Thursday, December 26, 2019

වීදි දැරිය



හිරුගේ තද රැසින් හිස මගෙ                කකියනවා
නිරුවත් දෙපා පොඩි පාරට දිය                 වෙනවා
අහරක් නොමැති ගත මාගේ                වෙවුලනවා
මළ කෑ ටින් කබල තවමත්                 වේලෙනවා

කුසගිනි දැනේ මහමෙරුවට වඩා                  මට
නැග එයි මවුගෙ මතකය දුක්             නසන්නට
කඳුලැළි වැටුණි නෙතඟින් මවු නැති           දුකට
යන්නට සිතුනිදෝ තනිකම දීලා                   මට

වීදියෙ කෙළවරේ නුග ගස සෙවණ              යට
තනිකම තුරුලෙ උණුසුම් වෙමි              සීතලට
මවකගෙ තුරුලෙ උණුසුම හිමි නැහැනෙ     මට 
මා දැක නොම යන්න අඳ මිනිසෙකු        ලෙසට  




3 comments:

  1. විහින්දිටයි තාත්තාටයි: අන්න මම කිමිදීම ගැන ලියන්න පටන් ගත්තා. උනන්දුනම් ඇවිත් බලන්න!

    ReplyDelete
  2. Lovely blog, thanks for taking the time to share this.

    ReplyDelete