Sunday, March 22, 2020

සියලු ගුරු මහත්ම මහත්මීන්ට සෙනෙහසින්...

රට අස්ථාවර වී ඇති මොහොතක දරු පරපුර අධ්‍යාපනයෙන් ඈත් වීම නතර කිරීම වෙනුවෙන් අප සැම ක්‍රියාත්මක විය යුතු මොහොත එළඹී ඇත. එය ගුරුවරු වන අපගේ ජාතික යුතුකමකි. මේ වන විටත් විශාල ගුරුවරුන් පිරිසක් තමනට හැකි අයුරින් ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටී.
ඔබට මේ ලිපිය කියවීමට ලැබුනේ නම්, ඒ කටයුතු වෙනුවෙන් ඔබගේ සක්‍යතාව ඉහළ මට්ටමක පවතී.
රජය මේ වෙන විට නිවසේ සිට වැඩ කිරීමේ කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එසේම ඒ කාලය සදහා අපගේ වැටුපද ගෙවනු ලැබේ. එහෙම නම් අපි වගවීමෙන් එය සිදු කළ යුතු වෙනවා නේද?
දරුවෝ ඉන්නේ අපිට ගොඩක් ඈතින්. ඉතිං ඒ දරුවන් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුලුවන් වැඩ? අඩුම තරමේ එක දරුවෙකුගේ වත් වැඩට උදව් වෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් වේවි.



 පින්තූරය- www.shutterstock.com 

අපිට කල හැකි දේවල්..
1. දරුවන්ට දුරකතන ඇමතුම් ලබා දීම. - දරුවන්ට දුරකතන ඇමතුම් ලබා දීලා පාඩම් වැඩ අමතක කරන්න එපා කියලා කියන්න පුලුවන්. ඒක එයාලට උත්තේජයක් වෙනවා. දෙමාපියන්ට වුනත් ඒක ලොකු උත්තේජයක් වෙනවා. “ටීචර්ට කතා කරලා කියනවා. පාඩම් කරන්න” කියලා හරි දෙමාපියෝ එතකොට දරුවෝ වැඩේ යොදවාවි. මේක හැම වෙලාවෙම ඕනේ නැහැ. එක දරුවෙකුට එක දුරකතන ඇමතුමක් වුනත් ලොකු වෙනසක් කරන්න පුලුවන්. හැමදාම කතා කරලා පාඩම් කරන්න ඕනේ දේවල් ටිකත් කියලා කලින් දවසේ කල වැඩ ගැනත් විමසන්න පුලුවන් වගේ නම් ගොඩක් ලොකු දෙයක් වේවි. මේ වෙනකොට තමන් ගාව එක දරුවෙකුගේ හරි අංකයක් තියෙනවා නම් ඒකට කතා කරන්න පුලුවන්. ඒ දරුවගෙන් තව දරුවෝ දෙතුන් දෙනෙක්ගේ නොම්බර ඉල්ල ගන්න පුලුවන්.
2. SMS පණිවුඩ යැවීම - බොහෝ ගුරුවරු ලග තමන්ගේ පන්තියේ දරුවන්ගේ දුරකතන අංක තියෙනවා. ඒවාට දිනපතා පාඩම් SMS මගින් යවන්න පුලුවන්. පන්තියටම එකම පණිවුඩය යවන්න මේ ක්‍රමය ගොඩක් හොදයි.
3. e-thaksalawa සදහා දරුවන් යොමු කිරීම - අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa වෙබ් අඩවියේ විෂයන් විශාල ප්‍රමාණයක පාඩම් වීඩියෝ පාඩම්, ක්‍රියාකාරකම් ආදී ලෙසින් ඇතුලත් කරලා තියෙනවා. අපිට පුලුවන් අද දවසේ පාඩමේ සබැදිය SMS මගින් පන්තියේ දරුවෝ හැමෝටම යවන්න පුලුවන්. උදාහරණයක් විදියට grade 10 mathematics – ada dawase padama ht tps:// yout u .be/ BdRrVEWbNaY haraha narabanna කියලා යවන්න පුලුවන්.
4. සමාජ ජාල තුල සමූහයක් සාදා ගැනිම - whatsup , masenger, viber වැනි සමූහයක් සාදාගැනීම කරන්න පුලුවන්. දෙමාපියන්ගේ දුරකතන අංක හරහා මේක කරන්න පුලුවන්. දැනටමත් එවැනි සමූහ ක්‍රියාත්මක වෙන පාසැල් පන්ති ඕනේ තරම් තියෙනවා. අපිට පුලුවන් දවසට අභ්‍යාසයක් ඒ සමූහයට යොමු කරන්න. කඩදාසියක ලියලා පින්තූරයක් අරන් ඒක Group එකට දැම්මත් වැඩක් වෙනවා.
5. Facebook භාවිතය - ගොඩක් ගුරුවරු facebook භාවිතා කරනවා. එයාලට පුලුවන් මේ වෙලාවේ තමන්ගේ wall එක පන්ති කාමරය කරගන්න. පාඩම් මාලා එතනට යොමු කරන්න. දෙමාපියෝ ඒවා දරුවන්ට දෙන්නට පෙලඹීමක් ඒ හරහා ඇති කරන්නට පුලුවන්. තවත් කෙනෙකුට පුලුවන් FB live භාවිතා කරලා දවසකට පොඩි පාඩමක් කරන්න. කරලා බලන්න. අනිවාර්යයෙන් රටේ කොහේ හරි ඉන්න දරුවො කීප දෙනෙක් හරි ඒක බලලා තියේවි.
6. තමන්ගේම youtube නාලිකාවක් ආරම්භ කිරීම - තරමක් සංකීර්ණ වැඩක් වුනාට කරන්න පුලුවන්. කරන ගුරුවරුත් ඉන්නවා.
7. E-mail භාවිතා කිරීම - පැවරුම් අභ්‍යාස ලබා දීමට ගෙන්වා ගැනීමට භාවිතා කරන්න පුලුවන්.
මම මේ ලිව්වේ මට තේරුන දේවල් ටිකක්. තවත් ක්‍රම සහ විධි ඔබට තේරිලා තියෙන්න පුළුවන්. ඔබ භාවිතා කරනවා වෙන්න පුලුවන්. ඒවගේ දේවල් තියෙනවා නම් ඒවාද මෙයට එකතු කරන මෙන් ඉල්ලා සිටිනවා.
සමාජය තුල අවදානමක් පවතින මොහොතක අපේ වගකීම වගවීමෙන් ඉටු කරමු.
තෙරුවන් සරණයි
- ලක්ෂ්මන් තිලකරත්න -

No comments:

Post a Comment