Friday, February 8, 2019

නිකසල මහඑළිය ජාතික වනෝද්‍යානය


සුද්දා හොර්ටන් තැන්න කිව්වට ඒකාලේ ඉදලා කියන්නේ මහඑළිය. අපි කට්ටිය මහඑළියේ ගියේ කුඩා ලෝකාන්තය, මහ ලෝකාන්තය වගේම බේකස් ඇල්ල බලාගන්න ගමන් වනාන්තරේ කට්ටිය දාලා ගිය කුණු එහෙම තිබ්බොත් ඒ ටිකත් එළියට අරන් එනන කියලයි. ඒත් ටිකට් ගන්න තැනදිම ආරංචි වුනේ වනෝද්‍යානය ඇතුලට කිසිම පොලිතින් ප්ලාස්ටික් දේවල් ගෙනියන්න දෙන්නේ නැහැයි කියලා. ඇත්තටම ඒ ගැන සතුටු හිතුනා. ලස්සන වනාන්තරය ඒ විදියටම තියන එක තමයි අපි හැමෝගෙම වුවමනාව. වාහනේ තිබුනා කුණු එකතු කරන බෑග් පැකට් එකක්ම. ඒත් මේ විදියට පාලනය වනවා නම් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. කොකටත් කියලා එක මල්ලක් ලේන්සුවක ඔතලා සාක්කුවට දාගත්තේ මගදි කවුරු හරි නොසන්ඩාලයෙක් දාලා ගිය දෙයක් තිබ්බොත් අරන් එන්න හිතාගෙන. ඇතුල්වීමේ දොරටුවේදී බෑග්, සාක්කු ඔක්කොම පරික්ෂා කලා. වතුර බෝතල් ගෙනියන්න දෙනවා. ඒවගේ ලේබල් කපලා ගලවනවා. ඒක ගොඩක් හොද වැඩක්. මොකද මේ පොලිතින් ලේබල් ගොඩක් ඒවා ගැලවෙන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතල් ගෙනියන අයගේ විස්තර ලියාගන්නවා. එයාලට ඒවා ආයෙම ගේන්න කියලා උපදෙස් දෙනවා. මොකද කිලෝමීටර දහයක් විතර දුර ගමනක් තමයි ඇවිදින්න තියෙන්නේ.  

මිහිදුම් වනාන්තර කියන වචනේ ගොඩක් ලස්සනයි. ඉතිං මහඑළිය කියන්නේ මිහිදුම් වනාන්තරයක්. කොයි වේලේ මිහිදුමෙන් වැහිලා යයිද කියලා කියන්න බැහැ. ඒ ප්‍රදේශයේ ගෝනුන් බහුලව දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවට ආවේනික කටුසු විශේෂ, මැඩියන් විශේෂ ගනනාවක් ම මහඑළියේ ඉන්නවා. ආවේනික සතුන් වගේම වටිනා ශාක ප්‍රජාවකුත් මෙහි හමුවෙනවා. විශාල තෘණ භූමි, කදුකර වනාන්තර , වගුරු බිම් වගේ සුවිශේෂ පරිසර පද්ධති මේ ප්‍රදේශයේ තියෙනවා.


මෙතරම් මහා විශාල වනාන්තර පද්ධතියක් ආරක්ෂා කර ගෙන ඉන්න ,ඇත්තටම මෙතන සේවය කරන නිළධාරි මහත්තුරු ගොඩක් ලොකු දෙයක් කරනවා. ඒ යාන්ත්‍රණය නැත්තං මේ යන එන මහ සෙනගේ හැටිටට මේ වෙනකොට වනාන්තරයක් නැති වෙන්න ඕනේ. ඕනෙම තැනක් ආරක්ෂා වෙන්නේ එතන පාළනය වන යාන්ත්‍රණය හන්දා.




කිලෝමීටර 10 ක් විතර ඇවිදින්න තියෙන මේ වනාන්තරේ කුඩා ලෝකාන්තය නැරඹුම් ස්ථානයේ දමලා තිබුන ප්ලාස්ටික් බෝතල් 50-60 ක් ඇරෙන්න මග දිගට කසල දකින්ට ලැබුනේ ඉතාම අඩුවෙන්. ඇත්තටම කියනවා නං ටොපි කොලයක් චොකලට් කොලයක් වත් තිබ්බේ කලාතුරකින්. 

මහඑළිය එළිය කරන විරුවො

මිනිස්සු දහස් ගණනක් යන තැනක් ඒ විදියට ආරක්ෂා වෙලා තියෙන එක එතන පාලන අධිකාරියේ ක්‍රියාකලාපය හන්දා කියන එක පැහැදිලියි. ඒ වෙනුවෙන් එයාලා හැම දෙනාටම පරිසරයට ආදරය කරන හැමෝගෙම ආචාරය පිරිනමන්න ඕනේ. පූජනීය පරිසරයක ට යන ඕනෙම කෙනෙකුට ඒක අවලස්සන කරන්න හිතෙන්නේ නැහැ. ඒ ආකල්ප වෙනස ඇතිවෙන්නේ පරිසරයත් එක්කමයි.

මහඑළිය ට එළිය දෙන විරුවෝ

අපේ රටේ හැම තැනම සේවය කරන නිළධාරී මහතුන් මේ පිරිසිදු බිමට පැමිණ බලන්න වටිනවා. එයාලගේ තැනුත් කොහොමද ප්ලාස්ටික් පොළිතින් වලින් බේරාගන්නේ කියලා මහඑළිය ජාතික වනෝද්‍යානයේ කළමණාකාරිත්වය අපිට මොනවාට පැහැදිලි කරලා දෙනවා.

3 comments:

  1. මුල ඉදලම හෝර්ටන් තැන්නට අැතුල් වෙදිදි කිසිම දෙයක් ගෙනියන්න නොදී පරික්ෂාව සිදු කරන නිසයි මේක මේ විදියට තියෙන්නේත. ඒත් ප්ලාස්ටික් බෝතල් අරව මේවා කැලේ ඇතුලේ දාලා තියෙනවා. ඔය ලෝකාන්තෙන් පහලට විසි කරල තියෙන වීදුරු බෝතල් ගාන ටොන් ගානක් වෙන්න පුලුවන්. නන්පේරියල් ඉදන් මිනී එකතු කරන්න යන ගමේ අය කියන්නේ ලොරි හත අටකට උනත් වීදුරු කෑලි පහලින් හොයාගන්න පුලුවන් කියලයි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය සංචාරකයෙකුේ ඇසට පේන තැනක නම් ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල් තියා ොපි කොලයක් වත් දකින්න නැති තරම් පිරිසිදුයි දැන්.

      Delete
  2. කොයි තරම් දෙයක්ද? අහන්නත් ආසයි.

    ReplyDelete