Friday, April 3, 2020

අන්තර්ජාලය හරහා ඉගැන්වීම පිළිබද මගේ අත්දැකීම් 1

පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ බොහොම අමාරුවෙන්. ඒ ඉන්න ගමන් කල්පනා කලේ කරන්න පුලුවන් දේවල් ගැන. දරුවන්ට අන්තර්ජාලය හරහා උගන්නන්න පුලුවන් නං හොදයි කියන සිතුවිල්ල ආවේ ඊයෙ හවස. ඉතිං ඒක හිතුනම කරන දේවල් ගැන කල්පනා කලා.
දරුවො කිහිප දෙනෙකුට කතා කරලා බැලුවා මගේ අදහස ගැන. දෙන්නෙක් වැඩේට හරි. මොකද ගෙදර හොද ඉන්ටනෙට් ලයින් එකයි, ලැප්ටොප් එකයි තමයි මං බැලුවේ.
මම මුලින්ම හිතුවේ teamviewer හරහා සම්බන්ධ වෙන්න කියලා. එහෙම හිතලා ගෙදර තියෙන ලැප්ටොප් දෙකක් කනෙක්ට් කරලා බැලුවා. වැඩේ අවුලක් නැහැ. කරන්න පුලුවන් වගේ පෙනුනා.
මුලින්ම උගනන්ට ලැස්ති වුනේ දුවෙකුට. දන්නවානේ ඉතිං උසස් පෙළ උනත් කෙල්ලෝ උනහම. කම්පියුටරේ සෙටින්ස් මොනවා හරි හදාගන්න කිව්වත්, මොනවා හරි ඉන්ස්ටෝල් කරගන්න කිවුවත් ඇඹරෙන ඇඹරිල්ල. ඔන්න මෙතනත් එහෙමම තමයි. ඉතිං මොනවා කරන්නද? 10 පන්තියේ ඉන්න එයාගේ මල්ලිට කතා කරලා පොඩි මහන්සියක් වෙලා කොහොම හරි teamviewer ඉන්ස්ටෝල් කරගත්තා.  ලෙඩේ ආවේ කනෙක්ෂන් එක හදාගන්න කොට. වැඩේ කෙරෙන්නෙම නැති පාටයි. පස්සේ බැලින්නම් එහා පැත්තේ ඉන්ටනෙට් යන්නේ ඩොංගල් එකකින්. එයාටෙල් සිග්නල් කණු දෙකයි තියෙන්නේ. එකත් අඩුවැඩි වෙනවා. දෙතුන්පාරක් උත්සහ කරලා වැඩේ අතැරලා දැම්මා.


ඊළගට කලේ වෙනත් දරුවෙකුට කතා කරපු එක. ඒත් දුවෙක්. මං වෙන විදියක් කල්පනා කලා එතන්දි. දුවට chrome හරහා gmail එකකට ලොග් වෙන්න කියලා, එයාගේ මේල් ඇඩ්රස් එකත් ඉල්ලා ගත්තා. ඊළගට මමත් මේල් එකට ලොග් වෙලා hangout වලින් request එකක් තිබ්බා. මගේ මේල් ඇඩ්රස් එකත් එයාට sms එකකින් යවලා එයාට මට වීඩියෝ කොල් එකක් ගන්න කිව්වා. වැඩේ හරි. දැන් එයාට මාව පේනවා . මට එයාව පේනවා. ඒත් තව මදි. ඒ දරුවා කම්පියුටරේ වැඩ කරනවා මං බලාගන්න එපායැ. ඒකට තමයි හැගවුට් වල Screen Share තියෙන්නේ. දකුණු පැත්තේ ඉහල තියෙන තිත් තුන ගාවට ගිහින් screen share ගිහින් මුලු screen එකම share කරන්න කිව්වා. දැන් හරි එයා කරන ඕනේ දෙයක් මට පේනවා. මගේ කම්පියුටරේ ඕපන් වෙලා තියන හැම එකම දරුවා බලා ගන්න ඕනේ නැහැනේ.   තනි window එකක් ෂෙයා කලාම ඒක හරි. PowerPoint presentation එකක්, whiteboard application එකක්, තව ඕනේ නං word document එකක් වගේ තියාගන්න පුලුවන් අවශ්‍ය වෙලාවට පෙන්නන්න. Web browser එකත් ඕනේ නං පෙන්නන්න පුලුවන්. දරුවට එකක් පෙන්නන අතරේ වෙන එකක් සූදානම් කරන්න වුනත් පුලුවන්.
කොහොම හරි දැන් වැඩේ නියමෙට යනවා. දරුවන්ට පුද්ගලික මග පෙන්වීම් කරන්න මට ගැටලුවක් නැහැ.

ඊළග ගැටලුව වුනේ පොදු කණ්ඩායමකට උගන්වන එක. ඒකටත් ක්‍රමයක් හොයාගත්තා. දැන් මං පොදු කණ්ඩායම් විවෘත පන්තිත් කරනවා. ඒ ගැන ඊළග පොස්ට් එකකින් කියන්නම්. 

2 comments:

  1. ළමයි කණ්ඩායමකට උගන්නන තව විදිහක් මම හිතමින් ඉන්නවා තාම හරි ක්‍රමයක් හම්බුනේ නෑ... එක පන්තියක ළමයි 35ක් වගේ ඉන්නවා... එහෙම පන්ති 6ක් විතර තියෙනවා... මම වට්ස් අප් ගෘප් හදලා පාඩම උගන්නන වීඩියෝ එකක් හදලා දැම්මා... පස්සෙ ප්‍රශ්න ටික පී ඩී එෆ් කරලා ගෘප් එකටම දැම්මා... වැඩ ටික කරලා අහක්වෙලා කරපු එකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න තියෙන්නේ... මේ වැඩේ 100%ක් සාර්ථකයි කියන්න බෑ... වැඩ නොකරන අයත් ඉන්නවා...අනිත් එක තේරෙන්නේ නැති දෙයක් තියෙනවනන් එයාලට ඒක අහන්න වෙන්නෙ පස්සෙ... එහෙම තේරිලා නැතත් අහන්නේ නැති අය එමටයි... ලයිව් උගන්නනවා වගේ නෙමේනේ... ඒත් දැනට එකම විසදුම මේක නිසා දැනට මේකයි මම කරන්නේ..

    ReplyDelete
    Replies
    1. Microsoft Teams, Google Hangout, Zoom app, වගේ දේවල් වලින් කණ්ඩායමකට එකවැර උගන්වන්න පුලුවන්. meeting විදියට තියන්නත් පුලුවන්. එතකොට ළමයි කතා කරන ඒවා එහෙම හැමෝටම ඇහෙනවා. ටිකක් අමාරුයි ලොකු කණ්ඩායමක් කන්ටෝල් කරන්න එහෙම වුනොත්. ඒත් ළමයින්ට ප්‍රශ්න අහන්න එහෙම පුලුවන් හින්දා වටිනාකමකුත් තියෙනවා. live streaming විදියට කරන්නත් පුලුවන්. එතකොට live comments ගන්නත් පුලුවන් හැබැයි. උක්සහ කරලා බලන්නකෝ.

      Delete