Thursday, May 28, 2020

නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.


මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී.  මම බෞද්ධයෙක් විදියට පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරනකොට. අපි කවදාවත් එහෙම දෙයක් විදලා නැහැ. ලොකු පිට්ටනියක් මැද්දේ හදපු කහපාට සිවුරු වලින් වටකරපු චිතකයක තමයි අපේ හාමුදුරුවෝ නමක් අපවත් වුනාම ආදාහන කටයුතු සිද්ධ කලේ. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ ගම්පහ මහ දිසාවටම ප්‍රධාන සංඝ නායක වුනත් දේහය ආදාහනාගාරයේ ආදාහයනය කරනවා කියලා කවුරුවත්ම මොකුත්ම කිව්වේ නැහැ. ඒ අපි හැමෝම රටක නීතියට ගරු කරන නීතිගරුක පුරවැසියෝ හන්දා.
තාමත් රටේ නිරෝධානය නීති බලාත්මකයි. 100 කට වඩා එකතැනක රැස්වෙන්න දෙන්නේ නෑ. ඒක රජයේ වගේම සෞඛ්‍ය අංශ ගත්තු තීරණයක්. අපි ඒකට ගරු කරනවා.
ඒත් තොන්ඩමන් මහත්තයා? අපි දේශපාලඥයෙක් විදියට එතුමාට ගරු කරනවා. දෙමළ නියෝජිත වරයෙක් විදියට දකිනවා. ඒත් මේ වෙලාවෙ මේ කරන දේ හරිද? දේහය හැම තැනම අරගෙන යනවා. මහජන ගෞරවයට තියෙනවා. ඒ මදිවට ලොකු පිට්ටනියක මහ සෙනගක් මැද්දේ ආදාහයන කරන්න ලැස්ති කරලා. ඒ මොකද? එයාට විතරක් අමුතු සැලකිලි. අනික තොණ්ඩමන් කියන්නේ දෙමළ මිනිස්සු ගොඩක් ගරු කරන චරිතයක්. ඒ වගේ කෙනෙක්ගේ අවසන් කටයුතු වලට ඒ මිනිස්සු යන්නේ නැති වෙයි කියලා හිතනවාද? දේහය බලන්න මීටරේ තියාන යයි කියලා හිතනවාද? මම නම් මේ කරන දේවල් වලට එකග නැහැ. මොන හේතුවට කරනවාද කියලා දන්න කෙනෙක් ඉනන්නවා නම් පැහැදිලි කරලා දුන්නොත් හොදයි. මට මෙතන දේශපාලනයක් වත් ජාති ආගම් භේදයක් වත් නැහැ. ඒත් මේ කරන දේවල් අපිට තේරෙන්නේ නහැ.
මොනවා වුනත් දෙමළ මිනිසුන්ට කරන අසාධාරණයක් විදියටයි මම මේක දකින්නේ. ඹවුන්ට එකතු වෙන්නට ඉඩ දීලා ඔවුන්ට කරදරය වැටුනොත් පව්. කවුරු වුනත් මේ වෙලාවේ බොර දියේ මාලු බාන්න උත්සහ කරනවා නම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.
-        ලක්ෂ්මන් තිලකරත්න -
-        2020/05/28

3 comments:

  1. වතුකරයේ අධ්‍යාත්මික නායක ගරු ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා කියන්නේ උතුම් මුනිවරයෙක්.දුප්පතාගේ දුක දන්නා, තමුන්ගේ මුළු ජිවිතයම දුප්පත් දිළිඳු ජනතාව වෙනුවෙන් කැපකරපු උත්තමයෙක්.

    වතුරකයේ ජනතාවට ජන්ද බලය පවා ලබාදුන්නේ ඒ උත්තමයන්ගේ පවුලේ උදවිය. එම ජනතාවට සෞඛ්‍ය පහසුකම්, පාසල්, නිවාස සියල්ලම ලැබුනේ එතුමන් නිසා.

    ඉතිං එහෙම උත්තමයෙක්ගේ අභාවය වෙනුවන් කොච්චර ගරු නම්බු සහිත අවමගුල් උත්සවයක් තිබ්බත් මදි.

    අනික මේ ලිපිය ලියු ලක්ෂ්මන් තිලකරත්න කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිතවතෙක්. දේශපාලන උවමනාව මත තමයි කොරෝනා පරාජය කෙරු අතිගරු ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වක්‍රව චෝදනා කරමින් මෙම ලිපිය ලියා ඇත්තේ.

    කොරෝනා මර්ධන වැඩපිළිවෙලට හානි දායක පුවත් පළකිරීම, ජනතාව කුපිත වන, ජාති බේදය ඇවිස්සෙන ලිප පල කිරීම, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්ගේ අවමගුල වෙනුවන් අපහාසාත්මක ලිපි පල කිරීම ආදී කරුණු සම්බන්ධව අප රජයේ ඉහල බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරනා බව දන්වා සිටිමු.



    ReplyDelete
  2. මේ කතාවේ ඇත්තකුත් තියනවා.

    ReplyDelete
  3. මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.

    ==================================

    ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.

    බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
    එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.

    එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.

    දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...

    බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.

    ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

    ReplyDelete