Thursday, June 28, 2018

කොළඹ වරායේ රෑට ලස්සන


කොළඹ වාරය චෛත්‍යය හැමදාම යන්නට පුළුවන් තැනක් නෙවෙයි. වෙසක් පොහොය, පොසොන් පොහොය වගේ විශේෂ දිනවල විතරක් තමයි එතනට සාමාන්‍ය ජනතාවට යන්න ලැබෙන්නේ. මේ පොසොන් පොහොය දවසේ 

“වරාය චෛත්‍ය බලන්න යමුකෝ. අද යන්න දේවි” ඒ විහින්දිගේ අම්මා.
“ඒක නං හොද අදහසක්” හැමොම ඒ අදහසට කැමති වුනා.
පොසොන් පොහොය දවසේ හවස හය හමාරට විතර කට්ටිය ගෙදරින් පිටත් වුනේ වරාය චෛත්‍යයට ගිහින් ගෝල්ෆේස් එකටත් ගිහින් එන්න කියලා හිතාගෙන. 
පොසොන් පෝය දවස. ඒ හින්ද හැම තැනම දන්සැල්. කිලෝමිටයක් යනකොට දන්සල් තුන හතරක් හම්බෙනවා සමහර වෙලාවට. ගෙදරින් එලියට බහිනකොටම අයිස්ක්‍රීම් දන්සැල. ඒක සුමුදු සර්ගේ පන්තියේ ළමයි ටික. තව ටිකක් යනකොට බත් දන්සැලක්. මඤ්ඤොක්කා, සව්, කිරිකෝපි, සීනිසම්බල් පාන්, රොටී, තව නානාප්‍රකාර දේවල්. අපේ රටේ තරං මේ විදියට නිකං කන්ට බොන්ට දෙන රටක් වෙන කොහේවත් නැතුව ඇති.
දෙතුන් පලකින්ම එක එක දේවල් කාලා රෑ අට විතර වෙනකොට කට්ටියම වරාය චෛත්‍යය ලඟට ආවා. එතනත් මඤ්ඤොක්කා දන්සැලක්. තවත් බඩවල් වල ඉඩ තිබුන අය එතනිනුත් සප්පායම් වුනා.

කුලසිංහ කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ට ඉංජිනේරුවෙක්. කොන්ක්‍රිට් තාක්ෂණයෙන් එතුමා අතින් කෙරුන වැඩ බොහොමයි. වරාය චෛත්‍යයත් කුලසිංහල ඉංජිනේරු මහත්තයාගේ වැඩක්. ග්‍රහලෝකාගාරය, කලුතර චෛත්‍ය වගේ ඒවත් එතුමාගේ නිර්මාණ.

 නැවක් ලංකාවට එනකොට මුලින්ම චෛත්‍යයක් පෙනුනනං හොදයි කියලා කුලසිංහ මහත්තයට හිතිලා තියෙනවා. ඒ අනුව තමයි ආරුක්කු හැඩයට තියෙන කනු උඩ මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඒක ඇතුල හිස්. චිත්‍ර ඇදලා තියෙනවා ඇතුලේ බිත්ති වල. ඇතුලට යන්න තට්ටු ගානක් උඩට පඩිපෙලකින් නගින්න ඕනේ.
මේ චෛත්‍ය හදන්න මුල්ගල තියලා තියෙන්නේ 1957 අවුරුද්දේ. වැඩ ඉවර කරන්න අවුරුදු 27 ක් ගිහින්. 1985 අවුරුද්දේ තමයි විවෘත කරලා තියෙන්නේ.

මේ චෛත්‍යය ඉහලට නගින කොට වරාය බොහොම අපූරුවට පේනවා. ඒ වගේම කොළඹ නගරයේ විශාල ප්‍රමාණයක් ලස්සනට දකින්න පුළුවන්. රාත්‍රියට ඒ සුන්දරත්වය ගොඩාක් වැඩියි. ඒ දැකපු ලස්සන කැමරා කාචයේ සටහන් වුන විදිය තමයි මේ පින්තූර ටිකේ තියෙන්නේ.




ලස්සන බල බලා හිටියට වෙලාව ගැන අදහසක් කාටවත් තිබුනේ නැහැ. අන්තිමට එතනින් පිටත් වෙලා ගෝල්ෆේස් පිට්ටනියට යන්න කියලා ගියාට වාහනය නවත්තගන්න තරං ඉඩක් තිබුනේ නැහැ. අන්තිමට ගොඩක් රෑවෙලත් හින්ද ගෙදර යන්න තීරණය කලා. කොහොම හරි තවත් දන්සැලකින් රෑට කාලා තමයි කටිටිය රෑ එකොලහ විතර වෙනකොට ගෙදරට ආවේ.

5 comments:

  1. කාලයක් හොඳට රවුම් ගහපු හරියක්. දකිනකොට ආසයි.

    ReplyDelete
  2. මමත් ඔතනට ගිහින් තියෙනවා. හැබැයි හවස් වරුවක...

    ReplyDelete
  3. එහෙම තැනක් තියනවා කියලා දන්නෙත් අදයි. ලස්සනයි පින්තූර ටිකයි කතාවයි.

    ReplyDelete
  4. එහෙම තැනක් තියනවා කියලා දන්නෙත් අදයි. ලස්සනයි පින්තූර ටිකයි කතාවයි.

    ReplyDelete
  5. එහෙම තැනක් තියනවා කියලා දැනන් හිටියට.ඒක හැදුවෙ කවුද කියල දැනන් හිටියේ නෑ.ලස්සනයි පින්තූර ටික.

    ReplyDelete