අපේ රටේ ගොඩක් දෙනාගේ හිසේ උකුණෝ ඉන්නවා. එහෙම කියලා එයාලා ගනන් ගන්නවාද? කාට හරි කියලා උකුණෝ බලා ගන්නවා. අයින් කර ගන්නවා. නැත්තං මොකක් හරි බෙහෙතක් දාලා අයින් කරනවා. තමන්ගේ වැඩ කටයුතු කිසි දෙයක් නතර කරගෙන නැහැ. හැබැයි එහෙම කියලා මේ උකුණා නම් ලේසියෙන් නැති කර ගන්ටත් බෑ.
විහින්දි කියන්නේ කුඩා දැරියක්ගේ ජීවිතය වටා ගෙතුන කතා එකතුවක්. දරුවන්ට දෙන්න ඕනේ මොනවද කියලා වෙනස් විදියට හිතන්න ඉඩ දෙන තැනක්
Saturday, December 5, 2020
කොරෝනා සහ උකුණා
Wednesday, November 25, 2020
ඵලදායී ගුරු භූමිකාවක් සඳහා තොරතුරු සාක්ෂරතාවේ අවශ්‍යතාව
ගමගේ විකුම් සම්පත්
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය- පිරිවෙන්)
----------------------------------------------
සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකි ය. එම තොරතුරු ප්‍රධාන වශයෙන් පොත් පත්, ශ්‍රව්‍ය දෘශ්‍ය, අන්තර්ජාල, පරිසරය හා සම්පත් පුද්ගලයින් යන මූලාශ්‍රවල පවතියි. එසේ විවිධ මූලාශ්‍රවල ඇති තොරතුරු ලබාගැනීමට, ඇගයීමට හා භාවිත කිරීමට ඇති නිපුණතාව තොරතුරු සාක්ෂරතාවයි. එමෙන් ම තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම ඉගෙනුම ලෙස හැඳින් වේ. ඒ අනුව ගුණාත්මක ඉගෙනුමක් සඳහා මනා ලෙස තොරතුරු හැසිරවීමේ හැකියාවක් ලබා තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙලෙස තොරතුරු හා ඉගෙනුම අතර දැඩි අන්තර් සම්බන්ධතාවක් පවත්න හෙයින් ගුරුවරුන්ට මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරත වන්නන්ට තොරතුරු සාක්ෂරතාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතු ය.
කිසියම් අවශ්‍යතාවක්
ඉටුකර ගැනීම සඳහා සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැකි ය. එනම්
නිදසුනක් ලෙස යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක එම ගැටලුවට අදාළ දත්ත රැස්කර ඒවා
විශ්ලේෂණය හෝ සාරාංශකරණය මගින් තොරතුරු බවට පත්කරගෙන විසඳුම් සෙවීම සිදු කරනු
ලබයි. මෙලෙස ගොඩනගා ගන්නා විද්‍යාත්මක හා තාක්ෂනික තොරතුරු භාවිතයෙන්,
v
නිපුණතාවන් සංවර්ධනය
වීම
v
පර්යේෂණ හා සංවර්ධන
කාර්යයන් ඵලදායී වීම
v
ගැටලු විසඳීම සඳහා
උපයෝගි වීම
v
ගැටලු විසඳීම සඳහා
විකල්ප හා විවිධ එළඹුම් ගොඩනගා ගත හැකි වීම
v
අනාගත ගැටලු අවම කර
ගැනීමට මග පෑදීම
v
නිෂ්පාදන හා සේවා
අංශවල කාර්යක්ෂමතාව හා සඵලදායීතාව වර්ධනය වීම
v
වඩා ඵලදායී තීරණ වලට
එළඹිය හැකි වීම
v
සංවර්ධනාත්මක ප්‍රතිපත්ති
හා සැලසුම් සම්පාදනයට මග පෑදීම
යනා දී ප්‍රතිඵල
නෙලා ගත හැකි ය. නමුත් මෙවන් ධනාත්මක ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේ තෙරතුරුවල
පවත්නා ගුණාත්මක භාවය මත පමණි. නිදසුනක් ලෙස ඔබගේ පන්තියේ සිටින සිසුවෙකුගේ
හැසිරීම් රටාව පන්තියේ අනෙක් සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලයත් පන්තියේ අනෙකුත් කටයුතුවලටත්
බාධා වන්නේ යයි සිතමු. එවිට පන්නි භාර ගුරුවරයා වශයෙන් එම ගැටලුවට විසඳුමක් සෙවීමට
හෝ එම සිසුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔබට සිදුවේ. එහි දී ඔබ මුලින් ම අදාළ සිසුවා
සම්බන්ධයෙන් පවතින තොරතුරු අනාවරණය කර ගත යුතු ය. මෙහි දී ඔබ සිසුවාගේ විෂම
චර්යාවට බලපාන නිවැරදි හා ගුණාත්මක තොරතුරු අනාවරණය කර නොගෙන පහසුවෙන් හඳුනා ගත
හැකි මතුපිට තොරතුරු පදනම් කර ගෙන සිසුවාට යම් දඬුවමක් දුනහොත් බොහෝවිට සිසුවා
තවත් දරදඬු විය හැකි ය. නැතිනම් එම දඬුවම හේතුවෙන් ඔහුගේ අනාගතය පවා විනාශ විීමට
ඉඩ තිබේ. මෙවැනි සිදුවීම ඔබ කොතෙකුත් අසා දැක ඇත. මෙලෙස යම් ගැටලුවකට ගන්නා
විසඳුම් හෝ තීරණ අසාර්ථක වීමට හේතු වන්නේ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධයයි.
ඉහත නිදසුනට
අනුව ගුරුවරයාට තොරතුරු වෙත ප්‍රවේශවීම සම්බන්ධ ප්‍රමාණවත් කුසලතාවක් නොමැති බව
හඳුනාගත හැකි ය. එනම් දරුවාගේ විෂම චර්යාවට හේතු ප්‍රමාණවත් තරම් අනාවරණය කර
ගැනීමට හැකි විවිධ තොරතුරු මූලාශ්‍ර හඳුනා ගැනීමට ඔහු අසමත් ය.
විවිධ
පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගත්තද ඒවායේ නිවැරදි භාවය තක්සේරු කර ගැනීමේ කුසලතාව ද
ඔහු තුළින් විද්‍යමාන නොවේ. එනම් ලබාගත් තොරතුරුවලින් ළමයාගේ චර්යාව විෂමාකාර වීමට
බලපා ඇති හේතු හඳුනා ගත හැකි ද? එම තොරතුරු තොරතුරු නිවැරදි ද? පක්ෂග්‍රාහී ද? එමෙන්
ම ලැබූ තොරතුරුවලට අනුව ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත හැකි ද? ආදී ලෙස
තාර්කිකව තොරතුරුවල වටිනාකම තක්සේරු කිරීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බවයි.
තොරතුරු භාවිත
කර ගන්නා ක්‍රියාමාර්ග ද නිවැරදි නැත. එනම් තොරතුරු භාවිතයෙන් ගන්නා තීන්දුව
තුළින් සියළු පාර්ෂවයන්ට යහපතක් ම සිදුවිය යුතු ය. හානියක් සිදු නොවිය යුතු ය. තොරතුරු
භාවිතයෙන් අයහපතක් සිදුවන්නේ තොරතුරු භාවිතය පිළිබඳ කුසලතා නොමැති හෙයිනි. බොහෝවිට
තොරතුරු වෙත ප්‍රවේශවීම හා ඇගයීම නිවැරදි නොවීමෙන් භාවිතය අනර්තකාරී වේ. මේ අනුව
තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධය අපගේ චර්යාව සම්බන්ධ ගැටලු ඇති වීමටත් ජීවිතය
අසාර්ථක වීමටත් හේතු වන බව පෙන්වා දිය හැකි ය.
මෙය තවත්
නිදසුනකින් පැහැදිලි කර ගනිමු. පසුගිය වසර 40ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය
කිරීමේ අරමුණ ඇති ව ප්‍රතිපත්ති හා සැලසුම් සකසා කොතෙක් ක්‍රියාත්මක කර ඇති ද?
නමුත් ලැබූ සංවර්ධනය යථාර්ථවාදී ද? එම ව්‍යාපෘති සඳහා කොතෙක් ණය ගෙන ඇති ද? නමුත් ඒවායින්
අපේක්ෂිත ප්‍රතිඵල ලඟා වී තිබේ ද? ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලෙස හඳුනා ගත හැක්කේ බිලියන
ගනණින් ණය කන්ද වැඩි වී ශ්‍රී ලංකාව ණය උගුලක අසු වී ඇතත් අපේක්ෂිත සංවර්ධන
ඉලක්කයන් වෙතනම් ලඟා වී නොමැති බවයි. එසේ අසාර්ථකත්වයට බලපාන ලද ප්‍රබල හේතුවක්
ලෙස පෙන්වා දිය හැකි වන්නේ ප්‍රතිපත්ති හා සැලසුම් කාර්යයේ දී ඊට අදාළ තොරතුරු වෙත
පිවිසීමටත් එම තොරතුරු නිවැරදිව ඇගයීමටත් තොරතුරු නිවැරදිව භාවිත කිරීමටත් අපොහොසත්
වීමයි.
ඉහත නිදසුන්
අනුව තේරුම් ගත හැක්කේ විවිධ මූලාශවල තොරතුරු කොතරම් පැවතියත් තොරතුරු සාක්ෂරතාව
නොමැති නම් ඉන් ප්‍රතිඵලයක් අත් නොවන බවයි. එනම් තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට නම්
තොතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍ය බවයි. තොරතුරු සාක්ෂරතාව ලෙස හැඳින්වෙන්නේ,
- තොරතුරු වලට කාර්යක්ෂම හා ඵලදායි ප්‍රවේශවීම
- තාර්කිකව හා නිපුණ ලෙස එම තොරතුරු ඇගයීමකට භාජනය කිරීම
- නිවැරදිව හා නිර්මාණශීලීව තොරතුරු භාවිතයට යොදා ගැනීම
සම්බන්ධ ක්‍රියාවලිය
යි. තොරතුරු සමාජයක ජීවත්වන අපට පුද්ගලික හා සාමූහික ජයග්‍රහන ලබා ගැනීම සඳහා
තොරතුරු සාක්ෂරතාව ප්‍රබල සාධකයකි.
තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම සැබෑ ඉගෙනුම වන නමුත් අප බොහෝ විට ඉගෙනුම ලෙස හඳුනාගෙන ඇත්තේ තොරතුරු තොරතුරු ලෙස ම ඉදිරිපත් කර විභාගවලින් සමත් වීමයි. ඉන් අධ්‍යපනයෙන් අපේත්ෂිත නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියෙකු බිහි නොවේ. එහෙයින් මෙම හිඩස පිරවීමට මුලින් ම ගුරුවරුන් තොරතුරු සාක්ෂරතාවෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය සාධකයකි.
Monday, October 26, 2020
චයිනීස් හෙම්බිරිස්සාව
මේ දවස් වල ලෝකෙටම පිස්සු හැදිලාය. ලෝකේ පුරා චීන හෙම්බිරිස්සාවක් පැතිරිලාය.
Monday, July 13, 2020
විදුලි බිල ගණනය කරලා වැරදිද?
හැබැයි මාස දෙකකින් පස්සේ මනු කියවන්නා ඇවිත් මීටරය කියවනවා. එතකොට එන ගාන බලලා එයා බිලක් ලියනවා. ඹන්න ඔය බිල ඇත්තටම වැරදියි. මොකද දන්නවාද? අර මාස දෙකටම පාවිච්චිය බැලුවොත් සමානව තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ බිලේදි දෙවන මාසෙට ලොකු ඒකක ගානක් පාවිච්චි කලා කියලා වැටෙනවා. හේතුව වන්නේ ආවේ නැති මුල් මාසෙට පාවිච්චි කලේ ඉස්සර පාවිච්චි කල ගානමයි කියලා අනුමාන බිලක් හදලා තිබුන හන්දා.
නමුත් විදුලි බල මණ්ඩලය එහෙම කියලා පාරිභෝගිකයාට අසාධාරණයක් කරන්නේ නැහැ. ඊළග බිල එනකොට ඒ වැඩිපුර හදපු මුදල ගලපලා එවලා තියෙනවා.
අපි ඒ මාසේ වැඩිපුර විදුලිය පාවිච්චි කරපු එකට මණ්ඩලයට බැනලා හරියන්නේ නැහැනේ.
මිනිස්සු කරදරයක වැටිලා ඉන්න වෙලාවක් හන්දා ආණ්ඩුවෙන් සහනයක් දෙන එක නං වටිනවා.
මේ තියෙන්නේ මං කරපු ගණනය කිරීම. අපේ ගෙදර විදුලි බිල් හතරක් අරගෙන තමයි ඒ ගණනය කිරීම සිදු කලේ. විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් තමයි ඒකක ගණනට හරියන මුදල හදා ගත්තේ.
ඹය පාටින් තියෙන්නේ උපකල්පනය
පලමු උපකල්පනය තමයි ආපු නැති මාසෙ පෙර මාසෙම පාවිච්චිය තිබ්බා කියන එක
දෙවන උපක්පනය තමයි ආපු නැති කාලයම සමාන පරිභෝජනයක් තිබ්බා කියන එක.
මුලින් පලමු උපකල්පනයට ගණනය කරලා, පසුව දෙවන උපකල්පනයට ගනනය කරලා ඊලග බිලේදි ඒ වෙනස ගැලපීම මණ්ඩලය කරලා තියෙනවා.
Wednesday, June 3, 2020
මගේ නෝනව දැක්කේ නැද්ද?
Thursday, May 28, 2020
නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.
Wednesday, May 20, 2020
ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ
රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිරිවෙන් වල පොඩි හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් යමක් කරන්න කියලා.
Friday, May 15, 2020
Online හමුවට නිවැරදිව එක්වෙමු
Friday, May 8, 2020
ධීරානන්දයට වෙසක්...
- වෙසක් වෙනුවෙන් සතියක් පුරා සෑම දිනකම උදේ දහම් සිතිවිල්ලක් වැඩසටහන
- උදෑසන ශීල සමාදානය සහ බුද්ධ වන්දනාව - තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ සිට සජීවි විකාශය
- පෙ.ව. 9.00 ට ධර්ම දේශනය
- දහවල් සම්බුද්ධ පූජාව - සජීවී විකාශය
- සවස 6 - සිල් පවාරණය සහ බෝධි වන්දනාව - සජීවී විකාශය - මාබිම වලහේන ශෛලතලාරාමයේ සිට
- රාත්‍රි 8 - සිට වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය - තම තමන්ගේ නිවෙස් වල සාදන ලද වෙසක් පහන්කූඩු සහ සැරසිලි තමන්ගේ පන්තිවල සමූහ තුල ප්‍රදර්ශනය
- වෙසක් තොරණ ප්‍රදර්ශනය - ධීරානන්ද බාලදක්ෂ සමූහය මගින් ඉදිරිපත් කරන වෙසක් තොරණ ප්‍රදර්ශනය
- වෙසක් සුබ පැතුම්පත් නිර්මාණය
- වෙසක් කවි සංකල්පනා නිර්මාණ
- වෙසක් චිත්‍ර දැක්ම
Tuesday, May 5, 2020
ධීරානන්දය අද පටන් යුධ පිටියක් වන ලකුණු....
යොහාන් ඉෂාර මහතා |
අසංග සපුමල් පියරත්න මහතා |
- ලක්ෂ්මන් තිලකරත්න
Wednesday, April 29, 2020
ගුණ නැණ දෙන අන්තර්ජාල පාසල
වෙනදා ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගත්තට වඩා ආසාවෙන් දැන් දරුවෝ ඉගෙන ගන්නවා. ඒ වගේම ගුරුවරුත් ආසාවෙන් උගන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉගෙනුම් මාධ්‍යය. ඉස්සර පොතට පැනට සීමාවුන ඉගෙනීමට වඩා බහුමාධ්‍ය තාක්ෂණය සමග අපූරු අත්දැකීම් දැන් දරුවන්ට ලැබෙනවා. පාඩමක් එක්ක වීඩියෝවක් ගීතයක් පද්‍යයක් පින්තූර වගේ දේවල් ගොඩක් බැදිලා තමයි දරුවන්ට ලැබෙන්නේ. පෙල පොතේ තියන දේට ලොකු අගයක් දැන් ගුරුවරු එකතු කරනවා. අද මම බලාන හිටියා 6 ශ්‍රේණියේ නරිබෑනා කියන පාඩම උගන්වන සරත් සර්. පාඩමත් එක්කම දරුවන්ට නරිබැනා නාට්‍යයේ කොටස් නරඹන්න, ගීත රසවිදින්න වගේ අවස්ථාත් ලැබුනා. ගොඩක් ලස්සන පින්තුර ගොඩක් දකින්න ලැබුනා. ඉස්කෝලෙදි ඔය පාඩම කලා නම් පෙල පොතේ තියන අකුරු ටික විතරයි දරුවෝ දකින්නේ. ගුරුවරයාගේ කටහඩ විතරයි දරුවෝ අහන්නේ. ඒත් අද කොච්චර අගෙයිද?
අද පාසලේ ලස්සන තවත් වැඩසටහනක් තිබුනා. ඒක නම් කරලා තිබුනේ “සොඳුරු සැන්දැව” කියලා. හරියටම හවස 6 ට තමයි ඒක පැවැත්වුනේ. ගි රස වින්දන වැඩසටහනක්. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ලියපු බන්දුල විජේවිර සංගීතය සපයපු දීපිකා පීරිස් ගායන කරන අම්මා ගැන කියවෙන ගීයක්
විශේෂත්වය වෙන්නේ ඒක නෙවෙයි, මේ ගීතය විචාරය සිදුකරන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින කථිකාචාර්ය නාලක ඉල්ලෙවතුර මහතා. ඒ වගේම මේ ගීතය අපිට මිහිරි හඬින් ගයන්නේ අපේ ඉස්කෝලේ සංගීත සර්ගේ දයාබර බිරිඳ පියුමි. අපේ මායාදුන්න සර් තමයි සංගීතය සපයන්නේ. ඒ දෙය අපි හැමෝටම ගොඩක්ම දැනෙන දෙයක් වුනා. ඇත්තටම මේ වෙලාවේ ගෙවල් වල ඉන්න දරුවෝ දෙමාපියෝ හැමෝම මේ එක්ක දැහැන් ගත වෙන්න ඇති. අපේ ගෙදරට නම් හොදටම දැනුනා.
ආඩම්බරයි ධීරානන්දය ගැන. සතුටුයි ගොඩක්ම මේ කටයුත්තට පසුබිම සකස් කරන්නට වෙහෙස වුන එකට. ගුණ නැණ පිරි දරු පිරිසක් ධීරානන්දයෙන් රටට දායාද වෙනවා නම් ඒක තමයි ධීරානන්දයේ නායක හාමුදුරුවන් ඇතුලු ඇදුර මඩුල්ල අපි හැමෝගේම පැතුම
- ලක්ෂ්මන් තිලකරත්න-
- තොරතුරු තාක්ෂණ අංශභාර ආචාර්ය-
අදාල වැඩසටහන පිලිබද බ්ලොග් ලිපිය-
පාසැල් සදහා භාවිතා කල හැකි ශ්‍රී ධීරානන්ද දුරස්ථ අධ්‍යාපන මොඩියුලය
- ගුරුභවතුන්ගේ වට්ස්ඇප් සමූහයක් සකස් කර ගැනීම
- ගුරු සමූහය හරහා යොදාගත් වේලාවකදි ගුරු සාකච්ඡාවක් පවත්වා තම පිරිවෙනට ගැලපෙන ක්‍රමවේදයක් යොජනා කර ගැනීම. මේ සදහා voice massage සහ text massage භාවිතා කල හැකිය.
- තාක්ෂණික හැකියාව ඇති ගුරු භවතුන් කිහිපදෙනෙකු මෙහෙයුම් කණ්ඩායමක් සකස් කර ගැනීම
- ශ්‍රේණි වශයෙන් වට්ස්ඇප් සමූහ සකස් කිරීම සහ පන්ති භාර ගුරුවරුන් මාර්ගයෙන් එම සමූහ සදහා සිසුන් ඇතුලත් කිරීම
- සෑම කණ්ඩායමක් සදහාම අධීක්ෂණය සදහා විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති සහ මෙහෙයුම් කණ්ඩායමේ ගුරුවරයෙක් ඇතුලත් කිරීම කල යුතුය.
- විෂය ඉගැන්වීමට විෂය භාර ගුරුවරු සමූහ වලට ඇතුලත් කිරිම
- දිනකට විෂයයන් දෙකක් (උදය වරුව පැය 1 වි 30 ක් සහ සවස් වරුව පැ 1 වි30) යෙදෙන පරිදි කාල සටහනක් සකස් කර ගුරුවරුන්ට එම කාලය තුල ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට යොමු කිරිම.
- ගුරුවරුන් විසින් සිදු කල යුත්තේ ඉගැන්වීම් කාර්යයි. කොහේ හෝ ඇති පැරණි ප්‍රශ්න පත්‍ර සමූහ තුලට ඇතුලු කිරිම නොවේ. ඉගැන්වීම සදහා පින්තූර, හඬ පණිවුඩ, වීඩියෝ, වචන ආදි සෑම ක්‍රමයක්ම භාවිතා කල හැකිය. පාඩම ඉගැන්වීම, සටහන් ලබා දීම, අභ්‍යාස ලබා දීම, අභ්‍යාස සිදුකර නැවත ගෙන්වාගෙන ඒවායේ නිවැරදිතාවය පරික්ෂාකර ලබාදීම ආදිය සිදු කල යුතුය.
- මෙම පන්තිකාමර ඉගැන්වීම් ක්‍රියාවලිය බ්ලොග් අඩවියක් තුල එක් කිරීම මගින් දෛනික පන්ති වලට පැමිණිමට අපහසු සිසුනට පසුව එම පාඩම් වෙනත් දිනකදී අධ්‍යයනයට හැකිවේ.