Monday, January 6, 2020

ගාමිණි මාමාගේ වතුර ප්‍රශ්නය

අපේ දුකට සැපට ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ගාමිණී මාමාය. පහුගිය දවස් වල දවස් දෙක තුනක් වතුර කැපුව හින්දා අපි හැමෝම ලොකු අමාරුවක වැටුනා. ඒ හින්දා තමයි ගාමිණී මාමා එයාලා ගෙදරට නළ ලිඳක් කපා ගත්තේ. නළ ලිඳ හදපු කොම්පෙනියෙන් ටැංකියේ අඩු වුනාම මෝටරේ වැඩ කරන්නත්,  වතුර පිරුනම මෝටරේ නතර වෙන විදියට ගැජට් එකකුත් හයි කරලා දීලා ගිහින් තිබුනේ.
ඒත් වැඩේ වුනේ ලිදේ වතුර ටැංකිය පිරෙන්න මදි වෙන එක. ටැංකියෙ පිරෙන්න කලින් ලිඳේ වතුර ඉවර වෙලා මෝටරේ නිකං දුවන්න ගන්නවා. ඹ්කට උත්තරයක් නැති තැන වුනේ, පැයෙන් පැයට විතර මෝටරේ දාලා ලිදට ටෝච් එක ගහගන බල බලා ඉදලා වතුර ඉවර වෙන කොට මෝටරේ වහන එක. ඹ්ක ඉතිං කොරන්න පුලුවන් වැඩක්යැ.
මට ඒක දකින කොට මතක් වුනේ අපි දරුවන් එක්ක කතා කරන තාක්ෂණික උපකරණ. මේකට පොඩි උත්තරයක් නේ තියෙන්නේ කියලා. මම කලේ Arduno බෝඩ් එකක් ජල සංවේදකයක්, රිලේ එකක් වගේම කන්ටැක්ටරයක් අරගෙන පොඩි ගැජට් එකක් හදපු එක.




Arduno බෝඩ් එකේ තියන IC එක අපිට ඹ්නේ විදියට ප්‍රෝගැම් කරන්න පුලුවන්. ඒ විදියට ප්‍රෝගැම් කරන්න පුලුවන් Pin 14 වගේම අදාන ගන්න පුලුවන් Pin සහ තවත් pin කීපයක්ම මේ බෝඩ් එකේ තියෙනවා. ප්‍රෝගැම් කරන්න තියෙන්නේ පරිගණක භාෂාවෙන්. ඉතිං මං පොඩි ප්‍රෝගැම් කෑල්ලක් ලිව්වා.
ඒක වැඩ කරන විදිය ගැන කරපු පුංචි වීඩියෝවක් මේ තියනේනේ. 





ඒ හදපු එක එක දිගට වැඩ කරනකොට පොඩි පොඩි අවුල් වෙන්න ගත්තා. සංවේදකය එක දිගට ක්‍රියා කරන කොට එහෙම වෙන්න පුලුවන්. පස්සේ කොඩ් එක ටිකක් සංකීර්ණ කරලා ලිව්වා. අවශ්‍ය වෙලාවට සංවේදකයට විදුලිය සපයලා තත්පර 2 කින් සංඥාව ලබාගෙන සංවේදකය ක්‍රියා විරහිත කරන්න. මේ තියෙන්නේ දෙවෙනියට ලියපු කෝඩ් එක.



කොහොම හරි දැන් සිස්ටම් එක ලස්සනට වැඩ කරනවා. ඔන් ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් උත්තර හොයාගන්න උත්සහ කරන්න. බැරිනං කියන්න. අපි උත්සහ කරමු අපිට තියන ප්‍රශ්න අපිම විසදා ගන්න.

1 comment:

  1. Do you realize there is a 12 word phrase you can tell your man... that will induce deep emotions of love and instinctual attractiveness to you buried inside his heart?

    Because hidden in these 12 words is a "secret signal" that fuels a man's instinct to love, treasure and guard you with all his heart...

    12 Words Who Fuel A Man's Love Response

    This instinct is so hardwired into a man's genetics that it will make him work better than ever before to to be the best lover he can be.

    Matter-of-fact, fueling this dominant instinct is so binding to getting the best possible relationship with your man that the moment you send your man one of these "Secret Signals"...

    ...You'll instantly notice him open his mind and soul to you in such a way he's never experienced before and he'll see you as the one and only woman in the world who has ever truly interested him.

    ReplyDelete