Saturday, January 16, 2021

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෙස Z ලකුණ ලබා දීම සුදුසු වන්නේ ඇයි?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදීමේදි ශිෂ්‍යයෙක් ලබාගත් පන්ති සාමාර්ථය (උදා- A,B,C,S,W)  සමග ඔහු ලබාගත් Z ලකුණ ලබා දීම සුදුසු යැයි මම යෝජනා කරමි. ඒ සදහා හේතු මවිසින් මෙසේ දක්වනු ලැබේ.

ශිෂ්‍යත්ව විභාගය යනු තරග විභාගයකි. එයින් ලබා ගන්නා ලකුණු අනුව සිසුන්ට තමන් කැමති ජනප්‍රිය පාසැලක් වෙත යාමට අවස්ථාව සැලසේ. එය ඉතා වටිනා අවස්ථාවකි. දක්ෂතා ඇති දරුවෙකුට පහසුකම් සහිත ජනප්‍රිය පාසැලකට ඇතුලත්වීමේ අවස්ථාව එමගින් හිමිවේ. එම අවස්ථාව හිමිකරගත් අයෙකු වශයෙන් එහි අගය මම හොදින්ම දනිමි.



එසේ වුවද මෙම විභාගය නිසා ඇතිවන සමාජ ගැටලු දෙකක් මා විසින් අවබෝධ කොට ගෙන ඇත.

ඉතා ඉහල ලකුණක් ලබා ගත් සිසුන් පවා අසමත් ලෙස වර්ගීකරණය වීම- උදාහරණයක් ලෙස ලකුණු 150 ක් ලබාගත් දරුවෙකු අසමත් ලෙස වර්ගීකරණය වේ. එය සැබවින්ම ඉතා ඉහළ ලකුණකි. වෙනත් විභාගයකදී නම් අධි සාමාර්ථයක් හිමිවන ලකුණකි.

එක් එක් වසරවලදී විභාගයේ පහසු අපහසු ප්‍රමාණය මත එක් එක් වසර වල ලබාගන්නා ලකුණු විසිරිම වෙනස් වේ. ඒ අනුව එකම පාසලට එක් එක් වසරේදි ලබා ගන්නා අවම ලකුණ වෙනස් වේ. ඒ හේතුව නිසා සිදුවන සිත් බිද වැටිම් ඉතා ඉහළය.

මා විසින් යෝජනා කරන යෝජනාව මගින් ඉහත ඇතිවන ගැටලු දෙකම සදහා විසදුම් ලැබේ.

Z ලකුණ මගින් ශිෂ්‍යයා ලබා ගත් ස්ථානය (Rank) හි කිසිදු වෙනසක් නොමැති වේ. එබැවින් ජනප්‍රිය පාසැල් අනුපිලිවෙල සදහා එය ගැටලුවක් නොවේ.

වසර දෙකකදි විභාගය සදහා පෙනී සිටින සිසුන් ගණන ආසන්න වශයෙන් සමාන වන බැවින් විභාගය පහසුතාවය මත z අගය වෙනස් නොවේ. එබැවින් එක් එක් පාසලේ අවම ලකුණු සීමා වසරින් වසර වෙනස් නොවේ.

Z ලකුණ පිලිබද සමාජ අවබෝධය අඩු නිසා ඒ හේතුවෙන් ඇතිවන මානසික පීඩා අඩු වේ.

පහත උදාහරණය බලන්න.

එක් වසරක ළමුන් 10 දෙනෙක් ලබා ගත් ලකුණු වගුවේ පළමු තිරුවේ ඇත. ඊළග වසරේ විභාගය පහසු වීම නිසා ලකුණු 10 ක් වැඩිපුර ගැනීමට හැකිවී යැයි සිතා ඊලග වසරේ සිසුන් 10 දෙනෙකුගේ ලකුණු දමා ඇත. එසේ වුවද වසර දෙකේම Z අගයන් සමාන වෙන බැව් දැකිය හැකිය. ඒවායේ අනුපිලිවෙලද වෙනස් වන්නේ නැත. වසර දෙකේදීම පාසැල් වලට ලබා ගන්නා සිසුන් සංඛ්‍යාව වෙනස් වන්නේ නැති නම් එක් එක් පාසලේ අවම කඩඉම් ලකුණද වෙනස් වන්නේ නැත.

ඉහත කරුණු සැලකිමෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මේ ආකාරයෙන් ලබා දීමට මම යෝජනා කරමි

ශිෂ්‍යයා ලබා ගත් සාමාර්ථය (A, B, C, S, W)

ශිෂ්‍යයා ලබා ගත් Z ලකුණ -

3 comments:

  1. ඔක්කෝටම වඩා හොද නේද ඔය Rat race එක නැති කරලා දැම්මා නම්

    ReplyDelete
    Replies
    1. මම නං ඒකේ වටිනාකම දන්නවා. මම ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි ගමේ ඉස්කෝලක ඉදලා නුවර සිල්වෙස්තරයට ගියේ. ඒ වගේමයි මගේ දුව ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි ගමේ ඉස්කොකෝල ඉදලා කොළඹ විශාකාවට යන්නේ. කවදාවත් වෙනත් විදියකට ඒ පාසැල් වලට අපිට නැත්තං යන්න විදියක් ලැබෙන්නේ නැහැ. ඹය වගේ ගොඩක් දෙනෙක් ඉන්නවා ශිෂ්‍යත්වය හින්දා ජීවිතය දිනපු අය. මම කිව්වේ ඒකේ වෙන පැත්තක් ගැන.

      Delete
    2. මෙතන ගැටලුව තියෙන්නේ අඩු ආදායම්ලාබී අයට ශිෂ්‍යත්ව මුදලක් ගැනීමට තියෙන අවස්ථාව නගරයේ පාසැලකට ලමයි ඇතුලත් කිරීමේ තරගය නිසා අවහිර වීමයි .මේ නිසා තිබෙන තවත් යෝජනාවක් තමයි ශිෂ්‍යත්ව ලබාදීමට සහ පාසැල් තෝරා ගැනීමට වෙනවෙනම විභාග තැබීම

      Delete