන්න සිදුවෙලා වෙන්න පුලුවන්. ඒත් එහෙම කියලා ඒ කටයුතු නතර කරන්න බැහැ කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඇතිවෙලා තියන තත්වය යටතේ පාලිත පරිසරයකදි ඔබගේ සාමාන්‍ය ජිවිතය
ගෙනයන්නේ කොහොමද කියන ගැටලුව ඔබට මතුවෙන්න පුලුවන්. ඒහෙම වෙලාවට අලුතින් හිතන්න
වෙනවා. අපි කොහොමද මේ තත්තවය යටතේ අපේ එදිනෙදා කටයුතු කරගෙන යන්නේ කියන එක.
මේ පෙන්නන්න යන්නේ ඒ වගේ පුංචි උදාහරණයක්. පාසැල් කටයුතු අඩපන වෙලා තියෙන හින්දා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන හිතපු  ගුරුවරු කණ්ඩායමක් වන අපි  කරන්න පටන් ගත්තු වැඩක්. අපි  දරුවන්ගේ එදිනෙදා පාඩම් විඩියෝ කරලා Youtube දාන්න පටන් ගත්තා . දරුවන් කණ්ඩායමකට හෝ සුලුවෙන් හෝ යහපතක් වෙයි කියලයි අ‌පේ  බලාපොරොත්තුව.
ගුරුවරුන්ගේ ඒ උත්සහයට පුංචි උදව්වක් වෙන්න ඔයාලටත් පුලුවන්. ඉගෙන ගන්න වයසේ දරුවන්ට මේ වීඩියෝ බලන්න දෙන එක තමයි ඒ වැඩේ. ඒ වගේම අනික් දරුවන්ටත් මේක දැනගන්න පුලුවන් විදියට බෙදා හරින්නත් කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
මේ තියෙන්නේ ඒ එක ඩිඩියෝවක දිගුව


පහතින් තියෙන්නේ පළවෙනි වීඩියෝව...









Monday, March 9, 2020

නැතිවූ දුරකතන ‌සෙවීමට පොලිසිය Smart වෙයි.


දුරකතන නැතිවෙන එක ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා. ඉතිං එහෙම වුනොත් මොකද කරන්නේ? කරන්න දෙයක් තියෙනවාද? දුරකතනයක් අදුනා ගන්න විදියක් තියෙනවාද?
ඇත්තටම තියෙනවා. දුරකතනයක් අනන්‍යව අදුනාගන්න IMEI අංකයෙන් පුලුවන්. අපි හැමෝගෙම දුරකතන වල ඒ අංකය තියෙනවා. ඒක එක එක දුරකතනයෙන් දුරකතනයට වෙනස් වෙන එකක්. ඒ වගේමයි ඒ අංකය යොදන්නේ දුරකතන නිශ්පාදනයේදී. ඒ හින්දා අපි පාවිච්චි කරන සිම් කාඩ් එක අනුව ඒ අංකය වෙනස් වෙන්නේ නැහැ.
එතකොට අපේ දුරකතනය නැති වුනොත් කාටද කියන්නේ. අපි හැම දේම කියන්නේ පොලිසියටනේ. මේකත් කියන්න ඹ්නේ පොලිසියට තමයි. එතකොට පොලිසියෙන් ඒ දුරකතනය හොයා ගන්නේ කොහොමද? ඔව් . එකට ලේසි ක්‍රමේ තමයි දුරකතන සේවා සමාගම් වල සහය ගන්න එක. ඒක පොලිසියේ වැඩක්. අපේ දුරකතනයේ IMEI අංකය දුරකතනසේවා  සමාගම් වලට දීලා ඒ අංකය තියන දුරකතනයක් ඒ ජාල වල භාවිතා කරනවාද කියලා අහන එක.
දුකතනය හොරකම් කල කෙනා ඔබේ සිම් පත ගලවලා විසි කරලා වෙන සිම් එකක් දාගත්තත් මේ විදියට දුරකතනය හොයා ගන්න පොලිසියට පුලුවන්. ඒත් ඉතිං ඒකට පහසු වෙන්න අපි පොලිසියට අපේ දුරකතනයේ IMEI අංකය දෙන්න වෙනවා.
එතකොට කොහොමද අපි ඒ අංකය හොයාගන්නේ? නැතිවුනාට පස්සේ නම් අමාරුයි. ඒත් නැතිවෙන්න කලින් පුලුවන්. ඒකට ගොඩක් ක්‍රම තියෙනවා ලේසිම ක්‍රමය *#06# කියන අංකය දුකතනයෙන් ටයිප් කරන එක. IMEI1, IMEI2, Serial No කියලා අංක තුනක් පෙන්නනවා. ඒ අංක තුන ලියාගෙන තියන එක තමයි කරන්න ඹ්‌නේ. හරියටම අපි අපේ දුරකතනයේ වගකීමි සහතිකේ පරෙස්සම් කරනවා වගේ ඒ අංක තුනත් පරෙස්සම් කරලා තියාගන්න ඹ්නේ.  
එහෙනම් දැන්මම ගන්න ඔයාගේ ෆෝන් එක අතට. ගහන්න මේ කෝඩ් එක. *#06#  දැන් ඒ එන අංක තුන කොලේක ලියලා ෆෝන් එකේ වොරන්ටි කාඩ් එකත් එක්කම අමුනලා තියා ගන්න.  දවසක ෆෝන් එක නැතිවුනොත් ඒ  අංක තුනත් අරන් පොලිසියට යන්න දැන් ඹ්නේ නැහැ. අපේ පොලිසිය ස්මාර්ට් වෙලා. අපිට ඒ පැමිනිල්ල පොලිසියේ වෙබ් අඩවියට ගිහින් කරන්න දැන් අවස්ථාව තියෙනවා.
http://www.ineed.police.lk/ තමයි ඒ වෙබ් අඩවියේ ලිපිනය


හැබැයි ඒකට මුලින්ම ලියාපදිංචි වෙන්න ඹ්නේ. මුලින්ම පොඩි විස්තර ටිකක් දීලා ගිණුමක් හදාගෙන තමයි කරන්න වෙන්නෙ. නමුත් බොහොම පොඩි වෙලාවකදී ඒ පැමිණිල්ල කරන්න ඔබට දැන් පුලුවන්.
මතක තියාගන්න ඒ වෙබ් අඩවියේදී ඔබෙන් මුලින්ම අහන්නේ නැතිවුන දුරකතනේ IMEI අකය. ඒ හින්දා තමයි මුලින්ම ඒක කොහේ හරි ලියලා තියා ගන්න කිව්වේ.