Wednesday, August 7, 2019

රියදුරුට නොපෙනෙන පාර




ගොඩක් වෙලාවට අනතුරක් වුනාම හැමෝම කරන්නේ රියදුරාට දොස් කියන එක. ඒත් මං නං කියන දේ තමයි කිසිම රියදුරෙක් අනතුරක් කරන්න කියලා රිය ධාවනය කරන්නේ නැහැ කියන එක. නීති කඩ කරමින් ධාවනය කරනවා කියන්නේ නම් බරපතල වරදක් තමයි.

අද කියන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වාහනයක් පදවන රියදුරෙකුට නොපෙනෙන තැන් තියනවා කියන එක ගැන.
මට මෙහෙම දේවල් වෙලා තියනවා. පැති කණ්ණාඩියෙන් දකුණු පැත්තෙ පසුපස බැලුවම කිසිම වාහනයක් නැහැ. ඒ හින්දා දකුණට හරවන්න හරි ඉස්සරහ වාහනයට ඉස්සර කරන්න හරි හදන කොටම කණ ගාවින්ම විදගෙන වාහනයක් ඉස්සර කරනවා. මට හොදටම බැනගෙන.  ඉතිං මං කණ්ණාඩියෙන් බැලුවනේ. වාහනයක් තිබුනේ නෑනේ. එහෙම වෙන්න පුළුවන්ද?ඇත්තටම පුළුවන්.
මේ පින්තූරය බලන්න.

පින්තුරයේ වාහනයේ රියදුරුට පැති කණ්ණාඩියෙන් පෙනෙන පරාසය තමයි කහ පැහැයෙන් දක්වලා තියෙන්නේ. ඊට එහායින් තියන අදුරු කලාපය රියදුරුට පෙනෙන්නේ නැහැ. රතු පැහැති වාහනය කොහොමත්ම රියදුරුට පෙනෙන්නේ නැත්තේ එය ඔහුට පසුපසින් තියෙන නිසාත් පැති කණ්ණාඩියෙන් පෙනෙන සීමාවේ නොවන නිසාත් කියන කාරණා දෙකම නිසයි. 

රියදුරෙකුට නොපෙනෙන ඉදිරිපස කලාපයකුත් තියනවා.පින්තූරයේ රතු පැහැති මගියාව රියදුරුට පෙනෙන්නේ නැහැ. ඔහු පදික මාරුවක් හරහා යනවා වෙන්න පුළුවන්. එහෙම වුනොත් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ඒ හින්දා පදික මාරුවකින් යන මගීන්ගේ වගකීමක් වන්නේ ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට තමාව දර්ශනය වුනාද කියන එක ගැන අවධානයකින් පාර මාරු වෙන එකයි. එහෙම නැතිව අනතුරකින් වෙන දේ කිසිම විදියකින් යථා තත්තවයට පත් කරන්න බැරි දෙයක් වෙන් පුළුවන්.
පසුපස නොපෙනෙන කොටස බලා ගන්න නම් රියදුරාට පොඩ්ඩක් බෙල්ල හරවලා ඒ පැත්තත් බලන්නම වෙනවා.මේ ටික දැන ගන්න එක වාහන පදවන අයට වගේම පාරේ ගමන් කරන අයටත් හොදයි. ඒකයි මෙහෙම ලියන්න හිතුනේ.


2 comments:

  1. ඕකට එක විසදුමක් අර සුට්ටන් blind spot mirror එකක් පැති කණ්ණාඩියේ අලවන එක.
    A pillar වගේම තව B සහ C pillar තැනුත් blinds pot.ඔය මරාල වලට එකම බේත මීටරයෙන් රිය පැදවීම.
    වාහනයේ යන අයත් රියදුරු මහත්තයගේ අවධානය නොබිඳ ඉන්න දැනගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි, පාරෙ යන අයත්...

      Delete